1200 x 80 DMirror

 
 

මකර දේශය සහ සිංහ දේශය අතර බැඳීම බොහෝ දිගුය. ඒ දිගු බැඳීම අරභයා ලක් ඉතිහාස වතහි ලියවි ඇති පළමු විත්තිය හමුවන්නේ ක්‍රි.ව. 97 දී ය. ඒ

වසභ රජ තෙමේ චීන රාජ්‍යය සමඟ කළ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකිනි. ඒ සමයහි චීනය සිංහලය පසු පසින් සිටි ඌන සංවර්ධිත රාජ්‍යයකි. වසභ රජ සමග මකරුන්ගේ බැඳීම තර වීමත් සමග ඔවුන් පෙරදිග මුහුදු සේද මාවතෙහි තොටමුණ සොයා ගත්තේය.

 

අපරදිගට යන බිහිසුණු සමුද්‍ර තරණය අතර මැද හමුවන තොටමුණ පරාදිසයක් වූ නිසා සිංහ දේශ මහරජ බහුමානයට පාත්‍ර කිරීමට චීනය මායමක් දමන්නේ ක්‍රි.ව. 120 දී ය. ඒ එකළ මෙරට රජ පද දෑරූ ගජබා රජ තෙමේ ‘තුමි‘ නම් උපාධියෙන් ගෞරවයට පාත්‍ර කරමිනි. සිංහල රජ ඉතිහාසයහි ශූරතම නාවුක රජ ලෙස චීර ප්‍රකටව ඇත්තේ ගජබාය. ඒ ඔහුගේ අනියම් පුත් කුමරු වූ නීල කුමරු නිසාය. නීල කුමරුගේ සමුද්‍ර බලයද තුලනය කර ගනිමින් සරුසාර පෙරදිගින් උපයෝගිතා අපරදිගට දොරටුව චීනුන් විවර කර ගන්නේ එලසය. මෙලෙස ආරම්භ වූ චීන-ලංකා ගනුදෙනුවට “චීන මායම“ නමින් අන්වර්ථ නාමයක් පද බදින්නේ “රාජාවලිය“ කතුවරයාය. මකරුන්ගේ සිංහ සෙනහසට “චීන මායම“ නමින් නමක් පට බදින්නට හේතු නිමිත්ත කුමක්දැයි සිතන්න සිත් දුන්නේ එබැවිණි.


මෙකල්හිද චීන ආලය බලයේ තාලය වී ඇති කළ රාජාවලිය දුන් සංඥා නිමිත්ත සොයා පාදා ගැනීමට පීපාසයක් ඇතිවිණි. වසභ, ගජබා සමයන් තුළින් අතීත තතු අතර ඇවිද චීන ලංකා මිත්‍ර ගණු - දෙනු පුරාණය විමසන්නට විමි. මෙම මකර සිංහ කතා ලතාවේ අසිරිමත් පද අරුත හමුවන්නේ ක්‍රි.ව. 413 දී ය.
 
 
z p 33 excavations 02සිරිලක සිරිමත් සම්බුද්ධ දහමට ලොල් බැද පාහියන් භික්‍ෂුන් වහන්සේගේ ලංකාගමනය සිදු වන්නේ ඒ වසරේදී ය. වෙළඳ ඉවකින් සිරිලකට ඉව ඇල්ලු චීනයට සංස්කෘතික දාර්ශනික සහ විද්‍යාත්මක මෙන්ම සාහිත්‍යය කලා ඉවකින් සිංහල දේශය දෙස බලන්නට මඟ පාදන්නේ පාහියන් ස්වාමීන්වහන්සේය. පෙරළා උන්වහන්සේ සිංහයන්ට ද මකර දේශය සමග සදා නොමියෙන දාරක බන්ධනයකට මඟ නිමිත්ත වුහ. ඒ පාහියන්ගේ ලංකාගමනයෙන් උදම්ව එකල්හි චීන රාජ සම්මානිත ලේඛකයා සිව “පොන්කු“ ද ලංකාවට සැපත්ව සිරිලක සිරි අසිරිය සමග මකර බන්ධන අරුත් ගන්වන බැවිණි.
 
මෙලස චීන ලංකා මිතු දම නව ඉමකට ප්‍රවේශ වූ කළ දේවසරා භික්‍ෂුණීන් වහන්සේ ක්‍රි.ව. 426 දී ගොඩවාය තොටමුනින් නැව් නැග චීනයට සැපත් වන්නේ ය. දේවසරා මහාරහත් උත්තමාවිය විසින් චීන කතුන්ට ගෞතම පැවිද්ද ලබා දීමත් සමග චීන ස්ත්‍රී කතාවට නව දිශාවක් පැදුණී. ඒ ලක් වතද චීන වතද නවමං තුළින් පහන් වීමෙනි. ක්‍රි.ව. 426 සිංහල භික්‍ෂුණීන් වහන්සේ නමක වූ දේවසාරා තෙරණිය නැන්කින් නුවරදි සිදු කළ චීන කාන්තා උපසම්පදාව චීන ඉතිහාස සිදු වූ මහා කාන්තා ජන උළෙල ලෙසද එරට අතීත තතු විත්ති ලියා තබා ඇත.
 
 
f 11 2
 
මේ චීන ආලය දිගේ කාම්බෝජය ද, සියමය ද, ලාඕසයන් ද, ජවකයන් ද සිරිලක්ට සැපත් වූ අතුරු කතා ගණනාවකී. ඒ අතරින් සිරිලක කතා ලතාව විහිදි දහරා අතු ඉතු අතර විහිදි පැතිර ගිය සැටි අපූරු සිරි විසිතුරකි. කෙසේ හෝ චීනුන් සිරිලකට පෙම් බදින්නේ පාහියන් සහ පොන්කුගේ කෘති කියවීමෙන් ය. එතැන් පටන් චීන සිංහල බැඳීම ආල බැඳිමක් තරම් භාව බන්ධනගතව ගලා ගියේය.
 
මෙම ආල බන්ධනය සදා නොමැකෙන හෘද බැඳුමක සිරි ගන්නේ ‘නතත“ නිසාය. නතන එකල්හි මෙරට සිටි අද්වීතිය කලා ශිල්පියාය. ජිවමාන බුදු රූ වරුණ පණ පොවා තනන“නතතගේ” ශිල්ප වරුණාව පාහියන් හා පොන්කු හරහා චීන දේශයට පැතිර ගියේය. එහි ප්‍රතිඵලය වන්නේ චීන රට දූත පිරිසක් එවා ක්‍රි.ව. 456 දී සිංහලයන්ගේ අග්‍ර කලා ශිල්පීයාවූ “නතතව” තම රටට සැපත් කරවා ගැනීම ය. “නතත” වෙතින් චීනය ලලිත ලතා සුමට සිංහල කලාවේ චීන උපත ලද්දේ ය. චීන බෞද්ධත්වය දාර්ශනික කූතර්කයෙන් මිදී විසිතුරු කලා සොමි ගුණයෙන් ගුණ බරිත කළ පුරෝගාමියා “නතතය”. ඒ “නතත” තැබු නැකතින් චීන මහා කලාවේ උපත තැනු බව දන්නේ කවුරුහුද?
 
 
719px Zhang Shengwen. Lenseignement de Bouddha Sakyamuni

මෙලෙස හද බැඳි මකර සිංහ බැඳීමට සිංහල හද පපුවේ මහත් ගෞරව බැතිය උපදින හේතු නිමිත්ත මතුවන්නේ ක්‍රි.ව. 705 වසරේය. එවකට මෙරට රජ පද හෙබවුයේ ශිලාමේඝවර්ණ රජුය. ඔහුගේ රජ සමයහි දකුණු දිග බුදු දහමද (ථෙරවාදය) උතුරු දිගු බුදු දහමද (මහායානය) සිරිලක මහත් ද්වන්ධ සටනක වැද සිටියේය. දකුණු ලංකාවේ උතුරු බුදු දහමද, උතුරු ලංකාවේ දකුණු බුදු දහමද ප්‍රචලිත වූ අපූරු වටපිටාවක් බිහිව තිබුණේ ය. මෙවන් කලක උතුරු - දකුණු බුදු දහම හෙවත් ථේරවාදී මහායාන බුදු දහම උත්කර්ෂයට නංව මින් වජිරබෝධි දාර්ශනිකයා චීනයේ සිට ලක්දිවට සැපත් වන්නේය. ඔහු බුත්තල මාළිගාවෙළින් අරඹන දේශනාවාරය එකල්හි ලක පොබ කළ මහා දාර්ශනවාදී නැගීටිමක් සේ විහිද පැතිර ගලා යන්නට විය. වජිරබෝධිගේ පැමිණිමත් සමග එකල සිරිලක මතවාද වෙළඳ පොළ චිනයට හිමි වුයේ ය. වජිරබෝධි පසු පසින් එකල ග්‍රන්ථ ප්‍රකාශකයන්, පොත් වෙළඳන්, සංස්කෘතික පණිවුඩකරුවෝ, යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කරුවෝ සුභාරාංචි දේශකයෝ සහ අනාගතවාදීන්ද පොකුරු පිටින් සිරිලක වැද දස අත විහිර පැතිර යන්නේය.

ඒත් ඉන්පසු වසර පන්සීයක් යනතුරු සිංහල දේශය සමග චීන දේශ ගණුදෙනු සොයා ගැනීමට ඓතීහාසික තතු විරල ය. වෙසෙසින්ම ලක්දිව සතුරු වියවුලහි වැටෙන බොහෝ විට චීනය ලංකාව මඟ හැර ගොස් ඇති බව පෙනේ. සරුසාර ලංකා ජාතික රාජ්‍යය අනුරාධපුරයෙන් පොළොන්නරුවට ඇද වැටී එ තැනින් දඹදෙණියට ඇද වැටෙන්නේ දහතුන් වන සියවසයේදී ය. එලෙස දඹදෙණියට විත් ප්‍රාකාර බැඳි සිංහල සිරිතට යලි දිස්නය දෙන්නේ කලිකාල ශ්‍රී සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු හෙවත් දෙවන පැරකුම්බා ය.
 
 
ඒ දෙවන පැරකුම් දවස “චීන මායම” යළිත් නොසිතු විරූ තැනකින් මතුවන්නේ ය. ඒ වසර පන්සිය තිහකට පසුව ක්‍රි.ව. 1235 දී ය. ඒ අනුව දෙවන පැරකුම් රජදවස (ක්‍රි.ව. 1235 - 1270) මෙරට රාජ්‍ය ආරක්‍ෂක හමුදාව සපුරා චීන සමාගමකට හිමි වන්නේ ය. එය කෙතරම් දැඩිව චීන ආයෝජකයන්ට සින්න  වුයේදයත් අවි ආයුධ ශිල්පීය තාක්‍ෂණය සේම සිංහල දේශ හමුදාවේ සෙබළුන් බවට ද පත් වන්නේ ද චීන ජාතිකයන් ය. ඒ අනුව දෙවන පැරකුම් රජ පද පූර්ණ කල වසර තිස් පහ සිරිලක චීන සෙබළ බල මුළු විසින් අරක් ගෙන තිබු රටකි.
 
 
image f7d4d34c4b
 
චීන ආකල්ප ලංකා ආකල්ප මෙලෙස එක් විටම වෙනස් වන්නේ මන්ද? එක් අතකින් දිගු කාලීන හද බැඳීමක් නිසා චීනය රජුට විශ්වාසවන්ත වන්නට ඇත. අන් අතකින් දහතුන්වන සියවස දී, පෙරදිග අපරදිග හරි මැදින් ආරාබි, මුස්ලිම්, පෘතුග්‍රීසී බලය ද ඉංග්‍රීසී වෙළඳ බලවේග ද නැගී සිටින සමය ය. එවිට නොදන්නා සතුරු ජාතියක වෙළඳ බලයට මුහුණ දීමට චිනය වඩාත් හොඳ වන්නට ද ඇත. චීනයට පෙරදිග දොරටුව වූ ලංකාවෙහි ආරක්‍ෂක අමාත්‍යාංශය අල්ලා ගැනීම තම සරුසාර පෙරදිග වෙළඳ ඒකාධිකාරයෙහි පැවැත්මට බලගතු උවමානව ද වන්නට ඇත.
 
 
ඒත් සියල්ල වෙනස් වන්නේ ආරාබිවරුන් ද මුස්ලිම්වරුන් ද පෘතුගීසින් ද මැදපෙරදිගට වැද පෙරදිගට ඉව අල්ලන විටය. එවිට සිංහල රාජධානිය තුළින් ඉසුරුමත් වාණීජ විශාරද පරපුරක් නැගිට ඉන්දු සයුරහි වෙළඳ බලය ලාංකිකත්වයට කෙන්ද්‍ර කර ගත්තේ ය. ඒ අලකේශ්වර ප්‍රභූ පෙළපතය. ඔවුහු දඹදෙණි රාජ බිසව් මැණියන් වන ජයසිරි බිසව සමඟ අමුතු ආල සිරිතක් බැඳ ගැනීමක් සමග අලකේශ්වරලා නැග ආ නව සිංහල සිහින කුමාරවරුන් ද බවට පත්විය. එක් අතකින් අලකේශ්වර ඉසුරුමතුන් ආරාබි බලය මැදපෙරදිගට සිමා කළේ ය. ද්‍රවිඩ වෙළඳ බලය ශූර ලෙස කළමණාකරනය කළේය. චින වෙළඳ බලයට සිරිලක ලාභ පංගුව අහිමි කළේ ය. ස්වදේශිකයන් සාර වන අලකේශ්වරගේ වාණීජ සුත්‍රයම ලක්දිව වාසින්ට සාර සුත්‍රය ද විය. එහි ප්‍රතිඵලය වන්නේ ඈපා මන්ත්‍ර අලකේශ්වර ආග්‍රමාත්‍ය පදවියට පත් වීම ය. ඒ ඓතිහාසික රාජ දේශපාලන වෙනස චීනය කලබලයට පත් කරන නිමිත්තය.
 

එතැන් සිට චීනය වෙනස් වන්නේ ය චීන ලංකා බන්ධන පුරාණය විමසන කළ වඩාත් පුදුමය මෙරට පැමිණි බොහෝ බාහිර ජාතීන් වෙළාදාමට අමතරව තම ප්‍රජාව මෙහි බෝකළ සැටිය. නමුත් චීන ජාතිකයන් ප්‍රජාවක් ලෙස ලංකාවේ කිසි කලක ජන කොට්ඨාශයක් වී නැත. මෙතරම් දිගු මිත්‍ර බැඳීමක් තුළ පවා එලස නොවීම චීන මායාව විමසීමකට කදිම නිමිත්තකි.
 
 
කෙසේ හෝ නමුත් ඈපා මන්ත්‍ර අලකේශ්වර පුත්‍ර නිශ්ශංක අලකේශ්වරට පරාජය වී චීන බලවේග සිය රටට පලා ගියේ ය. එවිට ආර්ය චක්‍රවර්තීන්ගේ ද්‍රවිඩ වෙළඳ බලය උතුරු ලංකාවෙන් නැගි සිටියේ ය. වහා යුහුසුළු වූ නිශ්ශංක අලකේශ්වර එයට මුහුණ දෙන්නට සිංහලයන්ට ආරක්‍ෂිත නව රාජධානීයක් තැනුවේ ය. ඒ දියවන්නා දියත්ත මත ඉදි වූ ශ්‍රී ජයවර්ධනපුරය ය.
 
 
සාරසුබාවෙන් සුජ්ජලිත දියවන්නා රාජධානිය මතට සිංහල රාජධානිය වැඩමවීමට පෙරමග තනා තිබුණි. ඒ අනුව නිශ්ශංක අලකේශ්වර පුත්‍ර විජයබා අලකේශ්වර පස්වන විජයබාහු නමින් රජ පදවි දරන්න නැකත යෙදි තිබුණේ ය. ඒ ක්‍රි.ව. 1410 සැප්තැම්බර් 17 වැනිදා ය. විජයබා අලකේශ්වර කුමර තෙමේ විජයාරාම මහ වෙහර එම නැකතින් පුදා (නුගේගොඩ විජේරාම වෙහෙර) කිරුළ රැගෙන එන තෙක් බලා සිටියේ ය. ඒත් එක් විටම චීන හමුදා කල්ලියක් විත් විජයබා අලකේශ්වර ප්‍රමුඛ අලකේශ්වර පෙළපත බලහත්කාරයෙන් පැහැර ගෙන චීනයට රැගෙන ගියහ. එදින එම චීන ආක්‍රමණයෙන් බේරුණු එකම අලකේශ්වරයන් වූයේ කෑරගල පද්මාවතී පිරිවෙන්පතිව වැඩ සිටි එකල ශාසනසෝභිත මහසංඝ නේතෘවර වනරතන මහනායක ස්වාමීන්වහන්සේ හා උන්වහන්සේගේ මෑණියන් වූ පද්මාවතී අලකේශ්වර දේවිය ය. චීනය ද භාරතය ද අරාබියන් ද අභිබවමින් සිරිලක බිහි වූ ශූර වාණීජ විශේෂඥ රජ පරපුර චීන මායාවට හමුවේ මිලින වුයේ එලෙසය. එතැනින් පසු අප පෘතුග්‍රීසීන්ට යටත් වුයේ ය. එබැවින් ලක්දිවට පසු පසින් සිටි චීනය එතැන් පටන් සිරිලක්දිව පසු බස්සවමින් පෙරට ආයේ ය. විජයබා අලකේශ්වර බිලිගත් සිදුවීම, රාජාවලිය කතුවරයා “චීන මායාව” ලෙස නම් කර ඇත්තේ එබැවිණි.

 
 

ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58