1200 x 80 DMirror

 
 

ශ්‍රී ලංකාවේ උතුරු රාජ්‍යය වර්ධනය වනුයේ දකුණු රාජ්‍යයට අනුරූපය. ශ්‍රී ලාංකික උතුරු රාජ්‍යයට. උත්තේජනය වනුයේ ඉන්දියාවේ දකුණු රාජ්‍යය ඉන්දීය

දකුණු රාජ්‍යයය විසින් තහවුරු කරන ලංකාවේ උතුරු රාජ්‍යය හැම විට ලංකාවේ දකුණු රාජ්‍යය ශක්තිමත් කළේය. දක්ෂිණ භාරතියන්ට ලාංකික උතුර සංක්‍රමණික භුමියක් විය.

 akpicra4a

ක්‍රි . පූ . 192 සේන ගුත්තික දෙපල විසින් වාණීජ්‍ය ව්‍යායාමයක් ලෙස ආරම්භ කරන ලක්දිව ආක්‍රමණය ඉන්පසු විටින් විට සිදුවන බලහත්කාරයක් වුයේය. ඒ සමග සියවස් ගණනාවක් මුළුල්ලේ ද්‍රවිඩ ජන සංසරණයන් දකුණු භාරතය හා උතුරු ලංකාව අතර වුයේය. මෙලස ක්‍රි . පු . 192 ට ක්‍රි .ව. 1600 දක්වා ඇදියන මෙම ජන සංක්‍රමණය තුල සංසරණ ජන ප්‍රවාහයක් තැනි තිබුනේය.

 

එකී සංසරණ ජන ප්‍රජාව රටක් රාජ්‍යයක් නැති බලකාමි කල්ලි වල අතකොළුවක් වුයේය.පරම්පරාගතව මෙම අසරණ ද්‍රවිඩයන් පරම්පරාගතව කලින් කලට බිහිවන බලකාමින්ගේ පිරිස් බලය විය. එබැවින් උතුරු රාජ්‍යයහි දීර්ඝ  ද්‍රවිඩ්‍යත්වයක් හෝ සංස්කෘතියක් ගොඩනැගීම සිදු නොවුනේය. ආක්‍රමණික උතුරු රාජ්‍යය දකුණු රාජ්‍යය විසින් පරදවාලු කළ සංක්‍රමණික ද්‍රවිඩයන් බොහෝ කල්හි දකුණු භාරතයට පලා ගියේය. තව විටෙක සිංහල බලය තුළ දිය වි ගියහ.



උතුරු ලංකාව මෙම නිසා සිංහල සභ්‍යත්වය හෝ ද්‍රවිඩ සභ්‍යත්වය තොර භූමියක් වු අතර, හැම විටම දක්නට හැකි වනුයේ බලයහි සංග්‍රාම භූමියක් ලෙසය. මෙම අවාසනාව වෙනස් කළ මිනිසෙක් ලෙස වරෝදය ශේගරාශශේකරණ් රජු ලංකා ඉතිහාසයහි උත්තුංගව රැදී සිටියි. ඒකපාක්‍ෂික ඉතිහාස වීමංසා බැහැර කොට වරෝදය පිළිබඳ සනාථ කතාවක යෙදිය යුතුය.

 Nallur Kandasamy front entrance

කන්දසාමි නල්ලුර් කෝවිල

 

සැබැවින්ම සපුමල් කුමරු හයවන (6) බුවනෙකබාහු නමින් රජ වීමත් සමග උතුරු ද්‍රවිඩ සභ්‍යත්වයහි මාවත විවර වුයේය. ඒ කන්දසාමි නල්ලුර් කෝවිල ඔහු තෙමේ ස්ථාපිත කිරීමත් සමගය. ඔවුගෙන් ස්වාධීනව වුවද “කනගශූරිය“ ලංකාවේ උතුරු රාජ්‍යය යළි පිහිටුවේය. එය බලසම්පන්න කළේ ඔහු පුත් පරරාජශේකරයන්ය. පරරාජශේකරයන් උතුරු ද්‍රවිඩ සභ්‍යත්වය තහවුරු කිරීම හෙලා ඉමහත් වු මෙහය ආරම්භ කළේය. ඔහු ඒ සඳහා “දෙමළ ශාස්ත්‍ර පිඨය” නමින් සරසවියක් පිහිටුවේය. එමෙන්ම ඔහු චීරචිත ද්‍රවිඩයන්ගේ වෙදකම, ජෝතිශ්‍යය, සිද්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඇතුලත් “පරරාජශේකරාජ“ නමැති ග්‍රන්ථය දෙමළ අනන්‍යතාව තහවුරු කළේය.

 

මේ සියල්ල අග්‍රස්ථානයට ගෙන එමට මුල් වනුයේ වරෝදය ශේගරාශේකර රජුය. ඔහු උතුරු රාජ්‍යය උසස් සෞග්‍යයකින් හා බලයකින් සවිමත් කළේය. වේදය පිළිබඳ පරප්‍රාප්ත විද්වතෙකු වු වරෝදය රජ “දක්‍ෂිණ කෛලාස පුරාණ“ නම් සම්භාව්‍ය මහා දෙමළ කාව්‍යහි රචකයාද වේ. එලසම ශූර වාණීජ්‍ය රජෙකු ලෙස වරෝදය ශේගරාශශේකරණ්ය ඉහලින්ම වැජඹෙති. ඔහු කල විධිමත් පුනරුදයහි ඔහුගේ වාණීජ්‍ය පුනරුදය පිළිබඳ සඳහන් කළ යුතුම වේ.

 

උතුරු ලංකාවේ සියළු නැව් තොටුපල ඔහු පූර්ණ නවීකරණයට  භාජනය කළේය. එහිදී සිංහල ප්‍රදේශය අභිබවන උතුරු නැව් තොටු ජාත්‍යයන්තර නාවික වෙළදාම් මරමස්ථාන කර ගැනීමට ඔහුට හැකි විය. එයින් උතුරු රාජ්‍යය සෞභාග්‍යමත් වුයේය. පෙරළා දකුණු ලංකාවේ පාලකයාගේ වෙළඳ තොටුපල සඳහා ඉහළ බදු අයකරමින් ඔහු තම පාලනය ඉසුරුමත් කර ගත්තේය. එම ඉසුරුමත් ධනය ඔහු ආයෝජන කළේ ශාස්ත්‍රීය සාහිත්‍යය කලාත්මක පුනරුදයක් උදෙසාය. නාට්‍ය විශාරදයෙකු ලෙසද ප්‍රචලිත වරෝදය රජ නාට්‍ය සංගීතයටද ඉමහත් සේවයක් කළේය. අනිත් අතින් සංග්‍රාමික උපායික භූමියක් වු උතුරු ලංකාව සශ්‍රීක ගොවි භූමියක් බවට පරිවර්තනය කළ පුරෝගාමියාද ලෙස ඔහු කැපි පෙනෙන චරිතයක් වේ. එමෙන්ම භක්තිමත් ශීව භක්තිකයෙකු වු වරෝදයය රජ උතුරෙ හි ශිව ආගමික පුනරුදයෙ හි පුරෝගාමීයා  සේද හැදින්විය හැක.

 

සැබැවින්ම වරෝදය ශේගරාශශේණරන් රජුගේ මෙම විපුල වෙනස ලාංකික ද්‍රවිඩ ජනයා අසංස්කෘතික සංක්‍රමණික දිවියෙන් මුදා ගත්තේය. නිසි සංස්කෘතික සභ්‍යත්වය තුල උතුරු ලංකාවේ ද්‍රවිඩ සභ්‍යත්වය ඒ සමඟ පැතිර තහවුරු විමට මුල් පදනම සැකසුනේ ය. එය ශතවර්ෂ පහලොසක් පමණ ඒ මේ අත සැරිසරමින් තිබු ජන ප්‍රජාවකට ආත්ම ගරුත්වය සහ මුක්තිය ලබා දීමකි.

 

සැබැවින්ම වරෝදයගේ මෙම සභ්‍යත්වය පුනරුදයහි ඇත්තාවු විශේෂය  එය සිංහල ප්‍රතිරෝධයෙන් තොර වීමය. තම පාලනය දී ඔහු ප්‍රශස්ත ද්‍රවිඩ ජනතා සේවකයකු ද උග්‍ර ශිව භක්තිකයකු ද මෙන්ම ශූරතර වාණීජ්‍ය වාදියෙකී. නමුදු ඔහු විෂයෙහි අන්තගාමී ජාතිවාදය නොවිය. උතුරු ද්‍රවිඩ නායකයන් බොහෝ විට රාජ්‍ය බලය ලබා ගනුයේ උග්‍ර සිංහල විරෝධය තුළය. වරෝදය එම මාවතින් දෙමළ ජාතිය බැහැර කළ නායකයා ද වේ. ඒ වරෝදය රජ සාහිත්‍ය කලාව සංගීතය නම් කලාත්මක විෂය න් තුළින් පුර්ණවු චරිතයක් නිසා වන්නට ඇත.

image 0c62644c22


වරෝදය විසින් පළොස්වන සියවසදී උතුර උදානයට පත් කළ ද උතුරු ලංකාවේ අභාග්‍යයට එය  පසුකාලිනව බිද වැටුණේ ය. විශේෂයෙන්ම පෘතුගිසින්ගේ පැමිණිමද, ශංකිලිගේ රජ වීමද සම්භාව්‍ය උතුරු දෙමළ සමාජයහි ගමන වෙනසකට බඳුන් කරන අයුරු දක්නට හැකිය. කෙසේ නමුදු කලාවේ සිට වාණීජ්‍ය සහ ශල්‍ය විද්‍යාව දක්වා වරෝදයගෙන් දෙමළ සමාජයට කාවැදුණු ශාස්ත්‍ර ශික්‍ෂාව වත්මන දක්වා දෙමළ සමාජය තුළ ගලා එන අයුරු දක්නට හැකි විශේෂත්වයකි. එක් අතකින් වරෝදය ශේගරාශශේකරණ් රජුගේ රාජ්‍ය වෙනස සම්බන්ධව “යාල්පාන් වෛධ මාලෙයි“ ග්‍රන්ථ වන් ද්‍රවිඩ කෘති හැරණු කොට වෙනත් කෘති නොමැති වීම මහත් පාඩුවකි.

 

175px Ancientjaffnaශ්‍රී ලාංකික ඉතිහාසය සොයා පෑදු මහා ඥාණ පරපුර අතරින් මෙම කරුණ මඟහැරීම මහත් එෛතිහාසික වරදක් සේ ගනුන හැක. මෙහිදී මුඳලි රාසනායගම් මහතා ප්‍රශ්සත වු කාර්්‍යක් කල බෑව් සඳහන් කළ යුතුය. ඔහුගේ  ඉසෛ යිනට  (පුරාතන යාපනය) කෘතිය එහිලා වැදගත් ව්‍යායාමයකි. නමුදු ඔහු තුළ වු ජාතිවාදි අස්ථානය වරෝදයවන් උදාර දෙමළ පුත්‍රයෙකු අරභයා කතිකාවත අඩපණ කළ බව නම් සැබෑය.

 

මේ පැමිණ ඇත්තේ ඉතිහාසය නැවත විමසන මොහතය. ලංකාවේ උතුරු රාජ්‍යය වෙන්වී තිබු සමයක අවසානය. නමුත් අතීත කළ මෙන්ම උතුර තුල වෙන්වීම වෙනුවට තම ජීවමය මතුවිමට දෙමළ ජන ප්‍රජාවට හුස්මක් ඇවැසිව ඇත. වරෝදය ශේගරාශශේකරණ් රජ මෙ මොහතේ ලාංකික කතාබහ තුළ නිමිත්තක් විය යුත්තේ එබැවිණි.


ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

වායාම පසුගිය ලිපි 38 මෙතනින්


Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58