“මෙහෙණවර වංශය” මහා වංශයෙන් උපන් අතුරු වංශයකි. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ සිරිලක වැඩම කරන විට මෙහි සැපත් සංඝමිත්තා මහරහත් උත්තමාවියගේ ගිහි කල සැමියාගේ පරපුරෙන් මෙම වංශය ජනිත
වන්නේය. සූර්ය ගුප්ත කුමාරවරු සේ විරාජමාන මේ රාජ වංශය සූර්ය රාජ පෙළපත සේ මහාභාරත වංශ කතාවේ ඉහළින් ලියවී ඇති රාජ සම්මානිත ප්‍රභූවරුය. පසු කලක ගුප්ත රාජ වංශය ලෙස විහිදී පැතිරි යන්නේ මෙ වංශවතුන්ය.
 
සිරිලක සැපත් වු බෝධිගුප්ත පරපුරේ ලාබාලතමයා වූ ජතින්ධර ගුප්ත ආලෙන් වෙලෙන්නේ සංඝමිත්තා මහා රහත් තෙරණිය සෙවණේ මහණ දම් පිරූ තෙරණියකටය. මහමේඝ උයන් මල් තලාවේ රාග සුව වින්දනය කළ මේ ආල යුවල ඒ නිසාම නව රාග සිරිතක් සිංහලයට එක් කරන්නේය. ඇයගේ කුසට පැමිණ සිටි සූර්ය කුමර ජානය එතැන් පටන් මෙහෙණවර වංශය සේ හැඳින්වෙන්නේය.
 
415205 341473525924547 411241431 o
                                           
 
එදා පටන් ලක් රාජ අන්දරය ඔපත්වත් කළ මෙකී වංශය ලක් සිහසුන උරුමකර ගැනීමට කල් එනතුරු ඉවසිල්ලෙන් බලා හිඳියෝය.
 
එනිසා සෑම සිංහල රජ දරුවෙකුම මෙහෙණවර වංශයේ කුල කුමරියකට පෙම් කර තම බිසෝ මඩුල්ලට එක් කර ගත්තේ මේ නිසාය. එනමුත් මෙහෙණවර වංශයට සෘජුව රජ කිරුළ හමුවීම ඒ නිසා වැළකී තිබිණි.
 
කාලය ගෙවී පොළොන්නරුවෙන් රට ඇද වැටෙන්නේ සියලු රාජ ප්‍රභූ වංශවල පුරුෂ කුමරුන් මාඝගේ සංහාරයට ගොදුරු වෙමිනි. ඒ එවිට දඹදෙණි රයිගම හරහා කෝට්ටේ කරා සංක්‍රමණයව සිටි මෙහෙණවර වංශයේ අවසන් ජානය වුයේ කුල කුමරියකි. ඈත තෙමේ “සුනේත්‍රා“ ය.
 
සුනේත්‍රා දේවිය ලක් ඉතිහාසයට මහ චරිතයක් වන්නේ ඈ පුත් කුමරු නිසාය. ඒත් ඈ තෙමේ කිරුළට උරුම කී රාජකුමරිය වීමටත් වඩා වැදගත් පුවත වන්නේ සිරිලක පැවති පුරාණ රාග සිරිතකට යළිත් නිර්භයවම පණ දුන් ස්ත්‍රී කුමරිය නිසාය. සිංහල සිරිත රාග සිරිත් හතකින් විසිතුරුය.
 
සත් රාග සිරිතම පුරන්නට වරම් තිබු අතීත සිංහල බෞද්ධ සමාජය පූර්ණ නිදහස “සිරිත” නම් වූ විනය භාවිතයෙන් සීලවන්ත කර ගත් ජාතියකි. ඒ ජාතික සිරිත කෙලෙසි සිංහලයා පසු වන්නේ සිල් වෙනුවට වල්කම් කරමිනි.
 කොහොම උනත් සත් රාග චාරිත්‍ර අතර ඇති නිදහස්ම රාග සිරිත වුයේ “රුකුලේ පැදිල්ල” ය. රුකුලේ පැදිල්ල නම් වන අඩවියේ වන වදුලක නිදහස්ව හමුවන ආල බැඳීමක  රාග කෙළවරය.
 
බොහෝ එෛතිහාසික වීර සූර ධීර ලක් පුතුන් සමූහයක් තම මව් කුසට පිවිස ඇත්තේ මෙසේ තම පියමව් දෙපළ රුකුල පැදිල්ලේ රාග වත පුරන කලය. එයින් වැදගත්ම පුත්‍රයා වන්නේ රුකුලේ කුමාරයාය. ඒ  රුකුළේ ඉපදී ලක් සිහසුන අත්පත් කරගත් ප්‍රථමයා සහ එකම සිරිත ඔහු නිසාය.
 
සුනේත්‍රා දේවිය තම රාග සිරිත ප්‍රාර්ථානවෙන් දියවන්නා වන අඩවියට පිවිස කල රුකුලේ පැදිල්ලට වරම් ලැබ ඒ වන අඩවියේ රාග සුව සොයමින් උන්නේ මලයාලම් කුමරෙකි. නන්ද්‍ර ප්‍රභා වර්ෂ නානස්වාමි මානාභරනට නිල් දිය කඩිත්ත වෙරැස්ගඟ සිඹින පැපිලියානේ වන දොරටුවේ දී ඈ හමුවේ. වෙරැස් දිය නදියේ වන වදුලක මල් යහන තනා දෙදෙනා බැඳී ගිය අතර ඒ ආල රාගයෙන් උපන් කුමරු රුකුලේ කුමරුය.
 
ලක්බිමේ ශේෂව සිටි අවසාන උභය පාරිශූද්ධ කුමරිය දක්ෂිණ භාරත මලයාලම් කුමරු ඉඳුල් කර රස විඳ බැලීම වෙනම කතා කළ යුතු අපූරු කතාවතකි.
 
කොහොමින් හෝ සුනේත්‍රාගේ කුසට වැඩි කුමරු දෙස බොහෝ අය බලා සිටියේ සතුටද වෛරයද සමඟය. ලක් සිහසුනට මාන බලමින් සිටි සේනාධීලංකාරලාගේ සෘජු වෛරය නිසාම සුනේත්‍රා පුතු උපතට නැකත ලං වන සමයේ යලි වන වඳින්නේය.
 
රුකුලේ උපන් පුතුට ඒ නිසාම රුකුලේ කුමාරු යැයි නම් තැබුවේය. පුතු නැකත විමසූ පැපිලියානේ මංගල මහ තෙරිඳු මතු දා නව නුවරක රජවන නැකතින් කුමරු ඉපිද ඇති බව සැල කළේය. ඉන් නොනවැතුණ මහ තෙරිඳු තම අග්‍ර ශිෂ්‍ය පුත්‍රායණන් වහන්සේලා දෙනම වූ වීදාගම මෛත්‍රීය හා තොටගමුවේ රාහුල යන් සමඟ සහවාසිව කුමරු හා මහණ අරණෙහි වැඩෙන්නට මං පෙත තැනුවේය.
 
මහ අරණින් වන අරණෙහිම දිවි ගෙවන රුකුලේ කුමරු හිරිමලේම රණාල යන්නේ හබරකඩ ගල් ලෙනේ විසූ අසනමාන තවුසා බැහැ දකින්නටය. අසනමාන නිසා අව්හෙල බ්‍රාහ්මණයා හමුවන්නේය. මලයාලම් පිය මඟද සිංහල මව් මඟද නිසා රුකුලේ කුමරු අමුතු කුමරෙකු විය. එලෙසම දණ්ඩවාසයම ප්‍රිය කළ අකීකරුවෙකි.
 
කඩුවෙල මහ ගුරු කුලේ සටන් ශිල්ප හදාරමින් කල් යල් බලමින් ඔහු ඇති දැඩි වුනේය. දඹදෙණිය ඇද වැටි ගම්පොළට පිවිස යාන්තම් පණ ගැට ගසා ගනිමින් සිටි සිංහලයන් මහ ප්‍රාර්ථනා පුරමින් උන්නේ මහ රජ සිරිතක් පහළ වන තුරුය. සේනාධිලංකාරලා ද අලකේෂ්වරලාද එකිනෙකා පරයමින් රජකමට පියවරින් පියවර ලං වෙමින් සිටියේය.
 
එනමුත් නිශ්ශංක අලකේෂ්වර නැගී එන්නේ ඉසුරුවාදී ලෞකික සෞන්දර්යය නැගිටීමකිනි. ඔහු සිහින පුරයක් දියවන්නාව මැද තනන්නේය. සැබවින්ම ශ්‍රී ජයවර්ධනපුරය සිංහලයන්ට සූබ සිහිනයක් විතරක් ම නොව සීගිරි පබ්බත නුවරින් පසු ලෞකික ලොව්තුරු රස ඉතිරෙන ජිවිත පැතුමක්ද වුවේය.  ඒ පැතුම් ප්‍රාර්ථනාවේ ඇස් අයා ඉදිද්දි නැකත උදා වන්නේය. ඒ ක්‍රි.ව. 1412 වෙසක් මහේ හත් වෙනිදා උදේ හතයි හතටය.Unknown
 
දියවන්නාව මැද සුසැඳි දාරුමය ශෛල ස්වර්ණ රාජ මන්දිරයට නිශ්ශංක අලකේෂ්වර සැපත් වුවේය. ඒ පෙර රජ සිරිත ප්‍රකාරව මඟුල් කඩුව දෝතට ගෙන රාජාසනයේ කිරුළ දරන්නටය. මේ පෙර රාජ සිරිතට බැඳී රාජාභිෂේක වත් පිළිවෙතය. නව රජෙකු රජ පත් වනවිට ඔහුට රන්කඩුව පිරිනැමිය යුත්තේ රාජ නුවර දිවිගෙවන පුරාතන සටන් ගුරු කුලයේ ජවසම්පන්නයා විත්ය. ඉතින් කඩුවෙල රණාලේ හටන් පරපුරේ තාරකාව රන් අසිපත දෝතින් ගෙන නැකතට  ම පෙරට පැමිණියේය.
 
පැමිණ රන් අසිපත කොපුවෙන් එලියට ඇද වහා නිශ්ශංක අලකේෂ්වර රාජ කුමරුගේ පපුවටම කොටා කඩුපතින්ම ඔසවා බහිරව පොකුණට ඇද දැමීය. බහිරව පොකුණේ මිනී කිඹුල්ලු මොහොතකින් සිංහලයේ රජවන්නට සිටි නිශ්ශංක අලකේෂ්වර රස ගොදුරක් කොට අහවර කළේය.
 
රුකුලේ කුමරු එසැනින්  ගැමි වස්ත්‍රය උනා රන් ස`ඵවෙන් හෙ`ඵව වසාගෙන රජ අසුනේ තැන්පත් විය. මේ රුකුලේ කුමරු වෙන කවුරුත්ව නොව ක්‍රි.ව. 1415 දී නිල රජ ලෙස දළදා වහන්සේ හිමි කරගෙන සයවෙනි පරාක්‍රමබාහු නමින් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජ්‍යයේ රාජ්‍යත්වය වරම් ලැබු රාජ කුමාරයාය.
 
 (Prasanna Weerakkody- Paintings)

 
 Sujith 2021
 
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
 
 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්