1200 x 80 DMirror

 
 

ලංකාවේ ඉංග්‍රීසි පාලනය ආරම්භ කිරීමට මුල් වන්නේ ජෝන් ඩොයිලිය. මේ සඳහා මුලිකයා වීමට ඔහු සපුරාගත් පළමු සුදුසු කම පාලි සිංහල දෙභාෂා ප්‍රවීණකමය.

ඔහුගෙන් ඉගෙන ගත් මේ වෑයම ඉන් පස්සේ ලංකාවට කිතුණුකම ගෙන එමට මුල් වන පිරිසටද හේතුවක් විය.

කොහොමටත් ගොන්සාලිස් පියතුමා මේ ගැන මුල්ම උනන්දුව ගත් අයෙකි. එතුමාණෝ සිංහල බස කමනීයව හැසුරු ගුරු වියෙතෙකු වන්නේ ඉංග්‍රීසින්ටත් පෙර යුගයේ මහනුවර රාජ යුගයෙහිය.

කොහම උනත් ඉංග්‍රීසි සමඟ කිතුණු ආගමේ නව නිකාය සම්ප්‍රදායකට ලංකාවේ දොරටු හැරුනේය. ඉංග්‍රීසින් ගේ කිතුණු නිකායන් වල තිබු පදනම ආධ්‍යාපනයට බර තබා කටයුතු කිරීමට දෑරු උනන්දුවය.



මේ උනන්දුව නිසා අප අතර ඇති සුලබ මතය නම් ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා පල්ලිය අපට උවමනා වු බවය. එය ඇත්තකි. එත් ඇත්ත ඇත්ත විදියට ගත්විට තවත් ඇත්තක් ඇත. ඒ ඉංග්‍රීසි පාලනය සමඟ මෙහි පැමිණි කිතුණු පුජක ප්‍රජාව අතරින් සම්ප්‍රදායික පෙරදිග භාෂා උනන්දුවක්ද ජනිත වු සැටියය.



මේ උනන්දුව නිසා ඇතිවන වැදගත් වෙනස වන්නේ සිංහලන්ගේ උරුම පොත සොයා ගැනීමට ඔහුනද සටනට පිවීසීමය. ඒ අනුව ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් හා හියු නෙවිල් අතර ඇතිවන සහ ප්‍රේමි බුද්ධි ඇසුර අතට එක්ව සිටියෙකී හැස්ලම් පියතුමා.

එතුමා ඒවන විට භාරතයහි සිට ලංකාවට සැපත්ව සිටියේය. ලංකාවට පැමිණ මෙරට වැදගත්ම ස්ථානයක එතුමා ආධ්‍යාපන ආයතනයක් අරඹණනේය. ඒ කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යායතනය.

එම භුමිය ක්‍රි:ව1546 දී සිංහලන් හා පෘතුග්‍රීසීන් අතරද ඒ නිසාම බෞද්ධත්වය හා කිතුණුවරුන් අතර ගැටීමකට මුල පිරුණු තැනය. ඒ කෝට්ටේ රාජ මහා විහාරය පිහිටි භුමිය ආක්‍රමණය කර පෘතුග්‍රීසීන් පල්ලියක් තැනු නිසාය.

පසුව එය ලන්දේසි යුගයේද ඉන්පසුව ඉංග්‍රීසි යුගයේද විද්‍යාස්ථනයකට පෙරලිණි.



පසු කාලීනව කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට ප්‍රතිපක්‍ෂව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය බිහි වන්නේ මේ අතීත කථාවේ දිග්ගැස්සුනු අරගලයද ජිවමාන කර ගනිමිනි.



ඒත් ගැටුම් ගැන කන තබා ඒ ගැනම හිත තබාගෙන ලක් ඉතිහාස තතු කියවීම ලිවීම හා මතු කිරීම අත හැර ගත යුතුයැයි සිතුණු පසු බොහෝ දේ දැක ගන්නට හැකිය.

ඉතිහාසය සිංහලත්වහි සාර උරුමය බව සෑබෑය. එත් එකි සාර කමට උරදුන් හැමෝම ඒ සාර කම තුළින් මතු විය යුතුය.

මේ ගැන මෙනහි කරන විට හැස්ලම් පියතුමා ඉතිහාස පුජාසනය වෙත පැමිණිය යුතුව ඇති වැදගත්ම චින්තකයකු බව පසක් වේ.

හියු නෙවිල් පඬිතුමා සිංහලත්වයේ උරුම පොත සොයන විට ලක් සමාජය තම පැරණි භාෂා හීනත්වයක පටු වී තිබුණි. පාලි බස හැරුනු විට සිංහල ඉතිහාසය කියා ගැනීමට තිබුණ අනෙක් බස සංස්කෘතය. මන්ද හිනයානිකයන් පාලියෙන් ඉතිහාසය ලියා තැබු විට මහායානිකයන් සංස්කෘත භාෂාව ඒ සඳහා භාවිතා කර තිබුණෝය.



පාලි බස මෙන් නොව සංස්කෘත බස බ්‍රාහ්මණ ආගමහි මූල බසය. ඒ බස මහායාන බෞද්ධයන් අතීන් වෙන අරුත් සහිත වාග් විද්‍යාවක් බවට පත්ව තිබුණි. මන්ද මහයාන දැක්ම තුළින්ම විහිදි ගිය තන්ත්‍රයානික බෞද්ධයන් “දේවනාගරි” නමින් අක්‍ෂර බන්ධන සංස්කෘත භාෂාවක් භාවිතාවට ගෙන තිබුණි. මේ අනුව හැස්ලම් පියතුමා ලංකාවට සැපත් වන විට මෙරට දේවනාගරි සංස්කෘත බස දන්නා කිසිම ගිහි පැවිදි සිංහළ පඬිවරයෙකු නොවිය.



ඒ අනුව නිදහස් සිංහළ හැඟීම් සොයා යාම ඇරඹි තිබුණි. ඒ සඳහා නාදුගල මහා තෙරිඳු පුරුෂ ලකුණු විමසමින් කුල දරුවන් දෙනෙකු සසුන් ගත කර තිබුණි.

පසුව මහාවංශය සිංහළ බසට පෙරලන්නේ මේ දෙදෙනාය. ඒ හික්කඩුවේ සුමංගල මහ තෙරිඳු හා බටුවන්තුඩාවේ පඬිතුමාය. බටුවන් තුඩාවේ පඬිතුමා පැවීදි වී සිටියේ බටුවන්තුඩාවේ දේවරක්‍ෂිත තෙර නමිනී.

උන්වහන්සේ මෙරට අද්විතීය උගතෙකු සේ පෙරට එන්නේ කෝට්ටේ යුගයේ වැඩ විසු තොටගමුවේ රාහුල මහ තෙරිඳුට පසු දේවනාගරි අකුරින් සුසැදි සංස්කෘත භාෂාව හැදෑරු එකම හා ප්‍රථම චරිතය වෙමින්ය.



මෙසේ බටුවන්තුඩාවේ හිමියන්ට ඒ මඟ පෑදෙන්නේ කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාධිපතිව ක්‍රි:ව 1844 දී පැමිණි හැස්ලම් පියතුමා නිසාය. හැස්ලම් පියතුමා භාරතයේ සිට දේව නාගර අකුරු සිත්තම හදාරා මෙහි පැමිණීමත්, අවසන් දේවනාගර භාෂා ප්‍රවීණයාව සිටී තොටගමුවේ රාහුල තෙරිඳු වැඩ සිටී කෝට්ටේටම සැපත් වීමත් පුදුම කථාවකි. එවගේම බද්දෙගමදී මහණ වී මහනුවර මල්වතු මහ විහාරයේ ශිල්ප ලැබ කෝට්ටේ රාජ මහා විහාර ශාසන පෙලපතට බටුවන්තුඩාවේ හිමි දායාද වීමත් තවත් මවීත කථාවකි.



ඉතිහාසය නිමක් නැති දිගුවකි. එහි රසාලිප්ත බවත් පුදුමයක් අරුමයන් වන්නේ හිතා ගත නොහැකි දෛව සමාන කම් නිසාය.

දේවනාගරි අකුරු කරනය කෝට්ටේ රාජධානිය සමයේ තොටගමුවේ මහ තෙරිඳු පසක් කර ගෙන ඇත්තේද භාරතයෙන් මෙහි පැමිණි රාමචන්ද්‍ර භාරති පඬිවරයාගෙන්ය. ඒ රාම චන්ද්‍ර භාරතී මෙරට පැමිණ නවාතැන්ගෙන ඇත්තේ කෝට්ටේය. පුදුමය හැස්ලම් පියතුමාද භාරතයෙන්ම පැමිණ කෝට්ටේම නවාතැන් ගැනීමය.

 අනෙක් පුදුමය තොටගමුවේ රාහුල තෙරිඳු ද බැද්දේගම ගාලු කලාපයෙන් කෝට්ටේට එමත් ඒ වගේම බටුවන්තුඩාවේ හිමිද එම කලාපයේ කෝට්ටේ පුරවරයට පැමිණි සැටිය. දෙන්නාම දේවනාගරි බස භාරත වැසියකු අතින් හැදෑරීමත් පුදුම හිතෙන කථාවකි.



මේ පුදුම හිතෙන කථාව අතර දුක හිතෙන කථාව වන්නේ රාමචන්ද්‍ර භාරති දෙමළකු නිසාද හැස්ලම් සුද්දෙකු නිසාද යටපත් වු සැටියය. රාමචන්ද්‍ර භාරතියෙන් දේවනාගරි අකුරු සාස්තරය සිංහලයන් සතු නොවන්නටද හැස්ලම් පියතුමාගෙන් නැවත එම අකුරු ඥානය හිමි නොවුනේනම් ඉතිහාසය පදා ගන්නට නොහැකිවන බවය.




එත් ඉතිහාස හා උරුමය එක පසෙකට කොටු කර ගත් දා පටන් සාර බවක් නැති ගිරා මයිනන් බවට අපව පත්ව ඇත්තෙමු.

දැන් ඇති ප්‍රශ්ණය සිංහල පාලි සංස්කෘතික ඉංග්‍රීසි යන සතර භාෂාවම දන්නා වියතුන් නැති කමයය. ශඩ් භාෂා පරමේෂ්වරලා සිටි රටක සිව් භාෂා වියතුන්ද නැති වී ඇත. බහු භාෂා වියතුන් හැදෙන්නේ ආගම් වාද නැති තැනකය ය.
 
වායාම පසුගිය ලිපි  මෙතනින්

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
WhatsApp Image 2021 09 04 at 3.37.38 PM
 
 
 
 
 
  
 

 


Leader Whats app


 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58