1200 x 80 DMirror

 
 

පළමුවැන්න, මෙතෙක් අපි කතා කරපු 'අපේ ප්‍රශ්න අපිටම විසඳා ගන්න පුළුවන්' කියන අදහස

(home grown solution - ස්වදේශික විසඳුම) අද වෙනකොට අසාර්ථක වෙලා තියනවා.

විශේෂයෙන් අපිට විදේශ විණිමය නැහැ. ඒ නිසා ණය ගෙවා ගන්න ශක්තියක් නැහැ. එහෙමනම් අපිට මුල්‍ය වශයෙන් උදව් කරන්න පුළුවන් කවුද කියන එක හොයා බලල අපි එතෙන්ට යන්න ඕනි.

දෙවැන්න, හරි එහෙම අපි යනවා නම් අපි දැන් කා ගාවට ද උදව් ඉල්ලන්න යන්නේ? අපිට වාද විවාද කරන්න පුළුවන්. හැබැයි එහෙම ආයතනයක් හැටියට තියෙන්නේ IMF ආයතනය විතරයි.

තුන් වැන්න, IMF ආයතනය අපේ ආර්ථිකය ගැන වාර්තාවක් පිට කරලා තියනවා. ඒ වාර්තාවට අනුව අපිට අපේ ණය ගෙවා ගන්න ශක්තියක් නැහැ. විදේශ විණිමය හිඟයක් තියනවා.

IMF එකත් එක්ක වැඩකරනවා නම් අපිට සිදු වෙනවා ඔවුන්ගේ කොන්දේසි එක්ක වැඩ කරන්න. විශේෂයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ. ඔවුන් ආධාර දෙන්නේ ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න. ණය ගෙවන්න නෙවෙයි. ආර්ථිකය දියුණුවට බාධා කරන දේවල් ඉවත් කරන්න වෙනවා. දෙපාර්ශවය එකඟ වෙන දේවල් ක්‍රියාත්මක කරන්න වෙනවා දීර්ඝ කාලීන ණයකට යනවා නම් (EFF- Extended Fund Facility).


ඒ වගේ මුල්‍ය ආයතනයක් එක්ක වැඩකරන කොට ලෝකෙට අපි ගැන විශ්වාසයක් ඇති වෙනවා. දැනට තිබෙන ණය ගෙවා ගන්න බැරි නිසා අපිට ඒවා කල් දාගන්න වෙනවා. ඒකටත් ආරම්භයක් වේවි අපි IMF එකත් එක්ක වැඩ කරන එක.


ඒ එක්කම දැනට තියන ණය ප්‍රතිව්‍යුහගත (restructure) කරගන්න වෙනවා. ඒකටත් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උදව් සහ මාර්ගෝපදේශ අවශ්‍ය වෙනවා. මොකද මීට කලින් අපි එහෙම එකක් කරලා නැති නිසා.  



අපි මතක තියා ගන්න ඕනි 2030-35 වෙනකල් අපි ණය ගෙවන්න ඕනි කියල. එහෙමනම් අපි දේශීය වශයෙන් එකඟතාවකට එන්න ඕනි. ලෝක ආර්ථිකයේ ගැටළු එක්ක අපි ඉන්නේ ගොඩක් අවාසි තැනක. ඒ දේවල් පැහැදිලි කරලා පවත්නා ණය ගෙවීම් යම් කල් දැමීමක් කර ගන්න පුළුවන් වේවි.

හැබැයි අපි දිගු කාලීනව කරන්නේ මොකක්ද කියල ඔවුන්ට කියන්න වෙනවා. අපි ඉන්නේ අවාසිදායක තැනක. අදායම් වියදම් පරතරය වැඩී. ගොඩක් දෙනෙක්ට මේ අර්බුදයේ ගැඹුර තාම තේරෙන්නේ නැහැ.

ඒ විදියට ගත්තම අපිට තියන ණය ගෙවන්නත්, පවතින ඒක පාර්ශවික, ද්වි පාර්ශවික සහ බහු පාර්ශවික ණය නැවත ව්‍යුහගත කර ගන්නත්, ඒ ණය ගත්ත පාර්ශව එක්ක නැවත කතා කරන්නත්, ඒ වගේම ණය කොන්දේසි එක්ක එකඟතාවක් ඇති කර ගන්නත් අවශ්‍ය වෙනවා.


ඒ එකඟතාව අවුරුදු දහයක්වත් කඩ නොකර පවත්වා ගන්න ඕනි. ආණ්ඩු මාරු වුණත් නැතත් කොන්දේසි කඩ කරන්න බැහැ. ඒ නිසා අපිට ඕනි ජාතික ආණ්ඩුවක් නෙවෙයි ජාතික එකඟතා ආණ්ඩුවක්.



මේ ස්වදේශික ප්‍රතිපත්තිය නිසා රජයේ සේවකයින්ට පාඩුයි. විශ්‍රාම වැටුප් ගන්න අයටත් පාඩුයි. මොකද දේශීය රුපියල එන්න එන්න අවප්‍රමාණය වෙනවා. මාසෙකට කලින් රුපියල් දාහකට ගත්ත බඩුයි අද රුපියල් දාහකට ගන්න පුළුවන් බඩු ප්‍රමාණය දිහයි බලන්න. සේවක අර්ථසාධක ගැන උනත් කියන්න තියෙන්නේ මේකම තමයි.

මේ අස්ථාවර බව නිසා කවුරුවත් අපේ රටේ ආයෝජන කරන්න එන්නේ නැහැ. ඒකත් ලොකු පාඩුවක්.



''රාජ්‍ය බැංකු දෙක ආසන්න බංකොලොත් තත්වයකට යන්න පුළුවන්.''


ඒ වගේම ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙක ශ්‍රී ලංකන් ගුවන් සේවය, ඛනිජතෙල් සමාගම සහ විදුලි බල මණ්ඩලයට ණය අරන් දීලා තියනවා. ඒ තියෙන්නේ ඩොලර් වලින්. නමුත් ඇත්තටම ඒ බැංකු දෙක වැඩ කරන්නේ රුපියල් වලින්. ඩොලර් රුපියල් වලට පරිවර්තනය වෙනකොට එයාලගේ බැරකම් වැඩි වෙනවා. මේ ඩොලර් එක එන්න එන්න ඉහල යන ක්‍රියාවලිය නිසා මේ බැංකු දෙක ආසන්න බංකොලොත් තත්වයකට යන්න පුළුවන්.

පුද්ගලික බැංකු වලටත් මේක යම් තරමක් අදාලයි. පුද්ගලික බැංකු කොටස් හොයා ගත්තට රාජ්‍ය බැංකු වලට මුදල් එන්නත් කරන්නේ (cash injection) රජය. නමුත් රජයේ ණයබරත් වැඩියි. ඒක නිසා විශාල ප්‍රශ්නයක් මෙතන තියනවා.

පුද්ගලික සමාගම් වලට රුපියලේ ප්‍රශ්නේ විසඳා ගන්න ගාස්තු වැඩි කරන්න පුළුවන් උනත් රටේ ආර්ථිකය වැටිලා නිසා මිනිස්සු එම සමාගම් වලින් සේවය ලබා ගන්න එක නතර කරන්න පුළුවන්. ඒකත් ලොකු අවදානමක්.

ග්‍රීසිය උනත් ගොඩක් කාලයක් ණය ගෙව්වා. ලොකු අමාරුවක ඒ රටේ ජනතාව වැටුණා.

අපි වෙලාවට මේ දේවල් හඳුනා ගෙන ඉක්වදෝරය ගියා වගේ වෙලාවට IMF එකත් එක්ක කතා කරානම් හරි. දැන් ගොඩක් ප්‍රමාදයි.

 

ඉන්දියානු ණය සහනයෙන් කන්න බොන්න පුළුවන් තව මාස දෙකයි. ඉන් පස්සේ රටේ මිනිස්සුන්ට කන්න බොන්නත් නැති වෙයි. ඒ නිසා කරන දෙයක් ඉක්මන් කරන්න වෙනවා.

 

ඉන්දියාව කළේ ලොකු උදව්වක්. රටේ ස්ථාවර බව තියාගන්න තමයි එයාල ඒක දුන්නේ. කන්න බොන්න නැතුව කෝලහල ඇති වෙන්නත් ඉඩ තිබ්බා. ඉන්දියාව කවදාවත් කාටවත් එහෙම කලේ නැහැ. අපි ස්තුති වන්ත වෙනවා ඉන්දියාවට.

අපි දැන් හැමෝගෙන්ම හිඟා කනවා. චීනය යුවාන් වලින් ණය දෙනවා. යුද්දේ තියෙන රුසියාවෙනුත් ඉල්ලනවා.

මේ පරක්කු වීම නිසා ලැබෙන්න තියන දේවල් තවත් අඩු වෙනවා. ඒ වෙලාවේ මුදලින් තෙල් නැව් දොළහක් ගන්න පුළුවන් උනානම් දැන් පුළුවන් තුනයි නැත්නම් හතරයි.



අපි අතීතයට බණිනවා වෙනුවට මිනිස්සුන්ගේ අද දවස සහ හෙට දවස ගැන හිතමු. මුළු පාර්ලිමේන්තුව ඇතුලෙම ජාතික එකඟතාවක් හදමු (national consensus).



රුපියල වෙළඳ පොළ චලනයන් එක්ක දැනටම පාවෙන්න හැරලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ IMF යන්න කලින්ම ඉවරයි. දැන් අපි එකඟ වෙන්න ඕනි අලාබ ලබන සංස්ථා වලට මොකද කරන්නේ කියල. ඒ අලාබ ගෙවන්නේ කවුද? මිනිස්සුද?

එකම දේ IMF එක සේවකයින් ඉවත් කරන්න කිව්වොත් අපි ඒකට එකඟ වෙන්න හොඳ නැහැ. හැබැයි පාඩු ලබන සංස්ථා වලට පුද්ගලික ආයෝජන එකතු කරන්න වෙනවා. ඒ හැම දෙයක්ම ආණ්ඩුව තමයි තීරණය කරන්න ඕනි.

සමස්ත ආර්ථිකය ඉහලට ඔසවන්න තමයි අපි උත්සාහ කරන්න ඕනි. පොඩි පොඩි කෑලි ගැන නෙවෙයි අවධානය දෙන්න ඕනි. මේ මහා පාඩුවල බර මිනිස්සුන්ට දෙන්න හොඳ නැහැ. හැබැයි මේ වෙනකල්ම වෙන්නේ ඒක.

කාටහරි පුළුවන් නම් IMF නොයා මුදල් ගෙන්න එහෙනම් එයාල ඒක ඉක්මණින් කරන්න ඕනි. නැත්නම් සද්ද නැතුව ඉන්න ඕනි.

ජාතික ආණ්ඩුවකින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ. ජාතික එකඟතාවයක් තමයි ඕන


ජාතික ආණ්ඩුවකින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ. ජාතික එකඟතාවයක් තමයි ඕන | Ranil Wickremesinghe

 




Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක


(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 



The Leader TV අද වීඩියෝ 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා