1200 x 80 DMirror

 
 

ශ්‍රී ලංකාවේ ‘සමාජ අර්බුදය’ සම්බන්ධයෙන් අපගේ ප්‍රධාන නිරීක්ෂණයක් මතු කර පෙන්වීම අද මාතෘකාවයි.



බොහෝ දෙනා, ‘ක්‍රමය’ නැතිනම් SYSTEM CHANGE එකක් අවශ්‍ය කරනවා යන අදහස ගිරවුන් මෙන් ඇදබාන බව අවිවාදිත ය. නමුත්, ඒ කිසිවෙක් ‘ජනතා විමුක්ති පෙරමුණ’ සහ ‘පෙරටුගාමීන්ව’ ද ඇතුළත්ව මේ සිස්ටම් එක යනුවෙන් අදහස් කරන නාම පදය නිර්වචනය කරන්නේ නැත.

අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිල ඇති බව සැබෑ මුත් ඔවුන් දෙදෙනාම SYSTEM එක යනුවෙන් අදහස් කරන්නේ, ”රාජපක්ෂ රෙජීමය” යි.  ඔවුන් කතා කරන්නේ, රාජපක්ෂ රෙජීමයේ අවසානය පමණි. ඔවුන්ට අනුව, පවතින ක්‍රමයේ රෝග ලක්ෂණය රාජපක්ෂ පවුලයි. ඔවුන් නොමැති තැන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙයි.[PURE IDEOLOGY]

 

බහුතර දෙනා මේ ‘ක්‍රමය’ යනුවෙන් අදහස් කරන දෙයට ධනවාදය [CAPITALISM] යන නාම පුවරුව සවි කළහොත්, ‘සජිත්-අනුර’ දෙබෑය අපට පවසන්නේ මෙවන් අදහසකි.

 

‘රාජපක්ෂ පවුල’ නැතිව ගියහොත්, ධනවාදය ලංකාවේ රෝග ලක්ෂණ වලින් නිදහස් වෙයි. [ආදායම් විෂමතාවය, වාර්ගික අසමගිය, විභාග අසාධාරණය, (අපොස උසස් පෙළ හොඳින් සමත් වන අයට පමණක් රජයේ සුරක්ෂිත සහ කප්පම් ලබා දෙන රැකියා අවස්ථා ලබා දීම) ගම-නගරය අතර පවතින සමාජ-ආර්ථික විෂමතාවය, ඉඩම් වලින් ප්‍රයෝජනයක් ගැනීමට ප්‍රාග්ධනයේ හිඟකම, දරිද්‍ර කලාපයට අයිති මන්දපෝෂණය, වාමාංශිකයන් මිනිස් හර පද්ධතිය අතහැර සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් පෙනී සිටීම, ජනගහනයෙන් බහුතරයකට විශ්‍රාම සමයක් හිමි නොවීම, සෞඛ්‍ය සේවය අසාධාරණ ලෙස බෙදී යාම, රාජ්‍යයේ ආදායමට ඩොලර් එකතු කරන විගාමික ශ්‍රමිකයන්ගේ මුදල් රජයේ ඉහළ නිලධාරී තන්ත්‍රය සහ විශ්ව-විද්‍යාල ගුරුවරුන් විසින් පුද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීම, රජයේ පාඩු ලබන ආයතන 450 ක් පමණ ප්‍රතිව්‍යුහගත කිරීමේ නො හැකියාව යනාදී කිසිදු කරුණකට රාජපක්ෂලා ගෙදර ගියාට පසුවත් අන් කිසිවෙකුට උත්තරයක් නැත.]

රාජපක්ෂලා හොරු නම්, ජනතා විමුක්ති පෙරමුණ ගාලුපාර දිගේ දින තුනක් විශාල පෙළපාලියක් කොළඹට රැගෙන ඒමේ දී යන වියදම ලබා දුන්නේ කව්ද යන්න හරිණි අමරසූරිය අපට පහදා දිය යුතු ය. අපට මුදල් නැත්තේ සහ ඔවුන්ට මුදල් එන්නේ කොහෙන් ද යන ගැටලුව තීරණාත්මක ගැටලුවකි.

කුමාර් ගුණරත්නම්ගේ මනස ‘ශිෂ්‍ය දේශපාලනයට’ එහා ගිය එකක් නොවන බව වසර 25 කට පසුව ඔප්පු වී ඇත. විශ්ව-විද්‍යාල පාලනය කරන්නේ, විශ්ව-විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නොව කුමාර් ගුණරත්නම්ගේ නඩය බව පැහැදිලිය.

‘ක්‍රමයේ’ අවුලට මෙම සාධක ද ඇතුළත් විය යුතු ය.

එතැනදී, ළහිරු වීරසේකර ළමයාගේ දේශපාලනය සහ රැට්ටාගේ දේශපාලනය අතර අසම්පාතයක් නැත.

මේ අය, SYSTEM එක වෙනස් කරන්නට කතා කරන විට දී අධ්‍යාපන සාධාරණත්වය ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. 80 දශකයේ අග භාගයේ දී, ත්‍රීමාවිතාරණගේ සටන් සගයන් අද දවසේ තම දුවා දරුවන් විදේශ වෛද්‍ය අධ්‍යාපනයට යැවීමට ඩොලර් මිලියන ගණනක් වාර්ෂිකව නාස්ති කරන බව මේ බබාලා දන්නේ නැත.

එම නිසා, කළ යුත්තේ දේශපාලනිකව සහ මතවාදීව අන්තරේට මුහුණ දී රට තුළ පුද්ගලික අංශයට ‘වෛද්‍ය අධ්‍යාපනය’ විවෘත කර දීමයි. චන්ද්‍රිකාගේ දරුවන් දෙදෙනා එංගලන්තයේ දී ඉගෙන ගත් පරිදි, කුමාර් ගුණරත්නම්ගේ දරුවන් ඔස්ට්‍රේලියාවේ දී හොඳින් ඉගෙන ගනියි. රවීන්ද්‍ර මුදලිගේ නම් පොඩි ළමයා, විශ්ව-විද්‍යාල අධ්‍යාපනයට ලබා දෙන ‘පොදු අරමුදල්’ විනාශ කරමින් අප උගන්වන කටුක සත්‍යය මෙය යි.

 

කතාව සාරාංශගත කළහොත් තත්වය මෙලෙස විග්‍රහ කළ හැකි ය. ‘ක්‍රමය’ වෙනස් කිරීම ගැන කතා කරන බහුතර දෙනා ‘ක්‍රමය’ පවත්වාගෙන යාමට හොඳින් ආධාර කරන්නවුන්ය. මේ තත්ත්වය ගැන සාමාන්‍ය උද්ඝෝෂකයන්ට වගේ වගක් නැත. ඔවුන් ‘ක්‍රමය’ වෙනස් කිරීමට උද්ඝෝෂණය කරන මුත්, ඇතුළතින් දෙබිඩි ය. උදාහරණයක් ලෙස, මැද පාන්තිකයන් ක්ෂමා විරහිතව රාජපක්ෂලාට NO කියන ගමන් රහසිගතව මේ ක්‍රමයට YES කියයි.

 

රාජපක්ෂ දූෂිත නම්, එතරම්ම DIALOG, JOHN KEELS, HEYLEYS, SINGER, SOFTLOGIC සහ තවත් බොහෝ ආයතනවල ලොක්කන් ද සමාගම් නීතියට අනුව දූෂිතයන් ය.

එම නිසා, රෝග ලක්ෂණ ඉවත් කිරීමෙන් ‘ක්‍රමය’ අහෝසි වන්නේ නැත. පළමුවෙන්ම, මේ ක්‍රමය තුළ අපගේ විරුද්ධවාදියා පමණක් නොව අප ද ජීවත්වන බව පිළිගත යුතු ය.


බුර්ෂුවා චින්තනය :


මාක්ස්වාදයේ මුලික මූලධර්මයක් වන්නේ, බුර්ෂුවා චින්තනයේ (නාගරික නිදහස් මිනිසාගේ) අසංගත බව නැතහොත්, ඒකීයත්වයක් නැති බව පෙන්වීමයි.

[ANTINOMIES OF MIDDLE CLASS THINKING- A CONTRADICTION BETWEEN TWO BELIEFS OR CONCLUSIONS THAT ARE IN THEMSELVES REASONABLE; A PARADOX.] සරලව කිවහොත්, පවතින ක්‍රමයේ දෘෂ්ටිවාදය පෙන්වා දීමේ දී මධ්‍යම පන්තියේ දෙබිඩි බව පෙන්වා දීම මූලික අවශ්‍යතාවයකි.

 

නමුත්, මෙම තත්ත්වය ලෝකය පාලනය කරන්නන්ට පමණක් නොව ලෝකය වෙනස් කරන්නට කයි ගහන අයට ද අදාළ ය.

 

මාක්ස්වාදී විග්‍රහයට අනුව, සමාජ විශ්ලේෂණයක් කරන්නට යන විට දී විශ්ලේෂකයාට විශ්ලේෂිතයාගේ කතිකාව ගැන පසුබිම් අධ්‍යයනයක් තිබිය යුතුය. උදාහරණයක් ලෙස, 80 දශකය ආරම්භයේ දී ජාතික චින්තනය නැඟගෙන එන විට දී එවකට සමාජ විද්‍යාඥයෙකු වූ නිව්ටන් ගුණසිංහට ගණිත ඇදුරෙක් වූ නලින් ද සිල්වා සහ නවකතාකරුවෙකු වූ ගුණදාස අමරසේකර ගැන හොඳ දේශපාලන අවබෝධයක් පැවතියේ ය.


උදාහරණයක් ලෙස, බල්සාක් යනු, ශිෂ්ට මිනිසෙකි. නමුත්, ඔහුගේ නවකතාවල අඩංගු වන්නේ, ප්‍රංශ මැද පන්තියේ අශිෂ්ට ලක්ෂණ ය. අනෙක් අතට, ලියෝ ටෝල්ස්ටෝයි ආධ්‍යාත්මවේදියෙකි. නමුත්, ඔහුගේ නවකතාවලින් ගම්‍යමාන වන්නේ මැද පන්තියේ කාමුක ජීවිතය යි.

නමුත්, සමකාලීන විචාර බුද්ධිමතුන්ගේ සමාජ සහ දේශපාලන විශ්ලේෂණවල තියුණු අවිද්‍යාත්මක පැත්තක් ඇත. උදාහරණයක් ලෙස ගතහොත්, තීක්ෂණ දේශපාලන විශ්ලේෂකයෙකු වන මහාචාර්ය උයන්ගොඩ තමා සමඟ එක සභාවේ කතා කරන ආචාර්ය ප්‍රභා මනුරත්න කවුද කියා නො දනියි. සමාජයේ පරිහානිය සහ දූෂණය ගැන කතා කරන පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ, ඊනියා කතිකාචාර්ය සුමිත් චාමින්ද න්‍යායිකව ලියන්නේ මනෝභ්‍රාන්ති බව දන්නේ නැත.

එම නිසාම, මෙම ව්‍යාපාර අප පරාජය කළ යුතු ය. එම නිසා, ශ්‍රී ලංකාවේ ඇති වී ඇති සමාජ අර්බුදයේ කැඩපත මධ්‍යම-පන්තිය නොවේ. අප පෙන්වාදිය යුත්තේ, අවකාශීය ලෝකය මැදපන්තිය විසින් බෙදා ගන්නා ආකාරය යි.

belle de jour 1

අපි ‘ලුවී බුනියෙල්’ නම් ස්පාඥ්ඤ සිනමාකරුවාගේ ‘BELLE DE JOUR’ නම් චිත්‍රපටයේ කතාව කෙටියෙන් සලකා බලමු.

චිත්‍රපටයේ කතා නායිකාව වන සිවරීන් තම සැමියාට මහත් සේ ආදරය කරයි. නමුත්, ඇය ඔහු සමග ලිංගික සබඳතා පවත්වන්නේ නැත. තම සැමියා සමඟ ඇය පවත්වාගෙන ගියේ යම් පරතරයකි. ඇය සෑමවිටම ලිංගික සබඳතාවල දී NO යන්න කීවා ය. අනෙක් අතට, ඇගේ සිත පිරී ඉතිරී තිබුණේ ‘ස්වපීඩා-පරපීඩා’ (SADOMASOCHISM) ෆැන්ටසි වලින් ය. එම නිසා, සිවරීන්ගේ ෆැන්ටසිය නියුරෝසික ෆැන්ටසියක් නොව විපරිත ෆැන්ටසියකි. නියුරෝසික ෆැන්ටසිය ලැජ්ජාවෙන් ඇඹරෙන රහස් එකක් නම්, විපරීත ෆැන්ටසිය යථාර්ථවාදී ය. විපරිතයා තම ආශාව යථාර්ථයේ දී ඉෂ්ට කර ගැනීමට යන නිසා, එය සාර්ථකත්වයෙන් කෙළවර වන්නකි. එම නිසා, සිවරීන් තම අශ්ලීල ෆැන්ටසි සාර්ථක කර ගැනීමට පැරීසියේ ගණිකා නිවාසයක සේවයට යයි. ඇය දවසේ ජිවිතයේ එක කාලයක දී, ඉතාමත් වැදගත්, ශිෂ්ට, හැදියාවකින් යුතු ජීවිතයක් ගත කරන අතර අනෙක් කාලයේ දී, රහසිගත, අඳුරු ලෝකයක් තුළ දී ඇය විවිධ පිරිමින්ගේ වාචික සහ කායික අපවාදයට ලක් වෙයි.

දවසේ ජීවිතයේ එක කොටසක් තුළ දී පන්සලට, පල්ලියට යන සිවරීන්, තව කොටසක් තුළ දී තමන්ට තිත්ත කුණුහරපයෙන් බනින පිරිමින් ඉදිරියේ ලැජ්ජාවට සහ සන්ත්‍රාසයට පත් වෙයි. බාහිරින් ඇයව නරඹන කෙනෙකුට, ඇගේ මෙම ජීවිත දෙක අතර තිබෙන අසම්පාතය වටහාගත නො හැකිය. ඇය ඇයගේ ජීවිතයේ එක කොටසක දී, හැමදේටම YES කියන අතර අනෙක් කොටසේ දී, NO කියයි.

උදාහරණයක් ලෙස, ඇය සැමියා සමඟ ගත කරන සාමාන්‍ය මැද පාන්තික ජීවිතයේ දී, ඔහුගේ මිත්‍රයෙකු වන පියර් ඇය ගැන උනන්දු වෙයි. ඇය වහාම ඔහුට NO කියයි. පියර් යනු, සිවරීන්ගේ දෛනික සමාජ-සංකේත ලෝකය තුළ ජීවත් වන්නෙකි. එතැන දී, ඇය හරියටම නීතියට අනුව කටයුතු කරයි. ඒ අනුව, ඇයගේ ජීවිතයේ මූලික ගැටලුව වන්නේ, නීතියට පුනරුප්පත්තියක් ලබා දීමයි. ඇගේ දෛනික ජීවිතය තුළ දී, ගණිකා නිවාසයේ ගත කිරීම නොමැතිව ඇයට සාමකාමී, වැදගත් පවුල් ජීවිතයක් උත්ථානය කළ නොහැකිය.
 
 
 
ඉන් අදහස් වන්නේ, වැදගත් මධ්‍යමපන්තිකයන් බහුතරයක් යනු, එක දෙයක් සිතා වෙන දෙයක් කරන මිනිසුන් බවයි. එක පැත්තකින්, සිවරීන් මෙන්ම මැදපාන්තිකයා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සිහියෙන් සහභාගී වන අතරම අනෙක් පැත්තෙන්, ධනවාදයට ගැට ගැසෙන ෆැන්ටසියකට (ගණිකා නිවාසයට යාම) ගැට ගැසී ඇත. මෙය, එකම කාසියේ දෙපැත්තයි. මෙසේ වන්නේ, සමකාලීන මධ්‍යම පන්තික ජීවිතයට නෛතික සීමාවක් ලකුණු නොවන නිසා ය. එවිට, මැදපන්තිකයාට තම අභ්‍යන්තර ලෝකය හරහා නීතිය යළිත් සොයා ගැනීමට සිදු වෙයි.
 
 
 
සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරන මිනිසෙකුට (හරියට අජිත් ධර්මකීර්ති මෙන්) මැදපන්තිකයාගේ ඉහත ෆැන්ටසි දෙක අතර ආතතිය වැටහෙන්නේ නැත. උදාහරණයක් ලෙස, සිවරීන්ගේ පරිදිම සජිත් ප්‍රේමදාසට, අනුර කුමාරට, කුමාර් ගුණරත්නම්ට, හරීන් ප්‍රනාන්දුට, කබීර් හෂීම්ට සහ තව බොහෝ දෙනෙක්ට රනිල් වික්‍රමසිංහට සහ රාජපක්ෂ පවුලට සේම කළුවර ලෝකයක් දෘශ්‍යමානය තුළ තුළ ඇති බව බහුතරයට පෙනෙන්නේ නැත.

මන්ද, දෘශ්‍යමානය මතම තැවරී ඇති අශ්ලීල ෆැන්ටසිය අපගේ ආත්මීය ලෝකයට මිස යථාර්ථ ලෝකයට සම්බන්ධ නැති නිසා ය.

උදාහරණයක් ලෙස, ජවිපෙ සිටිය දී ‘විමල් වීරවංශ’ කලු පාට කිරීම (පක්ෂයේ මතයට එකඟ නැති කෙනාව පක්ෂයෙන් එළියට යැවීමට පෙර කරන පුණ්‍ය කර්මය) කරන ලද්දේ, කුමාර් ගුණරත්නම් විසිනි. එතැන දී, වීරවංශගේ දෘෂ්‍යමානය යට ඇති අශ්ලීලත්වයන් සහ අසම්මතයන් අප දුටු මුත්, මෙම යථාර්ථවාදී කතන්දරය ගොඩනැඟූ කුමාර් ගැන සිතීමට නොහැකි විය.

ඒ අනුව, විමල් වීරවංශ සමාජයට කලු පුද්ගලයෙකු වූ අතර කුමාර් සුදු මිනිසෙකු විය. අප වටහාගත යුත්තේ, මෙම භේදය මධ්‍යම-පන්තික චින්තනයේ භේදයක් මිස විප්ලවවාදී චින්තනයට අනුව මිනිසුන් වර්ගීකරණය කිරීමක් නොවන බවයි. එම නිසාම, අප සමකාලීන අර්බුදය තුළ ගිලෙන විට ‘පොදුභාවය’ යනු, මධ්‍යම පන්තික අදහසක් නොවන බව වටහා ගත යුතු ය.


අර්බුදය දාර්ශනිකකරණය කිරීම - දීප්ති කුමාර ගුණරත්න(දීප්ති කුමාර ගුණරත්න)

සමබිම පක්ෂයේ නායක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(3mana.com)



සබැඳි ලිපි :

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්