1200 x 80 DMirror

 
 

ගෞතමයාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු උන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ හිමිකාරීත්‍වය සඳහා දේශපාලන අරගලයක් ඇති විය. එම අරගලයේ බල සම්පන්න රජ දරුවා වූයේ එකල මගධ අධිරාජ්‍යයා වූ

අජාසත්තය. පසුව සම්බුද්ධ ධාතූන් අට කොටසකට බෙදා රජ්‍ය අටකට හිමිවිය. නමුත් ප්‍රථම සංගායානාවේ දී සාසන භාරධාරී මහ රහතුන් වහන්සේලා එම ධතූන් යළි මගධ අග නුවරට වැඩම වීය.

 

ඒ අනාගත දිනක සම්බුදු දහම සමග ශාක්‍ය මුනින්`ද්‍රයාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා ලොව පුරා විසිර පැතිර යෑම සඳහාය. පසු කළක මගධයෙන් මතුව අසහාය අධිරාජ්‍යයා වන ධර්මාශෝක රජුගේ හිමිකාරීත්වයට බුදු හිමියන්ගේ ධාතූන් උරුම වන්නේ එළෙසය. එත් අජාසත්ත රජු දවස මහ රහතුන් වහන්සේලා හිමි කරගෙන මතු දිනක රජවන අශෝක රජු වෙනුවෙන් තැන්පත් කළ සම්බුද්ධ ධාතූන් අතරට නොවැඩි බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා කොටසක් රාම ග්‍රාමයේ වැඩ සිටියේය. රාම ග්‍රාමයේ වැඩ සිටිය ධාතු ධ්‍රෝණිය හිමි වන්නේ සිරි ලකටය. සිරිලක මහා ථූපය වූ මහා සෑය හෙවත් රුවන්වැලි මහා සෑයේ නිදන් වන්නේ එම රාම ග්‍රාමයේ ධාතු ධ්‍රෝණියය. 


රාම ග්‍රාමයේ ධාතු ධ්‍රෝණිය සඳහා ද ඇවිළී ගියේ බල සම්පන්න දේශපාලන අරගලයකි. රාම ග්‍රාමයේ වැඩ සිටිය ධාතූන් වහන්සෙලා අත්පත් කර ගැනීමට පලමුව අරගලයට පිවිස ඇත්තේ නාගයන්ය. නා ලොව නාගයන් ලෙස මහවංශය, ථූපවංශය මෙන්ම සමන්තපාසාදිකාව ද සඳහන් කරන්නේ නාග ග්‍රෝතිකයන් පිළිබඳවය. ඒත් මේ නාග රාජධාණිය හෝ මෙහි අගනුවර කොහිදැයි තවමත් පුරා විද්‍යාත්මකව සනාථ කරගෙන නැත.

 

කෙසේ නමුත් රාම ග්‍රාමයේධාතු ධ්‍රෝණිය නාගයන් පැහැර ගත් පසු එම ධාතූන් වහන්සේලා සිරිලක් මහා රහතුන් වහන්සේලා වූ ඉන්`ද්‍ර සහ ගුප්ත මහා රහතුන් විසින් ගෙන විත් දුටුගැමුණු රජු අතට පත් කරන්නේය. ඒ dutugemunu kingනාගයන් සහ සිංහලයන් අතර පෝක් සමුද්‍ර සංධියේ ඇති වූ මාරක යුද්ධයකින් අනතුරුවය. 


මහවංශය ඇතුළු ථූප කතා පිළිබඳව ලියවුණ සියළු සසුන් වාර්තා මේ බිහිසුණු යුද්ධය ගැන ලියා ඇත. එම ධාතු කෝළහාලය ගැන විමසන විට පෙනෙන්නේ මෙය බරපතල ජාතික යුද්ධයක් තරම් බිහිසුණු වූ සැටියකි. නාගයන් රැක ගත් බුදුන් වහන්සේගේ ධාතු ධ්‍රෝණිය තම සෘද්ධි බල ප්‍රාතීහාර්යයෙන් සිංහලයන් සතු කර දෙන්නට මහ රහතුන් වහන්සේලා තීරනය කරන්නේ කුමන යුක්ති පදනමකින්ද යන්න විමතියකි. එය විමතියක් වුවද, රුවන්වැලි මහා සෑය සිංහල බුදුසසුනේ අග්‍ර ජීවය වී ඇත.

 

එබැවින් මේ නාග-සිංහල යුද්ධය ගැන එළාර-ගැමුණු යුද්ධය තරම් කතා බහක් වී නැත. ඒත් එළාර-ගැමුණු යුද්ධය තරම් සවිස්තරව ධාතු යුද්ධය ගැන වංශ කතා කරුවන් ලියා තබා ඇත. මෙයට දෙදහස් වසරකට පෙර අනුරාධපුරයේ දී ඇවිළී ගිය එළාර-ගැමුණු යුද්ධය තරමට මෙම යුද්ධය ද අපට බලපෑමක් කර ඇතැයි සිතේ. මන්ද තම ප්‍රාණ සමාන ධාතු ධ්‍රෝණිය සිහලයන් අත්පත් කර ගැනීම නාග වාර්ගික හදවත් දෙදරවන්නට ඇත. ඒ දෙදරු හදවත් ගැටුම තවමත් නොසිඳි ගලා එනවා ඇත. 


නාග ග්‍රෝතිකයන් සතුවූයේ රාම ග්‍රාමයේ තිබූ ධාතූන්ය. එසේ නම් ප්‍රථම සංගායනාවේ දී මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේ එම ධාතූන් වහන්සේලා මගධ නුවරට වැඩම නොකොට ශේෂ කළේ නාගයන් සතු වීමටද? නොවේ නම් සිංහලයන් සතු වීමටද? එසේ නොවේ නම් නාගයන් හා සිංහලයන් අතර ගැටුමකට මග පාදන ලෙසට මෙම සිදුවීමට මහ රහතුන් වහන්සේලා ඉඩ හසර ඇති කළේ මන්ද? විටක එය භාවිත සමාජයේ ආගමික පැවැත්මට ජාතික ගැටුම් මුල්වන බවට වූ අවබෝධය නිසාද විය හැකිය.

මේ කිසිවක් නූතන අපට වැඩක් වී නැත්තේ එම ධාතූන් දැන් සිංහල අපේ උරුම සිරිත වී ඇති බැවිනි. එමෙන්ම නාගයන් තමන් වෙතින් උදුරාගත් ධාතු ධ්‍රෝණියට උරුමයක් කියා පෑමටද ඉදිරිපත් වී නැති නිසා මේ ගැන කිසිවෙක් කතා නොකරති. 


මේ නාග විවාදය දිගු කතාවකි. බුදුන් වහන්සේ සරණ යන ප්‍රථම සිරිලක්වාසීන් වන්නේ ද තපස්සු භල්ලුක නම් නාග වෙළෙන්දන්ය. එමෙන්ම උන් වහන්සේ සිරිලක වැඩම කළ ප්‍රථම දින පිළිගන්නේද නාගයන්ය. කැළණියේ දී, නාගදීපයේදී, ඒ නාග කතාව යළිත් සිහිපත් වේ. නාගයන් නමින් අතීත සිංහලයට මුල් වූ ගෝත්‍රයක් ද වේ.

ඒ අනුව දුටුගැමුණු රජ දවස සිංහලයන් සමග මුසු නොවී බුදුන් වහන්සේගේ ධාතු වන්දනා කරමින් එය තම ප්‍රාණ සමාන රාජ වස්තුව සේ රැක ගත් මේ නාග බෞද්ධයන් කවුරුද? මේ ගැන ඉතිහාස වීමංසාවක් නැතිවීම මහත් ගැටළුවකි. 


පෝක් සමුද්‍ර සංධියේ දී එකළ බුදුන් වහන්සේගේ ධාතූන් සඳහා ඇවිළ ගිය යුද්ධය පසක් කරන්නේ නාගයන් සහ සිංහලයන් සතුරු බළමුළු දෙකක් බවකි. ඒ අනුව එළාර නමින් ද්‍රවිඩයන් ද, දුටුගැමුණු නමින් සිංහලයන් ද, යුධ වැද එම උණුසුම මැකී යන්නටත් මත්තෙන් මෙළෙස යළිත් ඇවුලුණ ජන වර්ගය කවුරුන්ද? මෙය සොයා යායුතු ඉතිහාස නිමිත්තකි. 


නාග බෞද්ධයන් හා සිංහල බෞද්ධයන් අතර ඇවිළි සටනින් සිංහල බෞද්ධයන් ජය ගෙන නාග බෞද්ධයන් පැරදුණ බව සැබෑය. ඒත් සිරිලක් දිවට ධාතු ධ්‍රෝණිය ලැබෙන තෙක් අජාසත්ත හෝ ධර්මාශෝක රජුන්ට එය හිමිකරගත නොහැකි ලෙස රැකගත් නාගයන්ට හිමි ගෞරුත්‍වය කුමක්ද ? 


dutu Gරාම ග්‍රාමයේ ධාතු ධ්‍රෝණිය, මහා භාරතය, සිරිලක්දිව මෙන්ම බෞද්ධ ඉතිහාසය හරි මැදින් දිවෙන ගැඹුරු කතාවකි. විටක එය සිංහල දෙමළ ජාතීන්ගේ ගැඹුර විනිවිද යා හැකි පුවතකි. රුවන්වැලි මහා සෑය නිසා සිංහල බුදුදහමේ පණ නළ රැකෙන බව සැබෑවකි. ඒත් නා ළොව කළඹා එදා දකුණු ඉන්දියාව හා උතුරු ලංකාව අතර වූ පටු සමුද්‍ර තීරයේ ඇතිවී ගිය මහා ගැටුම මෙනෙහි කළ යුතු තරම්ය. මන්ද, විමසිය යුතු හා නොසඟවා පැවසිය යුතු බැවින් පරිණත තෙරවරු මෙම පුවත මතු පරපුරට වාර්තා තබා ඇත.

එසේ නම් මෙම පුවත විමසා ගවේෂණයට කිසිවෙක් ඉදිරිපත් වී නොමැත්තේ මන්ද? මහා සෑය නූතන අපට ඇත්තක් වූයේ නාරංවිට සුමනරතන හිමි නැවත සොයාගෙන පාකර් ශ්‍රීමතාණන් පුරාවිද්‍යාත්මකව පාදා ගත් නිසාය. එලෙසම රාම ග්‍රාමයේ ධාතු ධ්‍රෝණිය තැන්පත්ව තිබූ භූමියද, නා ළොව ධාතු ධ්‍රෝණිය තැන්පත්ව තිබූ භූමියද සොයා පාදාගත හැක. මෙලෙස සොයා යෑමෙදී නාග බෞද්ධයන් හා සිංහල බෞද්ධයන් අතර ධාතු අරභයා ඇතිවූ ගැටුම දිගු සමාජ වෛරයක් වී ඇති බවට පසක් කරන්නේ රාම ග්‍රාමයේ ධාතු ධ්‍රෝණියමය.

මන්ද, නාග ලොවෙන් පැහැරගත් ධාතු ධ්‍රෝණිය තැන්පත් කොට රුවන්වැලි මහා සෑය තනවා නිම කරන්නට මත්තෙන් දුටුගැමුණු රජිඳු ඝාතනය කර දැම්මේ නාගයෙක් විසිනි. රාම ග්‍රාමයේ ධාතු ධ්‍රෝණිය වඳින පුදන සිංහල අපේ යුතුකම නාගයන්ට සිදු කෙරුණ අයුක්තියට යුක්තිය ඉටු කරමින් මේ සමාජ වෛරය නිමා කිරීමය. එවිට සැබැවින්ම අපි ශාක්‍ය මුනින්`ද්‍රයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වනු ඇත්තෙමු. 

 

 

සුජිත් අක්කරවත්ත.

දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වායාම පසුගිය ලිපි මෙතනින්

Sujith Akkarawathe

 

 

 

 

The Leader TV අද වීඩියෝ 

 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58