1200 x 80 DMirror

 
 

ලෙනින් තමන්ගේ ‘කළ යුත්තේ කුමක් ද?’ යන ගැටලුව අරභයා ඉදිරිපත් කළ ප්‍රවාදය මූලික වශයෙන් පහත අංග වලින් සමන්විත ය.



1. සමාජය වෙනස් කිරීමට හුදු න්‍යාය හෝ අන්ධ භාවිතාව ගැළපෙන්නේ නැත. ඒ සඳහා, සංවිධාන ආකෘතියක් අවශ්‍යය. එය, ‘පක්ෂය’ නමින් හැඳින්විය හැකි ය. ලංකාවේ දැනට තිබෙන ‘පක්ෂ ආකෘති’ යනු, ඡන්ද කාලයට සමාජයට මැදිහත් වන තාවකාලික අට්ටාල ය. පක්ෂ ආකෘතිය ‘මහජනයා’ නමින් මණ්ඩි බැස ඇති පිරිස් වෙතට ‘විඥාණය’ අරගෙන යනු ලැබේ.


2. සාමූහික අධිෂ්ඨානය නැතහොත් කොමියුනිස්ට්වාදය යනු, තනි පන්තියක මැදිහත් වීමක් පමණක් නොවේ. කොමියුනිස්ට් යනු, පන්ති අතර සබඳතා සාමූහික අරමුණකට දිශාණත කිරීමයි.[LENIN AS A POST-MARXIST AND THEORY OF HEGEMONY.]


3. විප්ලවවාදී සංවිධානයක කාර්යය දේශපාලන හෝ ආර්ථික අරගලයකට පමණක් සීමා වන්නේ නැත. එය, දෘෂ්ටිවාදී අරගලය නම් අන්තයට ද විකාශය විය යුතු ය.[IDEOLOGICAL STRUGGLE]


4. විප්ලවවාදී සංවිධානයක්, එහි අභ්‍යන්තරය ආධුනික බව අවබෝධ කරගත යුතු ය. එය, හුදු සිද්ධාන්ත හෝ වියුක්තකරණයන් ආරක්ෂා කරන්නක් නොවිය යුතු ය. මෙවැනි සංවිධානයක් අභ්‍යන්තර අරගලය සහ බාහිර අරගලය අතර සංයුක්ත රේඛාවක් ඇඳිය යුතු ය. මන්දයත්, මෙවන් ව්‍යාපාරයක් අතීත වියුක්තනයන් සමඟ නිරන්තරයෙන් ගැටෙන නිසා ය.

ලංකාව වැනි රටක ප්‍රගතිශීලි ව්‍යාපාරවල ගැටලුව වන්නේ, ඔවුන් බාහිර බාධා මිස ‘අභ්‍යන්තර සීමා’ හඳුනා නොගන්නා නිසා ය. [FREEDOM AND ETHICS]

අපට දැන් අපගේ සංවිධානයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර ආතතිය (‘සයිකෝ’ චිත්‍රපටයේ අන්තර්ගතය වන්නේ, නාගරික හිස්ටෙරික ස්ත්‍රියක් ස්ව උල්ලංඝනයකට භාජනය වී පසුව වැරැද්ද නිවැරදි කර ගැනීමට දරණ ආත්මීය ක්‍රියාව යි. නමුත්, චිත්‍රපටයේ අධ්‍යක්ෂක ‘හිච්කොක්’ විසින් චිත්‍රපටයේ ආකෘතිය බවට නෝමන් බේට්ස්ගේ ආශාව පත් කරයි. එවිට, අප චිත්‍රපටයේ කතාව වෙනුවට ඉහත කී විපරීත ආශාව වෙතට හැරෙයි. ගම/ නගරය අතර ආතතිය නරඹන අප ඉන්පසු මිනීමරුවෙකුට අනන්‍ය වීමෙන් සදාචාර ගැටලුවකට මැදි වෙයි. දේශපාලනය වෙනුවට සදාචාර ගැටලුව අධිනිශ්චය වෙයි.) කතාබහ ලෝකයට රැගෙන ආ හැකි ය.


ඩිල්ෂාන්ගේ විග්‍රහය....


සරලව කිවහොත්,’ X දේශපාලනයේ’ ආකෘතිය පිළිබඳ ගැටලුවට අපට දැන් අවධානය යොමු කළ හැකි ය. මේ ගැටලුව අරබයා ඩිල්ශාන් ප්‍රනාන්දු සහෝදරයා විසින් න්‍යායගත කළ පහත ප්‍රවාදයට අපි මුලින් අවධානය යොමු කරමු.

දශක දෙකක X දේශපාලනයේ ප්‍රොබ්ලමැතිකය නැතහොත් පිළිතුරක් නැති ප්‍රශ්න ගොන්න ඩිල්ශාන් විසින් පහත ආකාරයට සංකල්පගත කරයි. 90 දශකයේ මැද සිට අද දක්වා පැමිණෙන මූලික ප්‍රතිවිරෝධය ඩිල්ශාන් ආකෘතිය සහ අන්තර්ගතය අතර ආතතිය නැතහොත් විනෝදය ලෙසින් විකාශය කරයි.

ඩිල්ෂාන්ගේ විග්‍රහයට අනුව, 90 දශකයේ සිට X කණ්ඩායම ලෙස මා ඉදිරිපත් කළ ‘අදහස්’ (IDEAS) සංවිධානයේ අන්තර්ගතය බවට පරිවර්තනය විය.

එතැනදී, ඩිල්ශාන් වැදගත් ප්‍රශ්නයක් මෙලෙසින් අසයි. “ දීප්තිට අවශ්‍ය නම් ඔය වැඩේ පොත් හරහා තනියම කරන්න තිබුණා. ඇයි ඔයා ඒ වැඩේට සංවිධාන රාමුවක් හදා ගත්තේ? “ ඩිල්ෂාන් ඊළඟට සූත්‍රගත කළේ, මෙවැනි අදහසකි.

“1935 සිට ලංකාවේ බොහෝ දේශපාලන ව්‍යාපාර සහ චින්තක- චින්තිකාවන් උත්සාහ කරා වැඩ දෙකක් කරන්න. අපට ඒ වැඩ දෙකට පහත ආකාරයට කාලානුරූපයක් සවි කරන්න පුළුවන්.”


1- රාජ්‍ය බලය ලබා ගැනීම :

සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ හරහා ජවිපෙ දක්වා. අවශ්‍ය නම්, සිවිල් ව්‍යාපාරත් මේ ගොඩට දාන්න පුළුවනි. 1994 සිට අද දක්වා දේශපාලන පක්ෂ සහ සිවිල් ව්‍යාපාර අතර ආතතියක් හට ගන්නේ, මේ නිසා ය. මෙය, බටහිර විරෝධයක් වන්නේ බාහිරට පමණි.


2- ධනවාදය නම් ”නිෂ්පාදනය”[PRODUCTION] සමාජීයව සංවිධානය කරන සමාජ-ක්‍රමය යටින් ගමන් කරන ‘අභ්‍යන්තර වියමන හෝ ව්‍යුහය’ (UNDER TEXT) හෙළිදරව් කරමින් ධනවාදයට එරෙහිව අර්ථකථනවේදයක් නිර්මාණය කිරීම. 


(S.B.DE SILVA, G.V.S. DE SILVA, චාල්ස් අබේසේකර, නිව්ටන් ගුණසිංහ, සුනිල් බැස්ටියන්, කුමාරි ජයවර්ධන, ගණනාථ ඔබේසේකර, ජයදේව උයන්ගොඩ, ලෙස්ලි ගුණවර්ධන…. ආදීන්ගේ ලිපි ලේඛන පරීක්ෂා කරන්න!)

 

ඩිල්ෂාන්ගේ ප්‍රවාදයට අනුව, මා විසින් ඉහත ආස්ථාන දෙකට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රවාදය වූයේ, මිනිසා සතු පාරභෞතික ලෝකය (METAPHYSICAL WORLD) යි.

ඉතාම සරලව කිවහොත්, ලංකාවේ 90 දශකය දක්වා ආරෝපණය කරන ලද ‘අර්ථකතනවේදයට’ [HERMENUTICS]එරෙහිව මා විසින් ඉදිරිපත් කරන ලද්දේ, ‘සංඥාර්ථවේදය’ යි.[SEMIOTICS] පළමුවැන්න, සමාජ විද්‍යාවට අදාළ ක්ෂේත්‍රයකි. දෙවැන්න, මානුෂික විද්‍යා ක්ෂේත්‍රයකි.[HUMAN SCIENCES]
 
 
ඉහත ප්‍රවාදය සරලමතිකකරණයකට ලක් කළහොත් එය මෙවැනි ය. දීප්තිගේ කතිකාව නිසා රාජ්‍ය බලය ගන්න ගිය අයත්, ධනේශ්වර ක්‍රමය පිළිබඳ අර්ථකතනවේදී අයත් එකසේ අර්බුදයට යන ලදී. ඒ කියන්නේ, X කතිකාව නිසා ඉන් බාහිර දේශපාලනය 90 දශකය මැද සිට අද දක්වා අර්බුදයකට සහ ක්ෂය වීමකට ලක් වෙමින් පවතී. ඒ ගැන සමහරු සංවේදී ය; සමහරු අසංවේදී ය; තවත් සමහරු නරුමවාදී ය. [විශේෂයෙන්, ජවිපෙ සහ ඔවුන්ගේ මතවාදී සහායකයන්.]
 
 
ඉහත පරකාලීන තත්වය නිසා X දේශපාලනයේ ආකෘතිය-FORM- සහ අන්තර්ගතය -CONTENT- අතර නිරන්තර ආතතියක් පැමිණේ. 2004 වර්ෂයේ දී, මේ ආතතිය පුපුරා ගියේ ‘අදහස්’ -IDEAS- නම් අන්තර්ගතය හරහා ය.

90 දශකයේ මුල සිට මා විසින් ඉදිරිපත් කළ විවිධ තලවල අදහස් ජීරණය නොවූ සමහරුන් සංවිධානයේ ගැටලුව ලෙස සූත්‍රගත කළේ, මා ඉදිරිපත් කළ අදහස් දෝෂ සහගත බවයි. එබැවින්, ඔවුන් මා ඉදිරිපත් කළ අදහස් අර්ථකතනය කිරීමේ දෘෂ්ටිවාදයක අදත් පැටලී සිටියි.

මා ඉදිරිපත් කළ කතිකාවේ ‘මාස්ටර් හැඟවුම්කාරකය’ – MASTER SIGNIFIER-ස්ලාවෝජ් ජිජැක් ලෙස වැරදියට වටහාගෙන, ඔහුගේ ‘නම’ සිංහලෙන් භෞතීෂ්ම කරන්න දැඩි වෙහෙසක් දරයි. ඔහුගේ පොත් සිංහලට පරිවර්තනය කර මගේ කතිකාව අවිනිශ්චය කරන්නට උත්සාහ කරයි.


නමුත්, ‘අර්ථය’ – MEANING- මගේ දේශපාලනයේ මූලය නොවන බව මේ අය තවම වටහාගෙන නැත.


 රටේ ජනගහනයෙන් 80% ඉන්නේ ගම්වල බව මම දන්නවා. එයින්, 0.017 % ක් පමණ වාර්ෂිකව නගරවලට සංක්‍රමණය වෙයි.  මේ අය, ගම- නගරය අතර විසංවාදය තුළ නෛසර්ගිකව අර්ථකතනවේදීන් වෙයි.

නමුත්, මගේ ගැටලුව වන්නේ ‘පශ්චාත්-යටත්විජිත අඩුව’ (POST-COLONIAL LACK) නොහොත් සමාජ සබඳතාවල යථ (REAL) නම් කළාපය යි.

අර්ථකතනවේදය අයත් වන්නේ, ප්‍රපංච විද්‍යාවට ය. ව්‍යුහවාදයට අනුව, ‘අර්ථය’ නොව වැදගත් වන්නේ ‘නිර්-අර්ථය’ යි. නැතහොත්, අවිඥාණක ව්‍යුහය යි.

මින්නේරියෙන්, දෙනියායෙන්, බලංගොඩින්, හලාවතින්, ඇහැලියගොඩින්, වඳුරඹින් එන අයට වඩා වැදගත් වන්නේ, කොළඹ අගනගරයේ ‘සංකේත ප්‍රබන්ධය’ යි.
ඔවුන් තමන්ව නරඹන්නේ, තමන්ගේ අවිඥාණක ආශාවේ පතුලක් නැති ළිඳෙන් නොව අනුර කුමාර, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, නිමල්කා ප්‍රනාන්දු, පාක්‍යසෝති, අර්ජුන පරාක්‍රම වගේ මාස්ටර්වරුන්ගේ චිත්‍රය හරහා ය.

හම සුදු ජිජැක් වගේ අය මේ අයට බුදු සර්ලා ය. දැක්කොත් ඉබේටම කොන්ද නැමෙනවා.

ඩිල්ෂාන්ට අනුව, මා ඉදිරිපත් කළ පාරභෞතික කතිකාවේ මූලික සංඝටක මෙසේ ය. ලිංගිකත්වය, ආදරය, ජනප්‍රිය සංස්කෘතිය, ස්ත්‍රිය, මනෝවිශ්ලේෂණය, මහා අනෙකා යනුවෙන් කෙනෙක් නැත, ධනවාදය කතිකාවකි, නගරයට පැමිණි ගැමියා හැසිරෙන්නේ නෝමන් බේට්ස් පරිදි ය වැනි ඒවා ය.
 
 
 
සංයුක්ත උදාහරණයකට එන්නේ නම්, මා ලංකාවේ ස්ත්‍රීන්ට කියන්නේ මෙවැන්නකි. “පිරිමියා යනුවෙන් මහා අනෙකෙකු නොමැත. ස්ත්‍රිය ඔබ ඒ නිසා ලිංගිකත්වය සහ ආදරය ඉදිරියේ නිදහස් ය !”. සුරේඛා සමරසේනගේ කෙටිකතා සංග්‍රහය තුළ සංගෘහිත පණිවුඩය එය යි. අද ස්ත්‍රීන් අත්විඳින්නේ, ‘බාහිර බාධාවක්’ නොමැති විටෙක ආත්මීයව තමන්ට තමන්වම අභ්‍යන්තර සීමාවක් -LIMIT- ලෙස සම්මුඛ වීම නිසා ලබන භීතිය යි. මේ භීතියෙන් ගැලවීමට ‘කොළඹ පිරිමියා’ වෙනුවට ‘කුරුණෑගල හේන් ගොවියා’ තෝරාගත් නාගරික ස්ත්‍රිය විශාදයට ලක්වීම අනිවාර්යයකි.
 
 
 
අපගේ ‘පාරභෞතික යථමය’ [METAPHYSICAL REAL- OBJECT A] දේශපාලන සංවාදය නිසා මෙතෙක් අධිපති කතිකාව වූ ‘රාජ්‍ය බලය’ ලබා ගැනීමට අරගල කරන කණ්ඩායම් සේම ධනවාදය පිළිබඳව සමාජ විද්‍යාත්මක ප්‍රවාද ගොඩ නඟන්නන් ද විසංයෝජනය වී ඇත.

මේ තත්වය තහවුරු වී යද්දී 2010-2014 යුගයේ දී සංවිධානය තුළින්ම නව අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් මතු විය. එනම්, ‘තවදුරටත් සංවාද හෝ න්‍යාය වැඩක් නැත. අවශ්‍ය වන්නේ, පක්ෂය ගොඩනැගීම කියන අදහසයි.’ මහින්ද පියදර්ශන මඟින් අධිනිශ්චය වූයේ, මෙම ආස්ථානය යි. මෙම සංවාදය කෙතරම් ස්වභාවික වූයේ ද කිවහොත් මහින්ද යෝජනා කළ ‘ආකෘතිය’ (FORM) ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ යළි පහළ වීමක් ලෙසින් සමහරු අර්ථකතනය කරන ලදී.

සංවිධානයේ අභ්‍යන්තරයෙන් පැන නැඟී ප්‍රවණතාවයන් දෙකෙහි කෙටි ඉතිහාසය ඉහත සඳහන් ය. එකක්, සංවිධානයේ අන්තර්ගතයට -CONTENT- ‘අතිරික්තයක්’ -EXCESS- එකතු කරන ලදී. එය, අවසාන වශයෙන් නූතන අර්ථකතනවේදයේ පියා වූ ගදාමාර්ටත් එහා යමින් ජිජැක්ව පවා ‘අර්ථය’ පිළිබඳ විශේෂඥයෙක් කර මරණ ආශය අනුගමනය කරමින් සිටියි.

මෙම අර්ථකතන දැල්ලට ඉන්ධන ලෙස අනවරතව සමාජ ජාලා ද සම්බන්ධ බැවින් මෙම ප්‍රවණතාවය බොහෝවිට රජමහා විහාරවල පවතින දොළොස්මහේ දැල්ල බවට අනාගතයේ පත්විය හැකි ය. අනෙක් පසින්, සංවිධාන ආකෘතිය හැටියට 2008 ට පසු ඉදිරිපත් වූ ‘පශ්චාත්-නූතන මහින්ද චින්තනය’ [PRACTICAL EXCESS]කැඩපත් අඩවියක හිරවීම නිසා අසහනයකට පත්වී ඇත.

 ඩිල්ෂාන්ගේ විග්‍රහයට අනුව, ‘අප’ පමණක් සංවාද තලයේ ඉතිරි වී ඉතිහාසය විසින් අනෙක් පාර්ශ්ව පරාජය කළේ මන්ද? නැතහොත්, අප විසින් කෙසේද අපගේ ‘සංවිධාන ආකෘතිය’ ගොඩනඟන්නේ?
 
 
දැන් අප සිටින්නේ, මෙම සංක්‍රමණ අවධිය තුළ ය. සංවිධානයක් ලෙස අප අනෙකාගෙන් පමණක් නොව අපගේ ඉතිහාසයෙන්ම පවා කැඩී වෙන් වී ඇත. අපේ පළමු සටන් පාඨය මෙසේ ය. පළමුව භාෂාව යි. දෙවනුව අත්දැකීම යි. විද්‍යාව දෘෂ්ටිවාදය පිටුපසින් ගාටනවා සේ අපගේ අදහස් වලට පිටුපසින් සංවිධාන ආකෘතිය වසර 20 ක් පමණ ගාටයි. විකල්පය කුමක්ද?
 
 
පසු සටහන:

ලංකාවේ මතවාදය මෙහෙයවීමේ පන්ති ගතිකය:


ලංකාවේ මුළු ජනගහණය = මිලියන 22

එම මුළු ජනගහනයෙන් ග්‍රාමීය ජනතාව 80% ක් නම්, එහි ප්‍රමාණය =  මිලියන 17

A/L විභාගයෙන් විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා ප්‍රමාණය ආසන්න වශයෙන් 30,000 කි. මෙය  ජනගහණයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට, වසරකට නාගරිකකරණය වන ප්‍රතිශතය 0.017% කි. ලංකාවේ මතවාදී සැකැස්ම මාධ්‍යවලින් තීන්දු කරන්නේ, මෙම ප්‍රතිශතය යි.


69376348 1376490949155690 4348763487959252992 n(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




(උපුටා ගැනීම- 3mana.com)

 

Leader Whats app


 
ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip
 
 
ராஜபக்ச தரப்பை கிலிகொள்ளவைத்த கருத்துக் கணிப்பு |
 

2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 

විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 

 
සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?

 
225ටම ඇමතිකම්! | වියත්කතා


 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58