ලක් ඉතිහාසය ආල කතා වගේම වීර කතාද නිරාමිස තතු පුවතින්ද සෝබමානය. එමෙන්ම දුක්ඛ්‍ය කතාවලින්ද සුසැදිය.

ඒ සුසැදියට නීච කතාද එක්වී ඇත්තේ තිරිසන් ලකුණු ඉහලින්ම ඔසවා තබමිනි.

වනචාරී සමාජයක් නීතිගරුක දේශයක් කළ අප දන්නා පළමු මහා පුරුෂයා රාවණා නිරිඳුය. “ලංකාපුර” අග නුවරින් ලොවක් වසඟ කළ මේ මිනිසා සොයා ගන්නට තවමත් වෙහෙසෙමු.

fbhhඉමක් කොනක් තබා මැදක්වත් නැති කතා තතු මෙවලම් ශිලා සටහන් මිසක පූර්ණ “රාවණ” තවමත් හමුවී නම් නැත. නැතැයි කියා නතරව සිටින්නට නම් බැරිය. ඔහු තැනූ වෙදකමත් ජෝතිර්වේදයත්, ගොවිතැනත් සංගීතයත් ජීව සුසුම සේ රැකගෙන භාවිතා කරන විට ඔහු සැඟවී මතු වේ. මතු මත්තේ දවසක “රාවණ” හරියටම නැගිටින බව නම් ඇත්තකි.

ඒත් ඒ නැකත පමා වන්නේ යුතුකම් නොදන්නා ඉතිහාස තිරිසනුන් නිසාය. තිරිසනා අමතක කරන පළමු ගුණය නම් යුතුකමය. යුතුකම පදනම කොට ගත් රාවණාගේ යුතුකම් සමාජය බිඳ වැටෙන්නේ ඔහුගේ භාව කෑදර කමකිනි. ඒ “සීතා දේවිය” ඉඳුල් කර රස බැලීමේ සරල මනුෂ්‍ය භාවය නිසාය. රාවණා අධීෂ්වරයා පරාජය වන්නේය.

කිසිදාක තම දොළ සිඳුවා නොගත් මේ පරාජිත ආලවන්තයා සතුරා අබියස දිවිය අතහැර අමුතු කයකට ගොස් ඇත්තේය. ඒ කය දේව, යක්‍ෂ, රාක්‍ෂ දැයි කිව නොහැකිය.

අද්විතීය රාවණා පර්යේෂණ ප්‍රමාණිකයන් වූ ආචාර්ය ඔබේසේකර සූරීහු මෙන්ම ආචාර්ය සූරිය ගුණසේකර ශූරීන්ගේ දැක්ම අනුව මේ තුන් බලයටම අධිගෘහිත දිව්‍ය රාජයෙකි. දුටු අයත් දොඩමළු වන අයත් රාවණා දිව්‍ය රාජයා සමග සංවාදයේ සිටින බව ජීවමානව දුට ඇත්තේය.

 

රාවණා දෙවිඳු පසක් කර ගත නොහැකි අභිරහසක් කිසිවෙකුට නොදන්වා දෘඪ ලෙස සඟවා තබා ගන්නා රාජ දෙවියෙකි. ඔහු තෙමේ මේ සගවන රහස සොයා ගැනීම මුලාවකයි මම සිතමි. ඒත් අයෙකුට ඒ මුලාවේ වැටී නන්නත්තාර වීමේ වුවමනාව පිළිගනිමි. ඉතින් නන්නත්තාර රාවණා වාදීන් දැන් තිරිසන් වන හැටි පෙනේ. ඒත් ඔවුන්ට රුචි මාවත එයමය.

 

ඒත් රාවණා දෙවිඳු පසක් කර ගත නොහැකි අභිරහසක් කිසිවෙකුට නොදන්වා දෘඪ ලෙස සඟවා තබා ගන්නා රාජ දෙවියෙකි. ඔහු තෙමේ මේ සගවන රහස සොයා ගැනීම මුලාවකයි මම සිතමි. ඒත් අයෙකුට ඒ මුලාවේ වැටී නන්නත්තාර වීමේ වුවමනාව පිළිගනිමි. ඉතින් නන්නත්තාර රාවණා වාදීන් දැන් තිරිසන් වන හැටි පෙනේ. ඒත් ඔවුන්ට රුචි මාවත එයමය.

 

සිරිලක පළමු තිරිසන් කම හමුවුනේ ක්‍රි.පු. 522 වෙසක් මහේ පුන් පොහෝදාය. ඒ තුන් ලෝක තිලක සුගත තථාගතයාණන් වහන්සේට එරෙහිව යක් වංශය මහියංගනයේදී යුද ප්‍රකාශ කළ දාය.

 

ඒ යුද්ධය බුදුන්ට ජයත් යකුන්ට පරාජයත් උරුම කරමින් නිමා විය. ඒත් තිරිසන් ලකුණ සැගවී යටපත් වී විටින් විට මතු වේ. මතුවී පැතිරී ජය ලැබ අවසානයේ යුතුකම අමතක කර තිරිසන් කම පතුරුවයි.

ශ්‍රී වික්‍රම රාජසිංහ මද්දුමබණ්ඩාරගේ කිරිකැටි නැගණිය ඇගේ මව් දේවිය ඇහැලේ පොළ කුමාරි හාමි ලව්වා වංගෙඩියක දමා කොටවා දැමූ හද කකියවන තිරිසන්කම අපි දනිමු.

ක්‍රි.ව. 1236 නොවැම්බර් 26 වන අගහරුවාදා මැද රෑ 11.37 ට ඇතුලගල මුදුනේදී අස්කර් බණ්ඩාර වත්හිමි යුව රජ ගලින් පෙරළා දේශපාලන මහසඟුන් වහන්සේලා එක්ව මරා දැමූ තිරිසන් පුවත අපි දනිමු.

උඩරට රාජ යුගය ඇරඹූ පළමු විමලධර්ම සූරිය පුත්‍ර ඔටුන්න හිමි කුමරු වූ අස්ථාන කළුබණ්ඩාර කුමරුව තම ආලවන්තිය සමග මහවැලි නදී තොටදී රාග සිරිත පුරන විට ගම්පොළ තෙරුන් වහන්සේ ඒ රාග යුවළ මරා දැමූ හෙණ හත වදින පුවත දනිමු.

ආර්ය චක්‍ර වර්තීන්ගේ දෙමළ ජාතිවාදී යුද උමතුවෙන් සිරිලක බේරාගෙන කෝට්ටේ නුවර රැක ගත්තේ සෙන්පති සපුමල් කුමරුය. යුද්ධය ජයගත් වහා ඔහු සිරගත කළ කම්පිත පුවත දනිමු.

දුටු ගැමුණු නිරිඳු මහ සෑයේ රන් කොත තබන්නට පෙර රුවන්වැලි මහ සෑ ගර්භ මළුවේදී ඝාතනය කළ චිරස්ථීන පුවත දනිමු.

ඒ දුටුගැමුණු ඇරඹූ මාගම්වංශයේ අවසන් පුරුෂ ජානය වූ යස රජුව “සබ” කෲරතරව මරා දැමූ මිත්‍ර ද්‍රෝහී තිරිසන් කම දනිමු.

ලොවේ පුදුම නුවර ලෙස සීගිරි ගිරි සිරස පත් කර සිංහලයා ලොව මුදුනට කැටුව ගිය සෞන්දර්යවාදී රාජ දාර්ශනිකයා සීගිරි පබ්බතයේ කාශ්‍යපය. ඔහුව මරා දමන්නට මුගලන් කුමරු දේශපාලන සඟුන් වහන්සේලා සමඟ “පත්තනිකුක්ජන කර්මය” කළ කෲරතර පුවත දනිමි.

ලක්දිව ශික්ෂිතම රාජ යුගය තැනූ කාමනීය වූ අනුලා මහ රැජිණ ගින්නේ ලා පුළුස්සා රජකම උදුරා ගත් කැත පුවත දනිමු.

දේශ ප්‍රේමයේ නාමයෙන් බලයට ඇවිත් වළගම්බා දෙටු මුනුපුරු “චෝරනාග” ඇරඹූ නිර්ලිජිත සොරකමින් පිරිණු තිරිසන් පාලනය දන්නේය.

ඒත් මේ කැත ඉතිහාසය පණ ලබා නැගිට ජයගන්නට තිබූ වකවානුවල මෙවන් අවස්ථා පරදවා දැමූ යුතුකමට පෙම් බැඳි ජාතික ව්‍යාපාර ගැනද දනිමු.

සිංහල මහා වංශයට උපත වූ මව් දේවිය උන්මාදා බිළිඳු කුමරිය මරා දමන්නට දැරූ තැත පරාජය කළ මනුෂ්‍ය වාදී ජාතික ව්‍යාපාරය මතක පොතක පරමාදර්ශයකි.

ඒ උන්මාදා මව් කුමරිය වැදූ පණ්ඩුකාභය ශාක්‍යසිංහ බිළිඳු කුමරු මරන්නට තැත් කළ විට ඔහුගේ පණ නල රැක ගත් අතීත මීමුතු පරපුර නමස්කාර කළ යුතුය.

dvdf

සිංහලයන්ගේ ඉතිහාස පොත සමබර හරබර තුන්කල් දකින කැඩපතකි. සතුරාගේ ගුණත් අගුණත් මිතුරාගේ ගුණත් අගුණත් අපූර්වට ලියා තැබූ පොතය. ඒ මහා වංශයය.

 

සිංහලයන්ගේ ඉතිහාස පොත සමබර හරබර තුන්කල් දකින කැඩපතකි. සතුරාගේ ගුණත් අගුණත් මිතුරාගේ ගුණත් අගුණත් අපූර්වට ලියා තැබූ පොතය. ඒ මහා වංශයය.

ඒත් මහා වංශය ලියන්නට වැඩ විසූ මහානාම මහ තෙරිඳු පිරිවන් පාන්නේ සීගිරි කාශ්‍යප පළවා දැමූ අඳුරු තිරිසන් යුගයේය.

ඉන් පස්සේ මහා වංශය නොලියා චූල වංශය ලියන්නට දිරි දෙන තැනට සිංහල ජාතික ව්‍යාපාරය තිරිසන් වන්නේය.

රාවණා මහ රජුට පසු බිඳ වැටුණු ලක් පොළව ශිෂ්ඨාචාර ගත කළ සිංහයා සිංහ වංශයේ විජයසිංහය. ඒ සිංහ රජුට හතුරු කුරුමානම අල්ලමින්ය. ඒ නිසා අදත් රාවණාවාදීන්ගේ පළමු සතුරා සිංහලයේ පළමු රජ විජේසිංහය. මේ නිසා සිංහයන්ට එරෙහිව මතවාදී පොතකුත් එයට අනුකූල දේශපාලන ව්‍යාපාරයකුත් මතු වන්නේය. ඒ නිසා මහා වංශයට එරෙහිව චූල වංශය බලයට එන්නේය.

 

අදත් ලංකාවේ ඇත්තේ ඒ මහා මූලය සහ චූල මූලය අනුව දෙකට බෙදුණු දේශපාලනයකි. ඒ මැද හරි මැදක් නැත. මැද සොයන්නට ගිය හැමෝම වරදවා ගත්තේය. ඒත් මැද හොයපු හැමෝගෙන්ම යමක් ඉටු විය. ඒ මහා මූලය සහ චූල මූලයට දිරි දීමය.

 

ඒත් පුදුමය 1412 දී ලක්දිව මැද ව්‍යාපාරය මහා මූලයට දිරි දීම සපුරා නතරකරමින් දිරි දීමට පටන් ගන්නේ චූල මූලයටය. ඔවුන්ගේ පැතුම මහා මූලය රාජ්‍ය පාලනයෙන් පලවා හැරීමය. ඒ ගමන කෙළවර වන්නේ මහනුවර රාජධානිය බිඳ වැටී සුදු පාලකයන්ට යටත් වැසියන් වීමෙනි.

මේ හින්දා නතර කර තැනින් යළි “මහා වංශය” ලියන්නට පටන් ගත්තද ලියවුනේ චූල වංශයේ වුවමනාව ලෙසය. චූලයන් ලියූ “මහා වංශය” කියවා චුලයන් බිහි විය.

චූලයන් බිහි වී ලොව මුදුනෙහි තිබූ සිංහල සිරිත ලොව පාමුලට ඇද දැමීය. මේ ඇද වැටීම නතර කර ගන්නට බැරිව ක්‍රි.ව. 1412 සිට තවමත් නැගිටීමක් නම් නොපෙනේ.

සුද්දන් පලවා සිංහල බලය ගෙන ලාංකික මාවතක් සොයා ගත්තද මහා මූලයෙහි මග අහුරා ක්‍රි.ව. 1956 දී යළි චූල මූලයට පාර හැරුණේය. දැන් හැරී බලන්නටත් බැරිය.

 

මහා ජාතියක් තනා ගැනීමට බැරි ජාතික ගතානුගතික කමක සිංහලයා එරී ඇත. මේ එරී ඇත්තේ කවදා එරුණු එරීමද ? ක්‍රි.ව. 1412 සිට මේ වන විට වසර 602 ක් ගෙවී අවසානය. විටින් විට වෙමින් තිබූ තිරිසන් ලකුණ එදා සිට දිගටම සිදු විය.

 

යුතුකම පෙරමුණට ගෙන අරමුණක් සහිත පරපුරක් බිහි වන තැනට රොද බඳින්න ඉතිහාස කාරයන් බයය. වාමවාදීන් බයය. ජාතිකවාදීන් ඊටත් බයය. මේ බය කුමක්ද ?

 

ඉතිහාසය වනාන්තරයකි. එහි ඇවිද යා යුත්තේ වන පෙත දන්නා වන පෙතේ ගහ කොළට ඇල දොළට සතා සීපාවාට ආදරයත් ඔවුන්ට කළ ගුණ දිය හැකි මිනිසුන්ය. ඒත් ඉතිහාස වන පෙත මැදින් කාපට් පාරක් කපා ගෙන යන අධම තිරිසනුන්ගෙන් ලක් ඉතිහාස විෂය වන පෙත දෙපළුවී ගොස්ය. මේ භයනාක ඇත්ත රටක් ගැන හිතන්නට ඉතුරු වී ඇති අන්තිම පුරවැසියන් සිතිය යුතුය.

 

යටත් වැසියන් බිහි වීම නතර කර දැමුවේ මහා රාවණා නිරිඳු සමයෙහිය. එය වඩාත් අරුත් බර තැනකට විජය රජු රැගෙන ආවේය. ඒ මාවතට මහා වංශයත් චූල වංශයේ හැමෝම කැන්දගෙන ආවේ පණ්ඩුකාභය ශාක්‍ය සිංහය.

මෙහම ආපු ජාතියක් පුරවැසිකම අත හැර දැමුවේ ක්‍රි.ව. 1412 වෙසක් මහේ 7 වන දින උදේ 7.7 ට යෙදුනු නැකතේය. ඒ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජධානිය තම ධනයෙන් තනා යන එන මං නැතිව සිටි සිංහලයාට රජ නුවරක් තැනූ මිනිසා මරා දැමූ මොහොතය. ඒ නිශ්ශංක අලකේශ්වර මරා දැමූ තිරිසන් නැකතය.

නිශ්ශංක අලකේශ්වර නිරිඳු අසිතපතින් ඇද දියවන්නා දියත්තෙහි “බහිරව පොකුණ” ට දමා කිඹුලන්ට කන්න දුන්නේය. ඒ වෙන කවුරුත් නොව “රුකුලේ කුමරුය”ය. රුකුලේ කුමරු සොයා එළඹෙන නිමිත්තට පිය නගමු.

Sujith 2021(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්