රාජ්‍ය අනුග්‍රහය මත පිහිටු වූ සිංහල සඟ සසුන ට රාජකීය අනුග්‍රහය වීරහිතව ‘ස්වීය‘ පැවැත්මක ට මඟක් නොවිය.



එහෙයින් සඟ සසුන හැම විටම ලාංකික රාජ දේශපාලනය මත දෝලනය වූ සංස්ථාවක් වූහ.

එමෙන්ම පෙරළා ලාංකික රාජ්‍ය දේශපාලනය ද සඟ සසුනට අනුරූපව දෝලනය වන ආකාරය අපුර්ව ද්වි බන්ධනයකි. ඒ අනුව ක්‍රි.ව පළමු සියවස අග භාගයේ දී සිංහල සඟ සසුන නිකාය වශයෙන් බෙදී යාමේ ආරම්භය සටහන් කරයි.

 

මෙම නිකාය භේද යෙහි බීජුවට පවා රාජ්‍ය දේශපාලනය සමඟ අතිනත බැද ගත්තක් විය. මහා විහාර සිරිතට පටහැණිව අභයගිරි සිරිත බිහි වීමත් සමඟ ලාංකික බල දේශපාලනයේ ප්‍රධාන දහරාවන් ද ඒ ඔස්සේ ගොනු විය. මහා විහාරය ද, අභයගිරිය ද අපිරිමිත රාජ්‍යනුග්‍රහයෙන් පෝසත් වනු දුටු යතිවර පෙළක් ඒ මඟ සෘජුව විවේචනයට බඳුන් කර නව සාසන සම්ප්‍රදායක් බිහි කළහ. ඒ වනවාසී සම්ප්‍රදායය.

 

මහාවිහාර වාසීන් මෙන්ම අභයගිරිවාදීන් ද පිළිවෙතින් නිසරුව, ආත්ම ලාභය සහ ලෞකික බල උවමනාවන් සමඟ බැඳුණු පිරිසක් ලෙස වානවාසිහු විවේචනයට පාත්‍රා කළහ. ස්ව විමුක්ති සාධනය උදෙසා වූ පැවිද්දට ම කැපවීම අරමුණූ කොට වනවාසීන් බිහිවිය. ඒ තුළ අතුරු ධාරාවන්ද බොහෝ විය.

මේ දහරා සියල්ල වෙතින් බලගතු මතවාදී නැගිටීමක් සිදු වන්නේ පැරනි සංඝ ධූරාවලිය බලගතු විවේචනයට පාත්‍ර වෙමින්ය.

වනවාසී සඟුන්න්ගේ මතවාදී පහර දීම හමුවේ රාජ බල ලෝලයෙන් බලගතුව සිටි සඟ පන්තිය සැලී ගියේය. එය වනවාසය ග්‍රාමවාසය නමින් ජනප්‍රිය බෙදීම් කාණ්ඩයකට ලක් සසුන විභේදන වන්නට හේතු නිමිත්ත සපන්නේය.

 

මෙකල්හි මෙන්ම එකල්හි ද වනවාසී මහා තෙරුන් වහන්සේලා හුදි ජනයාගේ මහත් වූ ගෞරවයට බඳුන් වූහ. වෙසසින් ම නාගරික පංතිය එම භික්‍ෂු සමුහයා වෙත නිබඳව ගෞරව සත්කාර දක්වන්නට වුහ. ක්‍රමිකව ගලා ගිය වනවාසී සම්ප්‍රදාය කල්යත් ම බලගතු භික්‍ෂු සංස්ථාවක් බවට පත්වූහ.

 

අනුරාධපුරයෙන් පොළොන්නරුව ට රාජධානිය ගමන් කිරීමත් සමඟ දක්නට ලැබෙන විශේෂත්වයකි. එ වනවාසී මහ තෙරුන් වහන්සේලාගේ රාජ්‍ය දේශපාලන නැගිටීම ය. උන්වහන්සේලා කෙතරම් බලගතු දේශපාලන තීරණයක් ගත්තේ ද යන්න පළමුවන විජයබාහුගේ පුත් වික්‍රමබාහු කුමරුට උරුමව තිබු රාජ්‍ය පදවිය සංඝ බලය යොදා අහිමි කිරීමෙන් ප්‍රකට කෙරෙයි.

ඉන් නොනැවතී ශුද්ධ වු බුදු වදන් සුරක්‍ෂිත කිරීමට නිකාය බෙදුම් වලින් විනිමුක්ත ථෙර සම්ප්‍රදායක් සඳහා මතවාද හසුරුවන්නට ද වූහ. එම මතවාදය රාජ්‍ය බලයෙහි ගාමක ප්‍රවේශය කීරිමට තරම් උන්වහන්සේලා රාජ්‍යය බලය විෂයෙහි සවිඥාණිකයෝ ද වන්නෝය.

 

නාගරික භික්‍ෂුව බල දේශපාල අගතියෙන් කෙලෙසී ව්‍යාජ පැවිද්දන් වී ඇති බවත් එයින් මිදී නිර්මල සාසන පුත්‍ර සම්ප්‍රදායකට මඟ පැදීම තම ව්‍යායමයැයි කී උන්වහන්සේලාටත් අවසානයේ බලය සොයන්නට සිදු වූයේය.



මහා විහාරීය අභයගිරික සහ ජේතවනීක ලෙස ගලා ගිය සිංහල සඟ සසුන තුළ ඉන් ඔබ්බෙහි නව සම්ප්‍රදායක් බිහි  කිරීමට තරම් වනවාසීන් බලවත් වූවෝය. පැරණි සිද්ධාන්ත සහ සංකල්ප වලින් බලය සොයා ගිය රාජ කුමාරවරුන්ට සිංහල රාජ්‍යය යළි ඒකචත්‍ර කිරීම මහත් අභියෝග වලට මුහුණ දීමට සිදු වු කාල පරිච්ජේදයක් වුයේ පොලොන්නරු රාජධානියේ ආරම්භක අවධිය.

මෙහි දී සංඝ සාමග්‍රීය ඇති විට ගිහි සමාජයේ සමඟිය ඇතිවන බව වනවාසි තෙරුන් වහන්සේලාගේ මතය වුහ. ඒ අනුව වනවාසී මහ සංඝයා එකතුව නිකායයන් අහෝසි කොට විනය විචාරා සසුන ශෝධනය කිරීමේ ජාතික කෙටුම්පත සකස් කළහ. ඒ ක්‍රි . ව. 1128 දී පමණ දිඹුලාගල මහ ආරණ්‍යයේදීය. ඒ රට මහත් බේදභින්නව වියවුලෙහි ගිලී තිබු සමයකි.

මහා පරාක්‍රමබාහු

 

එවිට පරාක්‍රමබාහු කුමාරයා දොළොස් වියැති හිරිමල් වියේය. මේ ගැටවරයා වනවාසී මහසඟුන්ගේ සංඝ ආඥාවේහි බලගතු බව දුටුවේය. ඒ අනුව සිංහල රජ සිරිතට ප්‍රවිශිෂ්ට වීමට පිටස්තරයකු වු පරාක්‍රමබාහු කුමරු දුරතියා මෙම නව ප්‍රවණතාවය ග්‍රහණය කර ගත්තේය. බලගතු ඒකචත්‍ර රාජ්‍යයක් බිහි කළ මහා පරාක්‍රමබාහු ආගමනයේ සත්‍ය නිමිත්ත මෙයය.

 

මහා පරාක්‍රමබාහු සිදුකල බොහෝ දේ පිළිබඳ අපට ද මවිතයක් නැත. මන්ද ඔහුට පූර්වීකයන් කළ බොහෝ දේ ඔහු ද සිදු කළේය. නමුත් මහා පරාක්‍රමබාහු සිදු කළ මවිතය නම් නිකාය භේදය තහනම් කොට විනය විචාරා සසුන ඒකමිතික කොට සාමග්‍රීයට පත් කිරීමය.

 

ඒ තුළ සඟ සසුන තුළ වු ප්‍රජාතන්ත්‍රීය ව්‍යුහයන් වැනසී ගිය බවට මතවාද බොහෝය. නමුදු බරපතල මතවාදි දර්ශනවාදී මෙන්ම දෘෂ්ඨි ගතිකව, භේද බින්නව, දේශපාලන අගතියෙන් ව්‍යාකූලව තිබු සිංහල සඟ සසුන “ශෝධනය“ මහා පරාක්‍රමබාහු අන් රජ දරුවන් අභිබවා නැගි සිටින ප්‍රධාන හේතුවයි.

 ඔහු රාජ්‍යත්වය කරා ගෙන ඒමේ නිමිත්ත වුයේ ද මේ අදහසමය. මහා පරාක්‍රමබාහු වනවාසී මහ සඟුන් වහන්සේලා නිබඳව ආරක්‍ෂා කොට රැක ගත් අතර, තම පිළිවෙත් සරු පැවිද්ද තුළ උන්වහන්සේලාට තිබු මහජන කීර්තිය උන්වහන්සේලා මහා පරාක්‍රමබාහු රජු වෙනුවෙන් ද භාවිතා කළහ.



කෙසේ නමුත් මහ විහාර අභයගිරි සහ ජේතවනාරාමය විභේදන අතරින් මතුව පැතිර ගිය වනවාසී හු සිංහල සඟ සසුනහි නිකාය භේදය නිමා කළහ. නමුදු මෙහි සරදමක් වේ. මහවිහාරීය අභයගිරික සහ ජේතවනාරාමීය ලෙස රාජ්‍ය බලයෙහි ලොල්ව පැටලීම විවේචනයට බඳුන් කොට ඒ මගින් මිදී ස්ව ආත්ම විමුක්තිය සක්ෂාත් කර ගැනීම අරමුණු කොට බිහිවු වනවාසීන්ට ද මහවිහාර, අභයගිරි සහ ජේතවනාරාම මහා සඟුන් වහන්සේලා ගිය මඟම වැඩමවීමට සිදුවීමය. එනම් ස්ව පැවැත්ම අනුකූල කරගැනීම උදෙසා රාජ්‍ය බලයට එක් විමය.



කෙසේ නමුත් පෙර මහවිහාර, අභයගිරි, ජේතවනාරාම සම්ප්‍රදායන්ට වඩා වනවාසින් නීර්මාණශීලි පෙරටුගාමි කාර්යයක් සිදු කළේය. එනම් විනය අගපත් කොට දර්ශනය කෙටුම්පත් කොට ඒ සඳහා රාජ්‍ය බලය ගොනු කිරීමය. වනවාසී මහ සඟුන් වහන්සේලා ස්වමතවාද රාජ්‍ය තුළම තහවුරු කළෝය. එය සියළු නිකාත්‍රයන් සහ ගිහි සමාජය වෙත මගහැර යා නොහැකි, දැඩි විවේචනයට බඳුන් කළ නොහැකි මඟක් වුයේය.

එමෙන්ම වනවාසී මහා සංඝයා වහන්සේලා සතු මහා අනුහස වුයේ රාජ්‍ය නායකයා දමනය කිරීම විෂයෙහි උන්වහන්සේලා දැක්වු පෝසත් භාවයය. එයට කදිම උදාහරණය එවකට දෙවන ගජබාහු රජු යටතේ පැවැති පොළොන්නරු රාජධානිය ලබා ගැනීමට සියලුු හැකියා තිබියදී වනවාසි මහ සඟුන්ගේ කීමට අවනතව මහා පරාක්‍රමබාහු රාජ්‍ය බලය ලබා නොගෙන ඉවසා සිටීමෙනි. එමෙන්ම පරාක්‍රමබාහු කුමරු රජු වු කල සිදු වු බුරුම රාජ්‍ය ආක්‍රමණය මහා සංඝයාවහන්සේලාගේ ඉල්ලීම පිට නතර කිරීම ද ඒ බව වඩාත් තහවුරු කරයි.

 

වනවාසී සම්ප්‍රදාය පැතිර ගලා යාම පිළිබඳ අතීත කතාව එලෙසය. මෙහිදි වඩාත් වැදගත් නිමිත්ත රාජ්‍ය අනුග්‍රහය අතැර සිංහල සසුනට පැවැත්මට නොහැකි වුයේ මන්ද යන්නය.

 

මහා පරාක්‍රමබාහු රජතුමාගේ මහා සංඝ ශෝධනය සසුන සමඟි කළ ද ඉන් වසර තුන්සිය පනහක් ගතවු තැන රාජ්‍ය අනුග්‍රහය නොමැතිව සසුන අභාවයට ගියේය. එයින් පැහැදිලි වනුයේ මහ සඟුන් සමඟි වුව ද රාජ්‍ය අනුග්‍රහය නැති කල්හි සසුන විසිර යන බවය. රාජ්‍ය සරණ හැර සසුනට පැවති හැකි මාවතක් සඳහා රාජ්‍ය බලය අත්හල යුතුය.

 

සෞඛ්‍ය උපදෙස් අනුව රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලයේ දී

සත්‍යය නම් රාජ්‍ය බලයට සසුන අතහැර ද සසුනට රාජ්‍ය බලය අතහැර ද පැවතිමට නොහැකි බවය. මන්ද මහ මිහිඳු හිමි සසුන ප්‍රතිෂ්ඨාපනය කළේ රාජ්‍ය බලය තුළය.

 

ඒ රාජ්‍ය බලය විසින් ආධ්‍යාත්මික බලය පෝෂණය කිරීමේ රාජ්‍ය ධර්ම නියාමය අනුවය. නමුඳු බලය අතහැර දැමු ශාසන සම්ප්‍රදායක් නම් ඇවසිය. මන්ද එකල්හි රාජ්‍ය බලය සමඟ ගනුදෙනු කළේ මහ රහතුන්ය. පිළිවෙත් පිරු මහ සංඝ නේතෘන්ය. මෙකල්හි ඒ මග වැඩ ඇත්තේ භගවත් ශ්‍රමණ ශ්‍රාවකයන් ය. ඔහුහු ශාවකයන් මිස ධර්මදරයන් වහන්සෙලා නොවන්නේය.

 

භික්‍ෂුත්වයේ අටෝපයෙන් සැරසී ඇතද ඥාණ ශිල තපෝ වෘද්ධ වත්පිලිවෙතින් තොරය. සාටෝප සඟුන් සසුනද දේශපානයද අල්ලා ගන්න තැනට පත්ව ඇත. අවසානයේ ග්‍රාම වාසයත් වනවාසයත් දෙකම තුල මෙම අගතිමාවත උතුරා ගලායමින් ඇත්තේය ඊටම සරිලන බොල් ගිහියන් සාටෝප පාට සඟුන්ගේ වටවන්දනා කරුවන් වී ඇත.

 අවසානයේ වනවාසි සඟුන් වහන්සේලාගේ උදාර සසුන් වෑයමත් තුල බිහිව ඇති මඟළුලලාභියෙන් නැත. අරමද අරණද වෙනසක් නැතිව පාපාට බුද්ධාගමක් තනා ගිහියන්ව රවටමින් ඇත. ගිහියාද තමාට සරිලන කුහක කම වසා ගන්නට අරමද අරණද හිස් පුස් අරුමෝසම් බුද්ධාගමකින් තබා අවසන්ය.


Sujith 2021සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
කියවන්න - හදාරන්න : ලේඛකයාගේ වෙනත් ලිපි




ප්‍රඥා සිහින යාමය -(වායාම 14) - සුජිත් අක්කරවත්ත


නන්දි මිත්‍රගේ පුරුෂ ලිංඟය (වායාම 12) - සුජිත් අක්කරවත්ත

පැවිදි ප්‍රේමය (වායාම 11) : ලක් සසුන් ඉතිහාසයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පූජා කළ මුල්ම භික්‍ෂුව
 
වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න


THE  LEADER  TV
 
 
 

 පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන

 

 

පවුලේ අවුලක්! | Gossip

 

 
 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්