Jhon de Dencil de Sarath de Hero …


හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,

මේ ලක් කොදෙව්ව ඇතුළේ කොච්චර භයානක දේ සිද්ධ වුණත්, ඒවා සිද්ධවුණේ නෑ වගේ ජීවත් වෙමින්, එදිනෙදා අව්ව-වැස්ස ගැන විතරක් වක්කඩ කැඩුව වගේ ඔහේ කතාකරගෙන යන, මතුපිටින් සරල වන, සහ ඇතුළාන්තයෙන් බිහිසුණු වන, දෙබින්න වූ පොදු-කොදෙව් විඥානයක්  (Common Split Consciousness of Islanders) නඩත්තු කරන්නට තරම්, කොදෙව් වැසියන් වන ඔයාල කොයි කාටත් මහා දක්ෂතාවක් තියෙනවා නේද ? ...


හිතල බලන්න!

සමහරු එහෙම දෙබිඩිකමක් තමන්ට තියෙනව කියල දන්නේ නැහැ (Unconscious). සමහරු දන්නවා (Conscious). සමහරු දන්නෙත් නැහැ,- නොදන්නෙත් නැහැ (Sub-conscious).

කොහොම වුණත්, එහෙම මනෝ-භාවිතාවක් කොදෙව්ව පුරා බහුලව නඩත්තුවෙමින් පවතිනව අදටත්.

 ඔයාලගෙ හිතේ ඇතුළ් පතුළට තට්ටුකරල බලන්න! ඒ වගේ දෙබිඩි හඬක් ඇහේවි. ඇහිලත් නොදන්නව වගේ ඉන්න හිතෙනව නම්, රෝග තත්වය භයානක යි. මේ අදාළ වාද-විෂය(Issue) මගහැර ඉන්න තරමට, ඉදිරිය ද අනතුරුදායක යි.



ඒ හින්ද, කාටත් සරල වන මතුපිට කතාවකට යටින්, එහි පතුළෙහි ඇති ලේ වැකි අතුරු කතාවක බිහිසුණු කොටස් තමං ඇතුළේ තිබුණොත් සහ තියෙනව කියල දැනුනොත්, ඒවා ස්වයංව එඩ්ට් කරගෙන, තම හිත පතුළට කිඳා යවා දමා, අර සරල කතාව විතරක් කතාබහට ගනිමින්, සීරුවට මාරුවට සැරිසරන ඔයාල ගැනම යි මේ විසංකාර කතාබහ.



ඒ හින්ද, මේ ලියන වියමන කැඩපතක් කරගෙන, තම තමන්ගේ දෙබිඩි-හිත් කියවගන්න! ඊට පස්සෙ, තමන්ව ම සෝදිසිකරල බලන්න! තමන් ඇතුළින් ම තමන්ට තනිව විසඳගන්න බැරි මහා අඳුරු බොරදිය ආකරයක් හමුවේවි.



සැබෑ ජීවිතය ඇතුළේ සඟවාගෙන දුක්විඳින, විඳින තරමට දුක හිතෙන අදිසි කතාවක්....

විසංකාරයා වන මම, මේ කියමින් යන්නේ, හොරර් ෆිල්ම් එකක එන වැම්පයර් කෙනෙක් ගැන නෙවෙයි. ලක් කොදෙව්වේ සැබෑ ජීවිතය ඇතුළේ සඟවාගෙන දුක්විඳින, විඳින තරමට දුක හිතෙන අදිසි කතාවක්.

ඇත්තට ම, මේ කොදෙව්වේ මනුස්ස ජීවිතයට අදාළ අඳුරු පදාස විනිවිදින්නා වූ අඳුරු දේශපාලනික දෝනාවක් හරහා යමින්, අද මේ කයිය ආරම්භ කරන්න විසංකාරයාට සිද්ධ වුණේ ම, සමහර වීරයින්ට සරල දේ නොතේරීමත්, බහුතර කොදෙව් වැස්සන්ට, එයාල ඔසවා තබන වීරයින්ගේ පසුබිමේ සැඟවී ඇති බිහිසුණු කතා නොතේරීමත්, එහෙමත් නැතිනම්, තේරුණා වුණත් උගුරෙන් පල්ලැහාට දාගන්නැතුව දශක ගණන් හක්කෙ තියාගෙන විඳවන්න පුළුවන්වීමත්, කියන සමාජීය මනෝ-රෝග-ලක්ෂණ (Social Psycho-Symptoms) සලකල බලල යි.

අකමැත්තෙන් වුණත්, විසංකාරයාට අද මේ විසංකාර ලියවිල්ල වෙනුවෙන් පාතාලමය තරම ද ඉක්මවා ගිය, බිහිසුණු ලේ වැකි අතීතයක් පහුරු ගාන්නට සිද්ධ වෙනව. අවදානම නොතකා ම එහෙම කරන්නට පෙළඹුණේ, අදින් පරපුරු ගණනක් ගෙවී ගොස්, ඉදිරියේ දී එන ජීවිත කාලයකදීවත්, මේ හෙළිකරන හැබෑ කතා තරම් මාරාන්තික සහ ශෝචනීය නොවූ, සාමකාමී පොදු කොදෙව් ජන-කතා සහ ජන-කවි සමරන, නව ජන-ජීවිතයක කෙම්බිමක් බිහිවන අනාගත සිහිනය දකින්න යි.

416

මහා කවි විලියම් ශේක්ෂ්පියර්ගේ මැක්බත් නාට්‍යයේ තියෙන්නේ, මායාකාරියන් තිදෙනෙකුගේ සහ තම බිරිඳගේ මිත්‍යාමතික පෙළඹවීමට අදේශපාලනිකව වසඟවුණු ස්කොට්ලන්ත ජෙනරල් කෙනෙක් වන මැක්බත්, තම රජු මරා රජවීමත්, ඒ රුධිරමය පාවාදීම නිසා තමන්ට ම ඇතිවන වරදකාරී හැඟීම පාලනය කරගත නොහැකිකම ඉහවහා ගිහින්, පොදු-මනුස්සයින්ගේ යථා ජීවීතය නොතැකීමත්, එයින් මැක්බත් නම් ජනරල්ගේ ම සිතුම් පැතුම් ද අඳුරු පාතාල දෝනාවකට කඩා වැටී, ඔහුව ද අවිඥානීය ජීවිතයකට ගොදුරු වී, ස්වයංව විනාශ වී යාමත් පිළිබඳ නාටයානුසාරී කතන්දරයකු යි.

ඒත් මේ ලියන්නට යන ලෝකල් ලක් කොදෙව් වරිග නාටකයේ තියෙන්නේ, ශේක්ස්පියර්ගේ මැක්බත් නාටකයේ කනපිට පැත්ත. ඒ කියන්නේ, මැක්බත් කියන මේ ජනරල්වරයාට වූණු දේ, මේ රටේ පාලකයෙකුට සිදුවීමත්, මැක්බත්ගේ රජුන්ට වුණු දේ ජනරල්ලාට සිදුවීමත්, ඒ වගේ ම, තව ඉදිරි පරම්පරා ගණනාවක් යනතුරුත්, එබඳු සිදුවීම් රිපීට් වෙවී ෆොටෝකොපි ගැසෙන්නට යන අවදානම සහ අනතුර පහලවීමත් පිළිබඳ අරුම රංගයක් ය.



මේ ලියන ලියමන, ඉදිරියේ දී සිද්ධ වෙන්නට යන මැක්බත් ගණය ද ඉක්මවූ ලේ වැකි කථාන්දර පෙර තියා නවතාගන්නට කොදෙව් වැස්සන්ට ඉඟි කරන, සාමයට තුඩු දෙන හුදු අයාචනාත්මක වචන ටිකක් විතරයි. ඒත්, මේක කියවල, සිහිය එළවගත්තොත්, රටට ලොකු හොඳක් සිද්ධ කරගන්නට පුළුවන් වේවි.



ඒ හින්ද, මේක කියවල, තම තමන්ගේ මමත්වයෙන් ඩෝප් වෙලා, නිකං වල්ගේ පාගගෙන යකා නැටුවට වැඩක් නෑ.

සිද්ධ වුණ දේවල් විශ්ලේෂණය කරල කියන්නේ, සිද්ධ වෙන්න යන අනතුරු වලක්වගන්න යි! ඒක ඉතිහාස ගමනේ දී පිළිපැදිය යුතු ප්‍රගතිශිලී භාවිතයක්.

අනතුරු වලක්වගන්න පුළුවන් වෙන්නේ, මේ කියන්නට යන නාටකයේ හිටි චරිතවල වත්මන් ඉදිරි පරපුරු නියෝජනය කරන උදවියට ම විතරක් බවයි, විසංකාරයාගේ කල්පනාව.

ඒ හින්ද, කටින් මානවවාදය ගැන බතල කොල නොහිටවා, ක්‍රියාවෙන් සුළු දායකත්වයක් හෝ, නැතිනම් අසීමිත කැපකිරීමක් හෝ සපයන්නට තරම් නිහතමානී වෙන්න!  

අවදානමවල් ඉදිරියේ බුල් කෙලින හෝ ගේම් දෙන ජීවිත හැරුනුකොට, කැපකාරී ජීවිත අතලොස්සක් තරම්වත් වන සහ හොයාගන්නටත් අසීරු වන යුගයකුයි, අපි මේ පහුකරමින් ඉන්නේ.

දැන් අපි, මතුකලෙක හෝ නැතිකරගැනීම උදෙසා, මේ කොදෙව්ව ඇතුළේ ඇතිකරගෙන තිබූ සහ තවමත් නොපනී අළු යට සැඟවී පවතින, අද වෙනතුරුත් අපට බලපාමින් ජීවිතය ඇතුළතින් විඳවන්නට සිද්ද කරන, ඒ ශෝඛාන්තීය වූ සහ මනෝ-විශ්ලේෂනාත්මක වූ, විලියම් ශේක්ෂ්පියර්ගේ මැක්බත් කතා සාරයටත් වඩා සංකීර්ණ සහ මතිභ්‍රමික (Paranoid) වූ, ගිනි පුපුරු යට සැඟවී පවතින අඳුරු කලාපයට එබෙමු.



මේ නාටකයේ ස්වරය මාරක එකක්...

මේ නාටකයේ ස්වරය මාරක එකක්. එයින් ඇති කරන්නේ, ප්‍රේමදාස අසීරු වෙර වෑයමින් ඩැහැගත් ජනපති පුටුව අවදානමකට යැවෙන සිද්ධි-සංධියකදී (Conjuncture), ඒක අස්වාභාවික සහ අයථා විදිහට රැකගැනීමට යාම නිසා, ප්‍රේමදාසගේ පෞර්ෂය, යථා ස්වභාවය ඇති පරිසරයෙන් බැහැරකට විසිකරදැමී ගිලිහී ගියා වගේ ඔහුට ම දැනී, ඔහු විසින් තව තවත් අතාර්කික සංවේදන ම සමරන අඩමාන තත්වයකට ගොදුරුවීම සහ එය පාලක මනෝභාවයක් විදිහට අභ්‍යාස වීම හඟවන අසාමාන්‍ය රිද්මයක්.


පාලකයෙකු එසේ උමතු මගකට වැටුන කල, එයින් ඉදිරියට, හාත්පස හැම තැනක ම පවතින්නේ, ප්‍රචන්ඩකම සහ ප්‍රචන්ඩකම් ඇතිවෙන්නට යන ඉඩකඩ සහ අවිනිෂ්චිතභාවය යි. ඒ වගේ පරිසරයක් කෙරන් ජීවිතය බලාපොරොත්තු විය නොහැකියි. මොකද, එබඳු පරිසරයක ඇත්තේ ජීවන බලාපොරොත්තුව වියැකි නැතිවී යවනසුළු ප්‍රපාතමය අවදානමක්.

ඒ නිසා සමස්ත ප්‍රේමදාස දේශපාලන ජීවිත රංගයෙන් වෙන්කරගත්, ඔහුගේ ජීවිතයේ මේ නිෂ්චිත අවසන් කොටස, ප්‍රහසනයෙන් තොර ආලෝකය විරල ඉමක් දක්වා ඔහුවත්, ඔහු පාලනය කළ කොදෙව් වැසි අපවත් මෙහෙයවනු ලබයි.

නාටකය ඇරඹෙන්නේ ලේ වැකි වරිග සටන් සලකුණු කරමින්....

1989

88-89යේ දී මේ නාටකය දියත් වන්නේ, ආන්ඩු විරෝධී කැරලිකරුවන් සහ කැරලිකරුවන් කියා සැක කරපු උදවියගේ තරුණ මල සිරුරු විකෘතකර මහපාරවල් පුරා ප්‍රදර්ශනය කරමින් තුන් බිය පතුරුවන, ආන්ඩුව හෝ ඊට සම්බන්ධ ප්‍රධානීන් හෝ පාක්ෂිකයින්ව නාඳුනන තුවක්කුකරුවන් විසින් මරාදමා පොඩි-ආණ්ඩුවක ද හයිය පන්වන, ත්‍රස්තවාදීන්ගේ හෝ ඔවුන්ගේ යැයි සැක කරන බෝම්බ ප්‍රහාරවලින් ජීවිත සැනකින් දුහුවිලි බවට පත්කරන, මේ කියූ ප්‍රධාන සහ ප්‍රසිද්ධ එදිරිවාදී පාර්ශවයන්ගේ මාරක ක්‍රියා ම දඩමීමා කරගෙන, අප්‍රසිද්ධව පුද්ගලික කෝන්තර ද පිරිමහගැනීමට තමන්ගේ ම පාක්ෂිකයන් පවා මරා දමන, සියළු දෙනා සියළු දෙනාට ම විරුද්ධව යුධවදිමින් ජීවත් වීමට සහ මිය යාමට බලකෙරුණ, භීතිය යුක්තිසහගත කළ අසමතුලිත තර්ජනාත්මක වටපිටාවක් නිර්මාණය කරගනිමිනු යි.



විසංකාරයාගේ මේ විසංකාරක ලියමනට පාදක වෙන්නේ, මෙවන් වටපිටාවක දී, සිංහල ඔන්ලි ප්‍රතිපත්තියට කත් ඇදපු, හෙල-හවුලට ඈඳුනු ප්‍රේමදාසගේ ගම හදා රට හදන සුචරිතවාදී මල්වට්ටි පෞර්ෂයට එදිරිව, එයාගේ ම ඇතුළාන්තයෙන් මතුව ආ කෙහෙල්වත්තේ ලුම්පන්වාදී ලෝකල් මැක්බත් චරිතාපදානය යි.



ප්‍රේමදාසගෙන් මතුව ආ මේ අමුතු ලෝකල් මැක්බත් චරිතය, 88-89 කාලය වනතුරු පැවතියේ, හිතාමතා ම සාපෙක්ෂාකාරව යටපත් කරගත්තු බිහිසුණු පෞර්ෂයක් විදිහට විතරයි.

ඒ බිහිසුණු බව ශිෂ්ටත්වයක් කරා ගෙන යන්නට ඔහු ම බිහිකරගත් සිංහල ඔන්ලි සුචරිතවාදී සංවිධාන ද කෙහෙල්වත්තේ තිබුණා. ඒ කියන්නේ, ඔහු තුළමත් මේ ලුම්පන් ජානයෙන් ගැලවිලා ශිෂ්ට වෙන්නට ස්වයං උවමනාවක් තිබිල තියෙනව.


බණ්ඩාරණායක පෙන්වූ, බන්ඩාරණායකවත් නොදන්නා කල්පිත සිංහල ගම....

ඒත් ඒ වෙනකොට, කොදෙව්ව තුළදී ප්‍රායෝගික ශිෂ්ටත්වයක් උපුටගන්න තිබුණේ කොලෝනියල් නාගරිකත්වයෙන් විතරයි. (මේ බිම කොදෙව්වක් නොවුණේ වී නම්, යථාව මීට වෙනස් වෙන්න ඉඩක් තිබුණා.) ඒත් ජේ.ආර්.ට ප්‍රතිපක්ෂව, ප්‍රේමදාස විසින් දේශපාලනය තුළ හොයගෙන ගියේ, බණ්ඩාරණායක පෙන්වූ, බන්ඩාරණායකවත් නොදන්නා කල්පිත සිංහල ගම යි.

වෙන විදිහකට කිව්වොත්, තමන් ලඟ ම හිටපු ජේ.ආර්ගෙන් ශිෂ්ටත්වය උපුටගන්නේ නැතුව, මලවුන් අතරට ගිය 56යේ ඒක-භාෂා පෙරලිය කළ, බන්ඩාරණයකගේ කල්පිත මතයකින් අවිඥානය පුරවාගෙනයි, ප්‍රේමදාස දිගට ම හිටියේ.

අනික 88-89 කාලය පුරා සැරිසැරූ ප්‍රේමදාසට එදිරිවාදී බලවේග විසිනුත්, ඒ බිහිසුණු ලුම්පන් මැක්බත් චරිතයේ බිහිසුණුකම සමාජය මත පටවන්නට ප්‍රේමදාසට බල කෙරුවා.

අපි කවුරුත් කටවහරේ කියන විදිහට, ඕන ම කෙනෙකුගේ නියම යකා ඇවිස්සෙන්නේ, නිවැරදි නිලයට පාරක් වැදුණු පසුවයි.



හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,

මෙතනින් එහාට විසංකාරයා විසින්, යටකියපු කා-මරාගත් පාර්ශවයන් සියල්ල අතරින්, ප්‍රේමදාසගේ ක්‍රියා කලාපයට විතරක් ප්‍රධාන ටෝච් ලයිට් එකක් ගහන්නේ, ඉදිරි අනතුරක් වලකාගන්න අරමුණ පෙරදැරි කරගෙන, රටේ ලෝකල් ජෙනරාල්ලාට කියල දෙන්න යන සමස්ත කතාව ම එක යොමුවකට (Focus එකකට) ගන්නටයි.

අනික් පැත්තෙන්, මේ ලෝකල් මැක්බත් කතාවේ ප්‍රධාන චරිත අයිකන් එකත් ප්‍රේමදාසමනේ. (ඔයාලා විචිකිච්චාවක් ඇති කරගන්න කාරිනෑ, මතුවට අනිත් පාර්ශවයන් ගැනත් ඇඹරෙන්නේ නැතුව ම ලියනවා.)


මායාකාරියන් විසින් මැක්බත්ට කියාදෙන දේ !

මැක්බත් නාටකයේ මැක්බත්ට දිස්වෙන මායාකාරියන් තුන්දෙනා ඔහුට යෝජනා කරන්නේ, ලෝක ජීවන නාටකය හැදී තියෙන්නේ, මිනිසුන්ට විරුද්ධව පාරභෞතික අඳුරු බලවේග මුදාහැරීම මගින් මිනිසුන්ව වධයට පැමිණවීමත්, භෞතික මූලද්‍රව්‍ය සදහට ම විනාශ කරදැමීමත්, කළහැකි දෙයක් බවකුයි.

මානව ශිෂ්ටත්වයට ප්‍රතිපක්ෂව, මායාකාරියන් විසින් මැක්බත්ට කියාදෙන්නේ, “සාධාරණය වරදක් වන අතර, වරද කිරීම සාධාරණ” බවයි.

ඒ අනුව, “මදාඳුරු මීදුමක් සහ අපිරිසිදු සුළඟක්” ඇති කළහොත්, කුණාටුවක් ලඟ ලඟ ම සිද්ධකරවිය හැකි බවයි. ඒකෙන්, භෞතික ද්‍රව්‍ය එකිනෙකට එරෙහිව හප්පා විසංවාදී කළ හැකි බවයි.



“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” යැයි කියමින්, මිනිසාව භාෂාවෙන් බෙදා, මිනිස් ආත්මය මිනිසාට ම එරෙහිව ක්‍රියාකරවිය හැකි බවයි. කල්පිතය ප්‍රධාන කරගත් භවයකින් පූර්ණ වුණොත්, සටන සඳහා යොමුව සැකසාගැනීම මගින්, පවතින සාමකාමී ලෝකය, එහි ජනයාට එරෙහි මුඩුබිමක් බවට පත්කර හෝ තමන්ට ම රජවිය හැකි බවයි.



දැන් ඔබ දකින නව-නූතන රජවරු මීට වෙනස්ද කොදෙව් වැසියනි?  

RP

88-89 කාලයේ ප්‍රේමදාස තම රහස් අශුද්ධ අධ්‍යාත්මික උපදේශකයකු විදිහට ගෙන්වාගත්තා යැයි කියන මලයාලම් සාස්තරකාරයකු සිටි බවත්, ප්‍රේමදාසට එයාගේ ඇහිබැම භූ ගා ගන්නට සහ කන්‍යාවියන්ට කියා වත්පිළිවෙත් ප්‍රකාරව ස්නානය කරවගන්නට ඔහු උපදෙස් දුන්නේ බවත් කියන කතාන්දරවලින් එකල කටකතා ලෝකය කැළඹුවා.

ඉතිං ප්‍රේමදාස පාලන යුගය මැක්බත් කාලයටත් වඩා මෙතරම් භීශණකාරී වුණේ, මැක්බත් දුටු මායාකාරීන්ටත් වඩා, ප්‍රේමදාසට හමුවූ මේ  මලයාලම් අවතාරයක්වන් අපි නොදත් මිනිසාට, අතිශය විනාශකාරී දුෂ්ටාත්මයක් වැහී සිටි නිසාවෙන්ද?

ඇත්තට ම, මේ කියන මලයාලම් සාස්තරකාරයා ඇත්තක් වී නම්, ගිලිහෙමින් යනවා සේ පෙනෙන බලය රැකගැනීම උදෙසා, ඒ සාස්තරකාරයා හැබෑවට ම ප්‍රේමදාසට මොන විදිහේ නම් උපදෙස් දෙන්නට ඇත්ද?


දැන් ඒ කාලෙ හිටපු උදවිය නැවත සිහිකැඳවාගෙන අතීතයෙන් වර්තමානය දකින්න!

උලපනෙන් අල්ලාගත්තා යැයි කියන කැරලි නායක විජේවීර හමුදා අත්අඩංගුවේ ඉඳිත්දී ප්‍රේමදාසට කෝල එකක් දී අතරමැද සමගියකට එන්නට උත්සහා කළවිට, කොල් එක ගසාවසා දමමින්, නීතියානුකූල මාර්ගයේ ද නොගොස්, ඔහුව රේස්කෝස් එකට ගෙනගොසින් අප්‍රසිද්ධියේ වෙඩිතබා, හෘද ස්පන්ධනය තියෙද්දී ම බොරැල්ල කනත්තේ දී භෂ්මාවශේෂ බවට පත්කරන්නට ප්‍රේමදාස ඉඩහළ බවත්, ප්‍රේමදාසට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමට මූලිකත්වය ගෙන කටයුතු කරපු ජේ.ආර්.ගේ හිටපු ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලිට කිරළපනේ ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමක දී වෙඩිතියා ඝාතනය කෙරුණු පසුව, ඒ මරාදැමීම ප්‍රේමදාස කළ එකකැයි යන ජන මතය රටපුරා පැතිර යද්දී, ජේ.ආර්. හරහා බිරිඳ ශ්‍රීමනී ඇතුලත්මුදලිගෙන් ලලිත්ගේ මලගමට යාමට ඉල්ලූ අවසරය ද ඇය ප්‍රතික්ෂේප කළ විට, එයින් ද කැළඹී ප්‍රේමදාස තම ප්‍රසිද්ධ රැස්වීම්වල “මාව මරා දැම්මත්, මම කුඩාකාළෙ ඉඳන් රැකගත්තු සුචරිතය අපිරිසිදු කරන්න එපා!” වැනි දේශපාලනිකව නොකිය යුතු කතාවක් දිගට ම කියමින් ගියේ, ඔහුගේ වරදකාරී හැඟීම නිසා බවත්, අන්තර්ජාතිකව පිළිගැණුනු ජනමාධ්‍යවේදියෙක වූ රිචඩ් ද සොයිසාගේ මලසිරුර කොරලවැල්ල මුහුදු වෙරළින් හමුවූ පසුව, පැවති අවමගුලට සහභාගී වූ ප්‍රේමදාසට රිචඩ්ගේ මව වූ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු විසින්, “ඔයා පොඩි ළමය කාලෙ, ඔයාගෙ අම්මගෙ අතේ එල්ලිල ඇවිත් මගෙන් නොමිලේ බෙහෙත් අරන් ගිහින් තියෙනව” කියා ඉහළ මධ්‍යම පංතික ආකාරයකට කිච කළ බවත්,  ප්‍රේමදාසගේ ම නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිව සිටි රන්ජන් විජේරත්නගේ හමුදා මෙහෙයුම් වැඩකටයුතු ප්‍රේමදාසට පාලනය කරගන්නට බැරි තත්වයක් ඇතිවේය කියන සැකයේ මනෝවිකාරයෙන්, එවකට තමන්ට හිතවත් එල්ටීටිය දම්මවා බෝම්බ ප්‍රහාරයකට යොමුකොට රන්ජන්වද මරා දමන ලද බවත්, ඒ කාලයේ මිනිසුන්-මිනිසුන් අතර රහසින් මුමුණගත් කට-කතා වලට ඇතුළත්. රහසින් මුමුණ ගත්තේ, ප්‍රසිද්ධියේ කතා කළොත් හදිසියේ පෘථිවිය හැරයන්නට සිදුවේය යන මර බියෙන්.


කටකතා බහුලව ඇතිවෙන්නේ, යුක්තිය එළාර රජු කාලයේ දී වගේ නිවැරදිව සිද්ධ නොවන කලට ය.

මේ කතාවල සහ තව නොකියූ කතාවල පූර්ණ නිල ඇත්ත, තවමත් නොපැවැත්වූ විධිමත් පරීක්ෂණ එනතෙක් ම අසම්පූර්ණ චිත්‍ර විදිහට පවතිනවා. හරියට භාගෙට ඇඳපු චිත්‍ර ගොඩක් තියෙන චිකාර රූපී චිත්‍ර ප්‍රදර්ශනයක් වගේ. ඉතිං මිනිස්සු රහසේ තමන් හදාගත්තු කතා තුළ ජීවත්වී සයිකෝසීය (Psychosis) මනෝභාවයට පත් වෙනවා.

අද ජීවත්වන කාටවත් ඒ ගැන වගක් නැති වුණා වගේ මතුපිටින් පෙනුනට, ඒ සියළු කතාවල හැබෑව නිල වශයෙන් නිරවුල්කර නොගතහොත්, ඒ ඉතිහාස කතා ම ආයෙමත් වෙනත් ආකාරයකින් හැබෑවට මේ සමාජය ඇතුළේ පැන නගින බව නම් සාමාන්‍ය සමාජ විද්‍යාත්මක ඇත්තක්.



ඇන්ටිගනී තමන්ගේ සහෝදරයාට සාමාන්‍ය ශිෂ්ට භූමදානයක් ඉල්ලා සටන් කරපු බව සහ එය යුක්තිසහගත බව නාට්‍ය රචක සොෆොක්ලීස් විසින් අඩුම තරමින් ග්‍රීක නාටකයකින්වත් පෙන්වා හෙළිදරව් කිරීම වැනිදේ බොහෝ සෙයින් රංග අභ්‍යාස කෙරුණු නිසා තමයි, ආයෙමත් ග්‍රීසියේ එබඳු දේ නොවී, ග්‍රීසිය දාර්ශනික ශිෂ්ටත්වක් කරා ගියේ.



අද ගෝලීයකරණයේ කාර්මික සහ තාක්ශණික සමාජ සැකැස්මක් ඇති ග්‍රීසියෙන්, මිනිසෙකුගේ මලගම සිදුකරන්නටවත් නොදෙන තරමේ අශිෂ්ටත්වයක් පෙන්නුම් නොවන්නට එක හේතුවක් තමයි, ඇන්ටිගනී නාට්‍ය රචකයා වැනි ග්‍රීක නාට්‍ය රචකයින් කරපු මේ වගේ නාට්‍යානුසාරී හෙළිදරව්වන්.

88-89 කාලයේ තිබූ මර භය නිසා ම, කොයිතරම් නම් අවමගුල් සදාකාලයට ම කල් දමන්නට ඇත්ද? ඒ කාලෙ, අවමගුල් උත්සවයක් ලැබීමේ ගෞරව අහිමි වූ කොදෙව් මෘතදේහ කී දාහක් දුහුවිලි බවට පත්වන්නට ඇත්ද? එයින් උත්සහ කළේ සිදු වූ සහ සිදු කළ මරණ යටගැසීම යි.

බිහිසුණු බව කතා නොකර යටගැසීම හෙවත් අවිඥානික කරවීම මගින්, ජන සමාජයන් දීර්ඝ කාලීන මනෝ-ව්‍යාධීන්ට ගොදුරු වී, වෙනත් ශිෂ්ට සමාජයන් කෙරෙන් ප්‍රතික්ෂේප වී, ලොව වෙනත් දේශයන් කෙරන්ු හුදෙකලා වී වල්මත් වෙයි.

ඒ නිසා, දේශයක සිදුවූ මොන බිහිසුණු දේත් නීතීයානුකූල පරීක්ෂණ පවත්වා ප්‍රසිද්ධියට පත්කරන තෙක්, පොදු ජනයා භීතිය ඉවත ලන්නේ නැහැ. (එක්කෝ සවිඥානිකව සමරනව. නැත්තං අවිඥානිකව දරාගෙන ඉඳං, තමංගේ ඉදිරි පරපුරුවලටත් කාන්දු කරනව.)

භිතිය ඉවතලනකං, පොදුජන මනෝ-ව්‍යාධීන් ද ඉවත්ව යන්නේ නැහැ.  ඒ නිසාම, අපව වෙනත් ශිෂ්ට සමාජ කෙරෙන් සංස්කෘතිකව ම ප්‍රතික්ෂේපයට ලක්වීම ද වලකාලන්නට බැහැ. අද අපි ශිෂ්ට ලෝකයෙන් කොන්වුණු කොදෙව් දේශයක් විදිහට පවතින්නට එක ගැඹුරු සමාජ-මනෝ-විශ්ලේෂණාත්මක හේතුවක් මේක.



භීතියට මුල් වූ හේතුව වූයේ, කාර්මීකකරණයට සහ තාක්ෂණණීකරණයට අදාළ නැති භාෂා ලොක්යකින් පැමිණි වරිගවාදී මායා සිතුම් මාදිලියි.

 සුදු කොලෝනියල්වරු රට පාලනය කරන කාලේ, රටේ පරිපාලන ලෝකයට ආතක් පාතක් නැතිව ගියේ නැහැ.

S W R D Bandaranayake

ඒත් රාජ්‍ය පරිපාලන ව්‍යුහයෙන් පිට තිබුණු සහ සමහරක් ග්‍රාම්‍ය මිනිසුන්ගේ පුද්ගලික භාවිතා විදිහට විතරක් තිබුණු මේ වරිගවාදී සිතුම් මාදිළි, සිංහල ඔන්ලි ප්‍රතිපත්තිය හරහා ව්‍යවස්ථාපිත කරල දේශපාලන කරලියට ගෙනැවිත් උඩ දැම්මේ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩ.

ඒ නිසා සිංහල ඔන්ලි ප්‍රතිපත්තිය, හුදු භාෂාවක් ප්‍රධාන කිරීම විතරක් නෙවෙයි. ඒ භාෂාවට හේතු වූ අප නොදත් පූර්ව-යටත්-විජිත යැපුම් ආර්ථික ලෝකයක පැවති අභූත මිත්‍යා මතිමතාන්තර ද වර්තමානයට අනදාළව ප්‍රධාන කිරීම යි.

සුද්ද එන්න නොදි බැඳල තියපු, 1956යේදි බන්ඩගෙ අවසරයෙන් ලිහිල දැම්ම ඒ මිත්‍යා මතිමතාන්තර, කොලෝනියල්වරු හඳුන්වල දුන්නු කාර්මික විප්ලවානුකූල ධනේෂ්වර ආර්ථික, පරිපාලන සහ දේශපාලනික ව්‍යුහවලට කිසිදු අදාළත්වයක් නැහැ.

කොලනිවාදීන් වසර 100ක් බාල්දු කර තිබූ ඒ මිත්‍යා මතයන්, බන්ඩ නිසා අවතාර විදිහට වලවල්වලින් නැගිටල ආයෙත් කරලියට ආව. ලක් රාජ්‍ය පරිපාලන වේදිකාවට මිත්‍යා අවතාර ගෙන්න පාර කැපුවේ බණ්ඩ.

එහෙම නෙවී නම්, පුරන් අප්පු ගොවියොත් එක්ක එකතුවෙලා කොලනිවරුන්ගෙ බලය යටතේ තිබුණ මාතලේ තුවක්කු ගබඩාවට සාර්ථකව පහර දුන්නු වෙලේ, කොලෝනියල් ආන්ඩුවේ ගවනර්වරයා වෙලා හිටපු ජෝර්ජ් බයින් (George Bying)ටත් තිබුනණේ, කවුරුහරි කොඩිවින කරන ලක් හාමුදුරු කෙනෙක් ලඟට ගොහින්, එහෙමත් නැත්තං, ස්කොට්ලන්තයේ දුරස්තර ගමක (hamlet) මායාකාර ගොවියෙක් හෝ ගොවි ගෑනියෙක් ගාවට ගිහිං පේනයක් අහල පුරන් අප්පුට එරෙහිව දුෂ්ටාත්මයක් මුදාහරින්න ?? ...



කොලනිවාදී ජෝර්ජ් බයින් (George Bying) අපේ බණ්ඩල කරනව වගේ එහෙම පිස්සු කෙලියේ නැහැ. බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් කළේ, සුදු හමුදා සොල්දාදුවන් සහ තුවක්කු වැඩිකරල පුරන් අප්පුගේ කැරැල්ල මැඩපවත්වන එක. සුද්දො එතනින් එහාට කලේ, ලක් කොදෙව්වේ මතවාද හදාරල තුවක්කු නැතුවම සංස්කෘතිකමය ගේමක් දෙන්න කියල, ජෝන් ඩොයිලි වගේ සංස්කෘතික ආක්‍රමණිකයෙක් ලංකාවට එවන එක.

 

නිල වශයෙන් සිවිල් සේවා රචකයෙක් සහ විවිධාකාර ප්‍රාදේශීය නඩුශාලාවල සභාපති කෙනෙක් විදිහට ලක් කොදෙව්වට ආපු ජෝන් ඩොයිලි, ඇත්තට ම සංස්කෘතික ඒජන්තයෙක්. එයා මැදමුලනයෝ වගේ පඩික්කං වන්දනාවෙ විතරක් යන්නේ නැතුව, ආපුගමං මහන්සි වෙලා රටේ කොදෙව් වැස්සන්ගේ සිතුම් පැතුම් ශාස්ත්‍රීය ලෙස හැදෑරුවා.

කොදෙව් බෞද්ධ ශාස්ත්‍රඥයෙක් වෙච්ච කරාතොට ධම්මාරාම නායක හාමුදුරුවන්ට බෝලයක් අඹරල, සංස්කෘත ප්‍රාකෘත දෙකෙන් ම හොඳ සිංහල ඉගෙන ගත්තා. ඒ කියන්නේ සිංහල භාෂාව පසුබිමේ තියෙන හැම මිත්‍යාමතයක්මත් හැදෑරුවා. ඒ මිත්‍යා මත ඩොයිලි පිලිගත්තේ නැහැ, පාවිච්චි කෙරුවා. මොකද ඩොයිලි හිටියේ කාර්මික විප්ලවානුකූල විද්‍යාත්මක කොලනි ශික්ෂනයකින් හික්මිල.

ලෝකෙ කාර්මික විප්ලවයක් වුනාද කියලවත් දන්නේ නැති ධම්මාරාම නායක හාමුදුරුවෝ, ඩොයිලිගේ සබුද්බික නූල් සූත්තරේට අහුවුණා. ගජමන් නෝනාගේ හිත දිනාගැනීමේදී ඇලපාත මුදළිත් ජෝන ඩොයිලිට පැරදුනා. අවශ්‍ය දේ කරගෙන ජෝන් ඩොයිලි එංගලන්තෙට ගියා. ගජමහන් නෝනත් ජොන් ඩොයිලිට පැරදුනා.

පැනල යන්න පුශ් බයිසිකලයක්වත් තිබුණෙ නැති ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොට අරක්කු යවල, ඇහැලේපොල සහ රජ්ජුරුවො අතර කටකතා පතුරුවල, රජ්ජුරුවො දෙමලැයි කියල අපේ සිංහල වරිග ගති අවුස්සල, රජු වටේ හිටපු නිලමෙලට රජු පාවාදෙන හැටි ගැන ටියුෂන් දීල, ලාබාල රජ්ජුරුයවන්ට විරුද්ධව සංස්කෘතික යුද්ධයක් කර ඔහුව පරාජයට පත්කළ පසුවයි, හමුදා දෙකක් අතර යුද්ධයක් නැතුව ම රජ්ජුරුවො විරක් අල්ලගෙන පිටුවහල් කරල, නිළමෙලා ලවා මනුවර රාජධානිය කරදාසි කොලේක ලියාගන්න පුළුවන් උණේ.


මොකක්ද හේතුව?

වරිග මිත්‍යා මතවල ඉන්නකොට, ලෝකයට අයිති කාර්මික විප්ලවයේ භෞතිකය තේරෙන්නේ නැති එකයි. එහෙම තෙරෙන්නේ නැති වුණාම, මිත්‍යාමතයේ එල්බ සිටින අය සබුද්ධික දැනුමෙන් හිකත්මුණු අයට පරදිනව. ඉතිං අපේම මිත්‍යා මත, අපේම ඇඟ උඩ තියල කපපු ඩොයිලට අහුවෙච්ච ලක් කොදෙව් වැසියෝ, 1956යේ බණ්ඩාරනායකට අහුනොවී තියේවියෑ?? බන්ඩාරණයකට අහුවෙලා අවුරුදු 66ක් ගිහිනුත්, තවම මොකද අපිට වුණේ කියල හාන්කවිසියක් නොදන්නකමින් මේ කලිසන් ඇඳගත්තු ගොයියෝ මැදමුලනයටත් අහු නොවී තිබේවියෑ?

ලක්ස 69ක් කොදෙව් වැසියේ මිත්‍යා වීරයෙකුගේ ගැටේට අහුවෙලා, දැන් තුන්වේල කන්නත් නැතුව බලුවෙලා ඉන්න රටක් මේක.

         
හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,

වැරදිච්ච තැන් හදාගන්න හයිවේ එකක් පෙනුණේ නැතිවට, අඩුම තරමින් අඩිපාරක්වත් දැනගන්න මොලේ කළඳක්වත් පෑදුනාද දැනවත් ඔහෙලට?


1956යේ බන්ඩාරණායකගෙන් ව්‍යවස්ථාපිත වී, ප්‍රේමදාස හරහා ඇවිත් මැදමුලනයෙන් කූටප්‍රාප්තියට පත්වූ, කිසිදු ආර්ථික නියාම ධර්මයකට සම්බන්ධ නැතිවා සේ ම, ලෝක ආර්ථික නියාම ධර්ම තකන්නට ද දන්නේ නැති, ඉගෙන ගන්නට ද නිහතමානී නැති, ඒ නිසා ම මේ වෙනකොට ඓතිහාසිකව කුණුවී ගඳගහන මේ සිංහල ඔන්ලි කල්පිත දේශපානලනය තියෙන තුරා, ගෝලීය ආර්ථික ලෝකය තුළ අපව ප්‍රතික්ෂේපයට ලක්වෙන එක වලක්වන්න බැහැ.


ගෝලීය ආර්ථිකය දෙසට ව්‍යුගතවූ ඉන්දියාවේ සහය ද අද අපිට නැතිවී, අපි බංගලිදේශයෙන් ණයගන්න තැනට බලුවෙලා ඉන්න එක ඉබේ සිදුවූ දෙයක් නෙවෙයි..

බණ්ඩාරනායකගේ සිංහල ඔන්ලි අටමගලය ස්ථාපිත වී අවුරුදු 66ක් ගෙවී යන මේ මොහොතේ, මේ කොදෙව්වට ඉතුරු වෙලා තියෙන්නේ, සිංහල ජනයා අනික් සුළු ජනයාට සලකන්නට දන්නේ නැති අශිෂ්ටයන් යන මතයක් ලොවපුරා තහවුරු වී, සිංහලයාගේ ලෝක ආත්ම ගරුත්වය කෙලෙසී යාමත්, මුළු ලක් දෙමල ජනයා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසී දකුණු රට ඇතුළේ ඔවුන් දෙස සැක ඇස් කොනින් බැලීමත්, සියළු මුස්ලිම් ජනයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන නව ප්‍රවනතාවයක් විදිහට බාල්දු වී යාමත්, ඒ සියල්ල පදනමේ ආර්ථිකය දන්නේ නැති සහ ආර්ථිකයකට සම්බන්ධ නැති සිංහල ඔන්ලි බොල් පිළිමයක් වූ හොර ජාතික වීරයෙකු වැඩි චන්දයෙන් බලයට පත්වීමත්, ඒකෙන් සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් බහුතරයේ කොයි කවුරුත් වේල් තුන කාගන්නවත් ආර්ථික හයියක් නැති නම්බුකාර හිඟන්නන් බවට පත්වීමත් ය.

බඩගින්නේ උන්ව භය කරල හෝ බඩගින්න ඉදිරියේ බොල් පිළිමයක් වගේ නිහඬව ඉඳල හරියන්නේ නැහැ.

   
 දැන් අපි ආයෙමත් ඝෝඨා නම් මේ බොල්පිළිම වීරයාට සාපේකෂ සමාන පදයක් වූ ප්‍රේමදාස වෙත හැරී, ප්‍රේමදාස කැඩපතක් කරගෙන බොල්පිළිම වීරයාව කියවමු.


89 පහුවී දශක ගාණක් ගිහිනුත්, රටේ බිහිසුණු කතා තවමත් නීතියානුකූලව නිරවුල් නොවී තිබුණට, එදා 1977දී මැතිවරණවල දීර්ඝ ආකර්ෂණීය කතා පැවැත් වූ, මධ්‍යම පංතික සහ පහළ මධ්‍යම පංතිකයන්ට මොනයම් හෝ නිවාසයක් මොනයම් ආකාරයකින් හෝ උරුම කර දෙන්නට මහන්සි වුණ, කොළඹින් පිටත ගම්උදා සැනකෙලි පැවැත්වූ, පාන්දර තුනට නැගිටල තමන්ගේ දුක් ගැනවිලි ලියාගෙන ආ කරදාසි තම අතින් ම භාරගත්තු, අද්විතීය ගායක ජෝතිපාල මියගිය බව අසා කම්පාවී ජෝතිගේ අවමගුලට සහභාගි වීමට තම නිල විදේශ ගමන ද අවලංගුකර දැමූ, 89ට පෙර කාලෙ වෙන තෙක් පැවති ඒ දීප්තිමත් කලා-රසික සහ පොදුජනවාදී ප්‍රේමදාස චරිතය, 89 අග කාලය වෙත්දී, ඔහු කෙරෙන් බොඳවී යටපත්ව ගොසින්, කෙහෙල්වත්තේ ලුම්පන්වාදී ලෝකල් මැක්බත් කෙනෙකුගේ චරිතය කරලියට ඇවිත් තිබුණ බව තමයි, ඒ කාලෙ භයබිරාන්ත ජන ජීවතයක් ගෙවූ බහුතර ලක් කොදෙව් වැසියන්ගේ පොදු මතය වුණේ.

ශේක්ස්පියර් නාටකයේ දී මැක්බත් ජෙනරාල්වරයා, තමන් ඩන්කන් රජු මරා අවනීතිකව ලැබූ රජකම පිළිබඳ වරදකාරී හැඟීමෙන් අවිඥානය පුරවගෙන, යථා ලෝකයෙන් දුරස්ත මතයක් තමන් ඇතුළේ ම භ්‍රමණය කරගෙන, හිතට සැක සිතෙන සිතෙන තරමට උමතුවෙන් මනුස්ස ඝාතන සිදුකරමින්, එයින් අන් අයව සේම තමන්වමත් භිතියට පත් කරගත්තා.



නාටකයේ අවසාන භාගයේදී, තමන්ව ඊට පෙලඹවූ මායාකාරීන්ගේ වරිග මතයට පක්ෂව සිටි තම බිරිඳ වෙත යන මැක්බත්, ජනතාවටට “එහෙයි” කියා කියාගන්නවත් මට බැරි වුණාය කියා තැවෙමින් තමන්ගේ ආත්මයට “අනේ අපොයි” කියාගත්තා.



මැක්බත්ට රජකමේ ප්‍රීති ඝෝෂාමය රසය විඳින්නට ලැබුණේ නැහැ. “මට ඇහෙනව, කටහඬක් හ`ඬ හඬා මට ඇවිදින් කියනව, “නිදාගන්න එපා!, කියල” ... මැක්බත් ඒ විදිහට කියවන්න පටන් ගත්තා. නිදියන්නට තරම් සාමකාමී හැඟීමක් නැතුව මැක්බත් දිගට ම නිදිමරන්න පටන් ගත්තා.

නිදිමරන තරමට මැක්බත්ගේ වරදකාරී හැඟීම් සහ මතිභ්‍රමික සැක සිතිවිලි තව තවත් වැඩිවෙන්න සහ ගොඩගැහෙන්න පටන් ගත්තා. පියවි සිහියෙන් සිටි කාලයේ වගේ යථා ලෝකයේ එල්ලී ජීවත්වෙන්නට මැක්බත්ට අසීරු වෙන්න පටන් ගත්තා.

හතර වන රංගය වන විට, ඇස් ඇරගෙන සිටිද්දී ම මැක්බත්ට නුපරු-සිහින (Nightmares) පේන්න ගත්තා. බැන්කෝගේ අවතාරයක් ඇවිදින්, “මලවුන් නැවත නැගිටින බවටත්, කාගෙ කාගේත් මොළ කෑලි එළියට එන දවසක් ළඟ බවත්” මැක්බත්ට කියාපාන දසුන් තම චිත්ත සන්තානයේ වැදීම නිසා මැක්බත්ගේ ආත්මය ඉරා දැමුණා.

“කළ දේ ආපසු යහපතට හරවගන්න බෑ,”යි කියමින් තම බිරිඳ පසුතැවෙද්දීත්, මහා විනාසයකට පාර පෙන් වූ ඒ මායාකාරීන්ගෙන් යථාවට අසම්බන්ධ ඊළඟ මයාත්මක ගුරුහරුකමක්වත් ලැබේවි යැයි මැක්බත් තරමක් පොරොත්තුවෙන් පසුවුණා.

ඒත් බර්මින් වුඩ් නැමැත්තා ඩන්සිනේන් කරා ලඟාව ඇති බවට දූතයෙකුගෙන් දැනගත් පසුව, සියල්ල අහිමිව අවසානය කරා ගොස් ඇති බව දැනගන්නා මැක්බත්, මරණයට මුහුණ දීමට විතරක් නෙවෙයි, මරණය සාදරයෙන් පිළිගන්නට පවා සූදානමින් සිටියා. මරණය යථා ස්වභාවයට යටත් එකක් බවත් අවසානයේ දී මැක්බත් විසින් පිළිගත්තා.



මායාකාරීන්, මලයාලම්කාරයන් වගේ එවුන් හැම විට ම කරන්නේ, මතිභ්‍රමික වූ සහ දෙදෙරවන සුළු මිනිස් හැඟීම්වලට තුඩුදෙන සිතිවිලි මත පදනම්ව, ඒ සිතිවිලි නඩත්තු කරන්නට සහ තව තවත් ප්‍රවර්ධනය කරගන්නට උල්පන්දම් දෙන එක යි.

 

දැන් මෛත්‍රීපාල කියන ගමයා ජනපතිකමට ඉල්ලන බව ප්‍රසිද්ධියට පත්කළ කාලේ, ඒකට කැළඹුනු මහින්ද පාර්ශවයේ මාධ්‍යකාරයන්ගේ උදව්වෙන් ඉන්ද්‍රජාල කරකවූ බත්බැල නක්ෂත්‍රකාරයෝ, තාරකා කියන විදිහට “ආයෙ එන්නනේත් මහින්ද ම තමයි,” කිව්වට පස්සෙත්, මහින්ද ගමයට පැරදුනා.

ඊට පස්සෙ සමහර මාධ්‍යවේදීන් මේ ගැන මහින්දගෙන් නැවත ප්‍රශ්න කළ විට, මහින්ද කිව්වේ, “මම මීට පස්සෙ නක්ෂස්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ” කියලයි.


cfghdfghගම්මුලාදෑණියෙක් ගමරාල කෙනෙකුට පැරදුනා වගේ නවනිංගිරාවක්

මහින්ද මැදමුලනයන් සිරිසේනට පරාදවීම කියන්නේ, නාගරිකව පුහුණු වෙච්ච ජනපති කෙනෙක්, තවත් ඒ වගේ ම නාගරික ජනපති කෙනෙකුට පැරදුනා වගේ හැදියාවෙන් පිරුණු සාමකාමී පලහිලව්වක් නෙවෙයි. ඒක ගම්මුලාදෑණියෙක් ගමරාල කෙනෙකුට පැරදුනා වගේ නවනිංගිරාවක්.

ඉතිං ගමරාල විසින් ගම්මුලාදෑනියගේ වල්ගෙට වඳිනකම් ම, ගම්මුලාදෑනියා විසින් විධිමත් සටන් නොවන වරිගවාදී ගෝරි ඇතිකර ගන්නවම තමයි. හැබැයි ඒ ගෝරි අනෙකාව මකබාවන තෙක්ම යොමුගත වුණු ප්‍රචන්ඩ සහ අතාර්කික ගෝරි.

මේ ගමරාලයා, ප්‍රේමදාස වගේ රෑ ඉස්කෝලෙ ගිහිං හරි ඉංග්‍රීසි ටිකක්වත් ඉගෙන ගෙන හිටියනං, අඩුම තරමින් මුලාදෑනි මහින්ද තරම්වන ගොතෙන් පැටලෙන ඉංග්‍රීසිවත් දැනගෙන හිටියා නම්, රටේ ආර්ථිකයට මේ තරම් කෙලවෙන්න නොදී බේරගන්න තිබුණා.

කැබිනට් රැස්වීම්වල දී අගමැති රනිල් ඇතුළු යූඇන්පීකාරයින් ඉංග්‍රීසියෙන් කතාබහ කිරීම, තමන්ට එරෙහිව කරන දෙයක් ලෙස වරදවා වටහාගෙන මතිභ්‍රමානුකූලව(Paranoidic) වල්ගේ පාගා ගත්තු ගමරාල “හිටහල්ලකො, මටත් දවසක් ආපුගමං, කෙලවන හැටි බලහල්ලකො” විදිහට තමන්ට ම කොඳුරගනිමින්, තමන් සංධානගත වුණු යූඇන්පී පාර්ශවය කෙරහි දුෂ්ට-සිත් පහළකර ගත්තා.


ඉතිං සිරිසේන ගමයගෙ මේ සිතීම පුද්ගලවාදී සහ අමු වරිගවාදී එකක් වූ නිසා, ගමයගේ අවසන් ප්‍රතිචාරය, බැද්දෙගම නවකතාවේ එන සිළිඳුගේ ප්‍රතිචාරයකටත් වඩා අතාර්කික වුණා.

 

මීහරක්බානක් තරම් මනසක් ඇති මූකලන් වැසියෙක් වෙලත්, සිළිඳු කවමදාකවත් තමන්ම කරපු දෙයක් අතාර්කිකත්වයට ආපසු හරවා යැව් නැහැ. මොකද, සිළිඳු අවංක මූකලන් වැසියෙක්.

ඒත් බන්ඩාරනායක නිසා ඉංග්‍රීසි නොදත් බැරිවෙච්ච සිරිසේන ගමරාලයා, සිළිඳුටත් වඩා පහත් තත්වයකට වැටී සිටියා. මැදමුලනයට එරෙහිව තමන්ම ගොඩනැගූ දේශපාලන කතන්දර තමන් විසින් ම නැවත ප්‍රතික්ෂේප කරමින්, විසංකාර කරමින් සහ අභූත ලෙස විනාශ කරගනිමින්, මලයාලම් පන්නයටත් වඩා අවුල්සහගත අමු ම අමු ගඳගහන පිස්සුවක් කෙලියා.

රනිල්ට එරෙහිව වල්ගෙ පාගගත්තු දෙවෙනි සිරිසේන, රනිල් එක්ක ඡන්දය ඉල්ලූ පලවෙනි සිරිසේනට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. තමන් දේශපාලනිකව භින්නෝන්මාදී (Schitzoprenia) මනෝ-ව්‍යාධියකින් පෙළෙන බව ලෝකෙට ම හෙළිදරව් කරලා රෙදි ගලවගත්තා.

හදිසියේ මහින්ද මුලාදෑනියාගේ වලිගයට නමස්කාර කර, අවනීතිකව එයාව මාස කිහිපයකට අගමැති කර, පෙර කළ වරදට බයබෝයි කමාවක් ඉල්ලාගත්තා.

මහින්ද මුලාදෑනියත් යටි හිතින්, “ඇත්ද තෝ මට විරුද්ධව ගමරාලයව උඩ දැම්මේ, ඔන්න මං තොට හිතාගන්නවත් බැරිවිදිහට ඌ ලවා මකෙලෙව්වා”කියා රනිල්ට පෙනේ පෙන්නල, හොඳ නක්ෂත්‍ර වෙලාවක් බලල බොල් අවනීතික අගමැතිකොමක් ගමරාලයගෙන් භාරගත්තා.



බුද්ධිමතුන්ට විතරක් පේන ඇඳුමක් කියා හෙලුවැල්ලට රැවටුන රජ්ජුරුවන්ට වුණ වැඩේ තමයි මැදමුලනයාට වුණේ. ඉතිං මිත්‍යාමත ඉගෙන ගන්න බැරිවුණ පොඩි දැරිවියක් ඇවිත් “ඔයා හෙළුවෙන්නේ රජතුමනි” කියල අහනකං, එබඳු අයට සිහි එලවගන්න වෙන්නේ නැහැ.



1956න් පස්සෙ කොදෙව්වේ දේශපාලන ව්‍යූහය, එහි භෞතික ආර්ථික ව්‍යූහයෙන් ගැලවිලා අතාර්කිකව නිදහස් අහසේ පාවෙන්න පටන් අරන් දශක 6ක් විතර ගෙවිල තිබුණ හින්ද, ඒ ආර්ථික ජන්මයක් නැති බන්ඩවාදී-දේශපාලනයේ ම පෙරිය පුතෙක් වෙච්ච සිරිසේන කියන ගමරාලගෙන් රටට ඔයිට වඩා වන ඉදිරි-දැක්මක් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි.

ඒත් ආර්ථිකය පැත්තකින් තිබ්බත්, මහින්ද ගම්මුලාදෑනී සහ සිරිසේන ගමරාල තකට තක එකතුවෙලා, මහින්ද ගම්මුලාදෑනීව හදිසි අවනීතික අගමැති කෙනෙක් බවට පත්කරන්න හොර රහසේ තීන්දු අරන් තියෙන්නේ, ඒ දිනවල නාගරික රනිල් මුල්වෙලා සිරිසේන ගමරාලගෙනුත් අවසර ඇතිව ස්ථාපිත කරපු නව-ව්‍යවස්ථා සංශෝධනයවත් කියවන්නේ නැතුව.

අනික හිටපු අගමැති රනිල් දන්නෙත් නැහැ, තමන් ඉන්නැද්දීම වෙන අගමැති කෙනෙක්ව පත්කරල කියල, ජන මාධ්‍ය වලිං කියනකං.

 

ඊට පස්සේ චිත්‍ර ශිල්පී තේනුවරට, එයාගෙ චිත්‍ර ප්‍රර්ශනයකට චිත්‍ර ඇඳීම පැත්තක තියල, හැම චිත්‍රයක්ම වෙනුවට මේ ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති කැන්වස්වල ප්‍රදර්ශනය කරල පෙන්වන්න උණේ මේ කාලකණ්ණි ගම්මු දෙබාන කරල තියෙන නස්පැත්තියක තරම සහ ගොංකම රටට දක්වන්න යි. ඒත් කොළඹ කී දෙන්ක් ඒ ප්‍රදර්ශනය බැලුව ද මන්ද?


අන්තිමේදි රනිල් නීතිප්‍රකාර නඩුමගට ගිය නිසා, ගමරාලයි ගම්මුලාදෑනියයි නඩුවෙන් පැරදිලා, හත්පොලේ ගාගෙන, ගමයාට විලි ලැජ්ජාවක් නැතුව ම තමන් නොකියා අයින් කරපු රනිල්ව ම ආයෙත් අගමැති කරන්න සිද්ධවුණා.

 විදසේ රටවල රාජතාන්ත්‍රිකයින් නොවූ ඒ රටවල සාමාන්‍ය වැසියන් පවා මේ කොමඩිය අහල බඩේ බඩවැල් අල්ලගෙන ඉල ඇදෙනකං හිනාවුණා.

දැන් ඉතිං අපි ණයක් ඉල්ලගෙන ගියත් එයාල දෙවරක් හිතනව ඇති, “පිස්සන්නට ණය දීල අන්තර්ජාතික නීතියත් උල්ලංඝනය වෙලා යයිද මන්දා?” කියල. ඒකනේ මේ උමතු ආණ්ඩුවේ බොල් පිළිම වීරයා අයියව යවල බංගලි දේසෙන් ණය ඉල්ලගන්න තැනට බාල්දු වුනේ.

අඩුම තරමින් ඉන්දියාවවත් දැන් අපි දිහා බලන්නේ නැහැ.

ඉන්දියාව කියන්නේ, උප-භාෂාවන් (dialects) ද ඇතුළුව භාෂා 447ක් සහිතව ලෝකයේ වැඩිම භාෂා ප්‍රමාණයක් පැවතීම අතින්  4වන තැන තියෙන රටක්. ඒත් ඒ රටට ම තියෙන්නේ නිල භාෂා 22ක් විතරයි.

1947දී, 1947න් වසර 15කට පසුව ඉංග්‍රීසිය අවරෝහණය කරනවාද නැතිද කියා යලි තීරණයක් ගැනීම කල් දැම්මා. ඒත් වසර 15ව ගෙවී නැවතත්, 1963දී ගෙනා ඉන්දියාවේ නිල භාෂා පනතට අනුව ප්‍රධාන භාෂාව වන හින්දියට සමාන්තරව ඉංග්‍රීසියට ද දිගට ම පැවතින්න ඉඩ හැරියා.

එහෙම බුද්ධිමය තීන්දුවක් ගන්න ඉන්දියාව අපි නොදන්න මොනවහරි දන්නව. ඒ හින්ද ඉන්දීය පරිපාලන පද්ධතියේ ඉංග්‍රීසිය ප්‍රධාන නිසා, වෙනත් පූර්ව-යටත්විජිත භාෂාවන්වල දේශපාලන මතයන් ඇවිත් ප්‍රධාන රාජ්‍ය පරිපාලන ව්‍යූහ වලට බලපෑම් ඇතිකරන තත්වයක් ඉන්දියාව අදටත් නැහැ.

 

භාෂා 447ක් තියෙන ඉන්දියාවේ අපිටත් වඩා මිථ්‍යා මතාන්තර සහ ගැමි මිත්‍යා භාවිත දහස් ගාණක් තියෙනවා තමයි. ඒත් ඒව රාජ්‍යතාන්ත්‍රක ව්‍යුහයට හෝ රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ජීවිතවල පිළිකන්නටවත් වැද්දගන්නේ නැහැ. ඒ හින්ද පාලකයන් මේ වගේ උමතු බයිල කෙලින්නේ නැහැ.



ඒකනේ ඉන්දියාවෙ අගමැති මන්දිරේ තියෙන නිවසේ මිදුලක වලවල් හාරගෙන අමුඩ ඇදං ශාන්තිකර්ම කරගන්නට වලවල්වලට බහින තරම් මරි නායකයො ඒ රටේ නැත්තේ.

මිත්‍යා මත තිබුණට, ඒවා තනි “හින්දි ඔන්ලි” ස්වදේශ භෂා එකක් විදිහට ව්‍යවස්ථාපිත වෙලා නැති හින්දා, ඉන්දියාවේ රාජයතන්ත්‍රය අදටත් අපිට වඩා ශිෂ්ටයි. ඒ රටවල නායකයො, ව්‍යවස්ථා සංශෝධනයක් ආපු ගමං ඒක ඉංග්‍රීසියෙන් ම කියවගන්න දන්නව. ඒ හින්ද රටේ නායකය ම ව්‍යවස්ථාවෙන් පිට පැනල බුල් කෙලින හදිසි-අනතුරු ඉන්දියාවෙ සිද්ධ වෙන්නේ නැහැ.  
 
ව්‍යවස්ථා සංශෝධනයක් ආපු ගමන්, ඒව කියවල හදාරන්නේ, නාගරික ජනපතිලා. ගැමියො ව්‍යවස්ථාව ඔහේ තියෙද්දි තමන්ට ඕන විදිහට වැඩකරගෙන යනව.        
ඒ හින්ද, ඔය කොයි කොදෙව් වැසියත් තේරුම් ගන්න ඕන දේ තමයි, මහින්ද මුලාදෑණියා ඇතුළෙත්, ප්‍රේමදාසටත් වඩා නොදියුණු මැක්බත් අනුරුවක් තියෙන බව. (ගමරාලයා ඊටත් වඩා අන්ත බව.)



කෙහල්වත්තයින් සහ මැදමුලනයින් කියන මේ දෙගොල්ලෝ අතර සුළු සුළු වෙනස්කම් තිබුණට, දේශපාලනය ඇතුළේ පුද්ගලික මත්‍රිභමික සැක සංකා සැමරීම අතින්, මායාමතික කට්ටඩි ඒජන්තයින් කුලියට ගැනීම අතින්, මේ දෙගොල්ලෝ ම නෑදෑයෝ හෙවත් සමාන පද.



එක ම වෙනස ප්‍රේමදාසගේ ජානය නාගරික ලුම්පන් එකක් වන අතර, මැදමුලනේ ජානය මූකලානට ආසන්න හද්ද පිටිසර ගම්මුලාදෑනී එකක් වීම.

ඒ හින්ද, සජිත්ට තමන්ගේ තාත්තගෙනුත් සහ නාමල්ට එයාගෙ තාත්තගෙනුත් ලබන්න තියෙන පිය-උරුමය සබුද්ධිකතා උරුමයක් නෙවෙයි. මිත්‍යාමතික වරිග උරුමයක්. ඒ කියන්නේ දක්ෂතාව නොතකා තාත්තගේ පුතා හින්ද බලය බාරගන්න එකක්. ඒ හින්ද සජිත්-නාමල් දෙන්න තකට තක ගැලපෙනව.

ghfghfgyu

අනික සාමාන්‍ය ෆන්ක්ෂන්වලදි හමු වුණාමත්, අයියා මල්ලී වාගේනේ ඔය ඉන්නේ. ඉතිං අනේ දෙයියනේ, ඇයි මේ දෙපුතුන් වෙන් කරන්නේ? වැඩිහිටි දෙමාපියෝ මැදිහත්වෙලා දේශපාලනයේදීත් අඹ-යාළුවන් කරවහල්ලකෝ. පෙනුමෙනුත් හරියට ජැක් ඇන් ජිල් වගේ ඔය ඉන්නේ.  
   
මිනිසා තුළ මනෝවිෂ්ලේශණික වූ මාරක මතිභ්‍රමයන් ඇතිකරන්නට තුඩුදෙන මායාකාර හෝ මලයාලම්කාර හෝ වෙනත් මිත්‍යාමතික හෝ වන සිතුම් පද්ධති, ධනවාදී ආර්ථිකය සමඟ බිහිවූ ජාතික රාජ්‍යයට අදාළ මතවාදය වන ජාතිකවාදයෙන් බිහිකර දෙන ඒවා නෙවෙයි.

අඩුම තරමින් යුරෝ වැඩවසම් රජුගේ රාජ්‍යයෙන්වත් බිහිවූ ඒවා නෙවෙයි. මායාකාර හෝ මලයාලම්කාර සිතුම් පද්ධති යුරෝ වැඩවසම් කාලයටත් කලින් තිබූ, වැඩවසම් කාලය පැමිණි පසු නගරයෙන් ගමට පන්නා විසිකර දැමුණු වරිගවාදී හැඟීම් සහ ආවේග අනුව බිහි වූ ග්‍රාම්‍ය සිතුම් මාදිලි. ඉතිං ඒවා, ඒවායේ නිසඟ ස්වභවයෙන් ම ප්‍රචණ්ඩයි සහ අෂිශ්ට යි සහ නිර්-නාගරික යි.  
   
වැඩවසම් යුගයේ සිටි නාගරික මැක්බත්, තම රජුගේ වැඩවසම් නාගරික රජකම දිහා ග්‍රාම්‍ය වරිගවාදී මායාකාර සිතිවිවලි පද්ධතියක් හරහා දකින්නට ගිහින්, වැඩවසම් රාජ්‍යත්වය ගැන පූර්ව-වැඩවසම් තීන්දු අරගෙන ක්‍රියාත්මක කරන්නට ගිහින්, යථාවෙන් පිට පැනී මතිභ්‍රමයට ලක්වී විනාශය හිමිකර ගත්තා.

ප්‍රේමදාස විසින් ජේ.ආර් ගෙනා ඇමෙරි-ධනේෂවර ජනාධිපතිකම දිහා, 1956න් පසුව බන්ඩා ව්‍යවස්ථාපිතව කොට කරලියට ගෙනා, ලක් කොදෙව්ව අරක්ගත් පූර්ව-යටත්-විජිත යුගයට අයත් වරිගවාදී සිතුම් පද්ධති හරහා දකින්නට ගොසින්, ඇමෙරි-යුරෝ ධනේෂ්වර යථාවෙන් පිට පැන මතිභ්‍රමයට ලක්වී විනාශය හිමිකරගත්තා.

එයින් කොදෙව් වැසියන්ට කියා දෙන පාඩම තමයි, නගරය ගමක් කරන්නට බැරි බව. නාගරිකත්වය සහ ග්‍රාම්‍යත්වය කියන්නේ එකක් නොව, දෙකක් බව. නගරය හැමවිටම ගමට ඉදිරියෙන් සිටින බව සහ නායකත්වය දෙන බව. සාපේක්ෂව දියුණු සබුද්ධික නාගරික පද්ධතියකට, ග්‍රාම්‍ය වරිග වත්පිළිවෙත් සහ ඇදහිලි අන්දවන්නට බැරි බව. ඒවා රිජෙක්ට් වෙන බව.



ඒත් වරිග පාලකයෙක් තම බලය පාවිච්චි කරල, එහෙම ග්‍රාම්‍ය වරිග වත්පිළිවෙත් සහ ඇදහිලි ව්‍යවස්ථාපිත කළොත්, ඒකෙන් නගරය ඇතුළේ ගැමි වෛරස් ගිහින්, ගම සහ නගරය අතරේ නොගැලපෙන ආයුධ දෙකකින් ගහ මරාගන්නව වගේ වැඩක් සිද්ධ වෙනව. ඒකෙන් අනවශ්‍ය දරුණ සහ බිහිසුණු ප්‍රතිවිරෝධ සමාජය තුළ ඇති කර, ජීවිතය වෙනුවට විනාශය අරනගෙන එනව.

1956දී ව්‍යවස්ථානුකූලව ඒ විනාශයට අතපෙවූයේ, සිංහල කියවන්නටවත් නොදැන සිටි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරණායක.

ඒ හින්ද, 89ට වසර 33කට කලින් ඒ වගේ ව්‍යවස්ථාපිත ආදර්ශයක් දීල, ඒ හරහා බණ්ඩාරනායකත් නියෝජනය කළ කොළඹ ඉහළ මධ්‍යම පංතිය හදාරා උස්වූ නාගරිකයෙක් බවට පත්වෙන්න තිබුණ එකට පයින් ගසන්නට ප්‍රේමදාවස අවිඥානිකව පෙළඹුවේ බණ්ඩ.

ප්‍රේමදාස තුළ නගරය අප්‍රධාන කරවල, ඔහුව ගම හදා රට හදන ලුම්පන් දේශපාලන වෑයමක් තුළට ඇද වැටෙන්නට සලස්වල, ප්‍රේමදාසව රටේ කොළඹ ඉහළ-මධ්‍යම-පංතිය ඉදිරියේ කිච කරල, ප්‍රේමදාසට සැබෑ ජේ.ආර් හඳුනගන්නට සහ ඔහුගේ ඥානවිභාගය උපුටගන්නට බැරි කරල, අන්තිමේදී අසීරුවෙන් ලබාගත් ජනපතිකමවත් නිවැරදිව හසුරුවාගන්නට බැරිකරල, ප්‍රේමදාස මත්‍රිභම සමරන මනෝ-ව්‍යාධික මැක්බත් කෙනෙක් වී බෝම්බයකින් ම විනාශයට යන තත්වයක් ඇතිවෙන ඉතිහාස ක්‍රියාවලියට මුලපුරපු එකට බණ්ඩාරණායක වරිගයට ම සහගහනව.



මොකද ප්‍රේමදාස රටට වැඩකරන්න ආසාවෙන් සහ ලාලසාවෙන් හිටපු කැපකාරී මිනිස් භවයක්. ඒ අවංකකම තමයි මැදමුලනයට වඩා වන ප්‍රේමදාසට තිබූ එක ම වෙනස.  



ඉතිං ස්කොට්ලන්තයේ වැඩවසම් යුගයට එක යුගයකට කලින් තිබුණු මායාවක් කරේ එල්ලගත්තු හින්ද, මැක්බත් යුග එකක් පසුපසට ගමන් කරන තරමට මායාත්මක වුණ චරිතයක් බවට පත්වුණා කියල කියන්නට පුළුවන්.

ඒ විදිහට බැලුවහම, මේ ප්‍රේමදාසගේ මලයාලම්කාර සමයම සැබෑවක් නම්, සුද්දො ලංකාවට එන්නත් වසර 500කට කලින් ඉඳං, ධනේෂ්වර තියා වැඩවසම් යුගයක් ගැනවත් හිතන්න බැරි කාලයක, ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ පැවති අතිපූර්ව-වැඩවසම් වරිගවාදී මලයාලම් මායා මතයක් කරේ එල්ලගෙන, ප්‍රේමදාස යුග තොග ගාණක් පිටුපස්සට මායාත්මක වෙලා තියෙනව.

ඒකට වගකියන්න ඕන බන්ඩාරණායකගේ කුහක භාෂා ප්‍රතිපත්තිය.

 ප්‍රේමදාස නැසී ගියාට පසු කලෙක, ජනරල් ෆොන්සේකා ජනපතිකමට ඉල්ලන බව දැන කැළඹී, ජනාධිපති පුටුවේ ඉඳගෙන ම මහින්ද මැදමුලනයාණෝ ද, මේ වගේ ම පිස්සු ජල්ලියක් ඇල්ලූ බව, ඒ කාලෙ කට කතා පැතිරුණා.

ඒ දවස්වල අනුර දිසානායක විසින් මහින්ද කරන කියන මෙබඳු මායා මතික දේවල් ගැන එහෙන් මෙහෙන් ප්‍රසිද්ධ රැස්වීම්වල කියත් දීත්, විධායක බලතල තියාගෙන ම, මහින්ද “ඒක එහෙම නෙවෙයි” කියල තාර්කික ප්‍රතිචාරයක් දැක්වන්න නොගියේ, බුදුන්ගේ මහා කරුණාවෙන් පිරි ඉවසීමේ ගුණයෙන් හික්මවුණු නිසා වෙන්නැති සමහරවිට, ...    නේ?  ...  නැත්තං එයා පසේබුදු කෙනෙක් වෙන්න පෙරුම් පුරනව වෙන්න ඇති.


ජනාධිපති පුටුව ගැන විතරක් නෙවෙයි, රටේ ආර්ථිකය ගැනත් ප්‍රේමදාසට සේ ම මේ මැදමුලන ගොයියන්ට තියෙන්නේත් පූර්ව-යටත්විජිතවාදී අතිපූර්ව වැඩවසම් මායා මතයක්. ඒකනේ ගෝලීය ධනවාදය තියා, ඊට දශක ගාණකට පෙර තිබූ කොලෝනියල් ධනවාදයේ ආර්ථික නියාම-ධර්මවත් දන්නෙ නැති සහ හදාරන්නේ නැති, හදාරපු අයට ඉඩ දෙන්නෙත් නැති වර්තමාන මැදමුලනය, රටේ අසරණ ජීවිත එක්ක වරිග වීරත්වයෙන් පිස්සු කෙලින්නේ.



දැනටමත් බුදුදහමට විරුද්ධව පන්සල් ඇතුළේ දේවාල අටවගෙන ඉන්න සිවුරුධාරීන්ගේ පඩික්කං වන්දනාවේ යන්න පටං අරන් ඉන්න, ප්‍රේමදාසගේ දෙටුපුත් සජිත්ට තියෙන්නේ, මැදමුලන වරිගවාදීන්ට වෙනස් මායාමතික නොවූ මොඩන් වරිගවාදයක්ද? නැහැ ඔහු තාත්ත තරම්වත් ඉවසීමක් නැති ලදරුවලිප්පුකාරයෙක් බව විසංකාරයා මේ කොලමේ පළවන කොටසින් ඔප්පු කළා.

ඒකට උත්තර නොදී සජිත් අපි කියපු දේ නිහඬව අනුමත කළා කියන එක තමයි විසංකාරයාට පේනනේ.

ඉතිං මේ අපි අවට දේශපාලනය ඇතුළේ හොල්මන් කරන්නේ සහ අපි අනාගෙන කන්නේ කුමන නම් ග්‍රෝතිකවාදී ආර්ථික මතයක්ද?

අනේ ඉතිං, මේ මායාකාර සහ මලයාලම්කාර බලවේග එක්ක පාරිපාලන ගමන යෑම ප්‍රයෝගිකව යෝග්‍ය නම්, අද වෙනකොට ඩොලර් එක ලංකා රුපියල් 300ක් පන්නල ගිහින් තියෙන එක, දල ජාතික නිෂ්පාදිතය අම්බානට පහළ බැහැල තියෙන එක, බංගලිදේසෙන් ණය  ගන්න වෙලා තියෙන නවනිංගිරා එක, ලංකාව ගෝලීය ලෝකයෙන් සහ කලාපීය ලෝකයෙන්ද වාටියට වැටී පිටමංවෙලා තියෙන එක ඇතුළු රටේ දහසකුත් එකක් තීරණාත්මක ප්‍රශ්න, මේ වගේ මායාකාර සහ මලයාලම්කාර කට්ටඩියන්ට විසඳල දීහල්ලකො, මයෙ අප්පේ.

ඊට පස්සේ අන්තර්ජාතික ලෝකෙට කතා කරල, ඒ ලෝකෙ අමතලත් නිල ප්‍රකාශයක් කරහල්ලකො, “බටහිර අනුකාරක ක්‍රමවේදවලට වඩා ගුප්ත ශාස්ත්‍රවලින් ආර්ථිකය හොඳට ම හරි අතට කරකවල පෙන්වන්න පුළුවන්” රටක් ලෝක මැප් එකේ ඉන්දියාවට යටින් කොත්තමල්ලි ඇටයක් වගේ තියෙනවයි කියල.  



කොදෙව්වේ ඔයාලා සාධාරණව සහ ගැඹුරින් තේරුම් ගන්න ඕන දේ තමයි, තනි භාෂාවක් රාජ්‍ය භාෂාවක් කරා කියල, ඒ භාෂාවට අදාළ හොර මායාකාර ව්‍යුහවලට මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවන්වත් ලබා දෙන්න බෑ කියල.




කොදෙව් වැසියෝ දැන්වත් තෙරුම් ගනිත්වා!

ආර්ථික ශාස්ත්‍ර ඥානය නැතුව, භෞතික අවශ්‍යතා සපයා දෙන්නට 1956යේ සිංහල ඔන්ලි ප්‍රතිපත්තියෙන් හික්මුණු ශ්‍රීලනිපයට බෑ කියල හඬගා කියත්වා!

දැන් මේ දවස්වල තම දවසේ වේල් ප්‍රමාණය අඩුකර ගන්නා, නැත්නම් දවස ම නොකා බලෙන් උපවාස කරන තත්වයට ඇද වැටී සිටිනා කොදවේවේ බහුතර කොදෙව් වැසියෝ, ආර්ථිකයක් දන්නේ නැති සිංහල ඔන්ලි දේශපාලනයේ වචන පිඟානට බෙදාගෙන කන්නද ඕයි?


හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,

පුළුවන්නම් ට්‍රයි එකක් දීල, ගෝඨාව තව පාරක් ජනපති-රජ කරවල, ඊළඟ පාර නාමල්වත් ජනපති-රජ කරවල, ඒකෙන් මුළු ආර්ථිකය ම භස්මාවශේස කරවල, බඩේ බඩවැල් බෙල්ලේ ඔතාගෙන ඔහේලගෙ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් පාරෙ බඩගින්නේ මැරෙන්න අරින්න. එතකොට, ලෝකල් මැක්බත්ලාගේ මායාමතික මතිභ්‍රමය සම්පූර්ණ වුණා කියල හිත හදාගෙන, නමෝ විත්තියෙන් ඔයාලටත් සන්තෝසයෙන් සියදිවි නසාගන්නට පුළුවනි.


ඒක රටට සෙතක් සාන්තියක් කියල හිතෙනව නම්, ඉතිං එහෙම කරනව ඇරෙන්න වෙන විකල්පයක් නෑනෙ මයෙ අම්මපා ...
 
එහෙම නොසිතී, තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැනවත් වගකීමක් තියෙනව නම්, වරිගවාදීන්ට චන්දෙ දීල වෙච්ච නස්පැත්තිය ගැන සිහිය එළවගෙන, කරපු වැරැද්ද ගැන පියවි සිහියෙන් ස්වයං-විවේචනය කරගෙන මැදමුලනය ගෙදර යවන්න!

මැදමුලනය විතරක් නෙවෙයි, 56යේ වරිග දේශපාලනයේ සමාන පදයක් වෙච්ච සමගි-වරිග පූට්ටුවත් විසුරුවා හරින්න!

rw

ජාතික සහ දකුණු ආසියානු කලාපීය සහ ගෝලීය ආර්ථිකය හදරා දන්න බවට ලෝකයේ නිල විශේෂඥයින් පිලිගන්නා සහ ගෞරවයට ලක්වුණු, නාගරික රනිල් වික්‍රමසිංහ කියන අන්තර්ජාතිකව ව්‍යූහගතවී සිටින මිනිසා වන රනිල්, රටට ඉතිරිවී සිටින එකම විකල්පය විදිහට තේරුම් අරගෙන, එයාව විධායක බලතල සහිතව රටේ ජනාධිපති කරවන්න!

රනිල්ව යොදාගෙන දියුණු කාර්මීකරණ සහ තාක්ශණිකරණ ධනවාදය රට ඇතුළට කැන්දාගන්න! ඩොලරයේ අගය පහලට බස්සන නව ගෝලීය-කලාපීය-ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන්නට එයාට ඉඩදෙන්න. රනිල් ඔහේලගේ අන්තිම චාන්ස් එක. මුළු රටට රනිල්ලා දෙන්නෙක් නැහැ. එහෙම වුණා, නම් තොරොම්බල් කරන්නවත් තිබුණා.

රනිල්ට ඉහළ මධ්‍යම පංතික නාගරික බුද්ධිමතෙක්. මේ පාරත් එයාට රට භාර නොදුන්නොත්, එයා ඒ ගැන මැදමුලනයෝ වගේ පෙරේත නොවී, වෙනිං රටවල්වල සංචාරය කරමින් ඒ රටවල ආර්ථික මතය ශක්තිමත් කරන්න උපදෙස් දීල තමන්ගේ පෘථිවි ජීවිතය සාර්ථකව නිමා කරල දාවි.

ඉතිං එයා පුද්ගලිකව ජීවිතය තුළ පැරදිලා නැහැ. වෙන රටකට ගිහිං ආර්ථික උපදෙස් දෙන්නවත් භාරගන්න තරම්වත් කොලිෆයිඩ් නැති, ඇමරිකාවෙ ගිහින් සාමාන්‍ය මධ්‍යම පංතික ජොබ් එකක් කරපු ඝෝඨා වගේ කෙනෙකුට නම්, ජනාධිපති පුටුව නැති වුණහම මහ මලගමක් සිදුවුණා වගේ දැනේවි.

සමහරවිට එයා තවත් අදෘශ්‍යමාන මැක්බත් කෙනෙක් බවට පත්වෙන්නත් බැරි නැහැ. සමහරවිට “මම තමයි හොඳටම කරන්නේ බොලව්” කියමින් යකා නටන්නත් බැරි නැහැ.

ඒත් ඒකට බයවෙලා වැඩක් නෑ. බලන්න, මැදමුලනය ජීවිතය අසීරු කරත්දී වුණත්, සරත් ෆොන්සේකා වැන්නන් තමන්ගේ වීරත්වය අතහැරියේ නැහැ. රටට එහෙම මිනිස්සු ගොඩාරියක් ඕන.  

වෙනත් රටවල් උපදෙස් ගන්නට පවා යොදා ගන්නා මුත්, අපේ රටට වැඩක් නැති එක ම මිනිසා රනිල් විතරක් නෙවෙයි. මේ රටේ ගොයියො රටේ කිසි ම බුද්ධිමතෙක්ගෙන් වැඩක් ගන්න දන්නෙ නැහැ.

ඒකටත් ඉගෙනීමක් තියෙන්න එපැයි. ඒකනේ අපේ රටේ මුදලින් බිහිකරපු දොස්තරවරු, ඉංජිනේරුවො ගෘහ-නිර්මාණ ශිල්පීන් ඇතුළු බුද්ධිමය වෘත්තිකයින් තොග ගණන් රට අතහැරල යන බව විදේශ සේවා පුවත්වලින් පවා නිරාවරණය වෙන්නේ.
       

කොදෙව්වනි, ඔබට මොනවහරි දෙයක් තේරුණාද?

 
ඒ හින්ද දැන්වත් දරුවන්ගෙ බඩවැල් ගැට ගැහී මැරෙන්න කලින් මැදමුලනය සිතින් ඩිලීට් කරගන්න! එයාල විතරක් නෙවෙයි, 1956යේ වරිග දේශපාලනය අනුව යන හැතිකරයේ මුළු රොත්ත පිටින් ම අවලංගුකර දමාගන්න! නව නාගරික ආර්ථික පද්ධතියක් වෙනුවෙන් මානසික ශ්‍රමයෙන් සේ ම ශාරීරික ශ්‍රමයෙන් උරදෙන්න!  


පාරවල් ගාණේ හිඟා කකා ළමයින්වත් මරාගෙන ඔහෙලත් මැරෙන්න යන මැක්බත්වාදී ස්වයං-විනාශයෙන් ගැලවෙන්න! නැත්නම් අයි.එම්.එෆ් ගිහිං අන්තර්ජාතිකය අප වෙත නම්මවාගන්නවත් නොදන්න, ආර්ථික දැනුමෙන් ආබාධිත බැසිල් මැදමුලනය හෝ පිස්සු පීකුදු නාමල් මැදමුලනය හෝ නැත්තං මේ ඉන්න අනාර්ථික මැදමුලනය ම ආයෙත් පත්කරගෙන එයාලට ආතල් ගැනීම වෙනුවෙන් ඔයාල මැරෙන්න!

“අයුක්තිය වෙනුවෙන් නැගී නොසිටින නගර දුහුවිලි බවට පත්වෙනවා” කියල, හිට්ලර්ගේ මරණ ලැයිස්තුවට පවා වැටිල හිටිය හිටපු රැඩිකල් ජර්මන් කවියකු වූ බ්‍රටෝල්ට් බ්‍රෙශ්ට් කියල තියෙනව.  
 
පවතින ලෝක ආර්ථික පද්ධතියේ නියාම-ධර්ම නොතකා, මේ මායාමතික මැදමුලන සහ කෙහෙල්වත්ත බොල් පිළිම දෙක තවදුරටත් සැමරුවොත්, ස්වයං-විනාශය හැර වෙන විකල්පයක් නැති බව තේරෙන්නේ නැතිද? ...

ඒ නිසා මැදමුලන වරිග පූට්ටුව සේ ම, ඊට සමාන්තර සමගි-ජනබල වරිග පූට්ටුවත් කරන ආර්ථිකයට සම්බන්ධ නැති අදේශපාලනය, දැන් ජනයා අතර බඩගනි මරණ ඇති වෙන තැනට රට ගෙනත් හමාරයි.

ඒකනේ දැනටමත් මධ්‍යම පංතියේ බොහෝ උදවිය පාරවල්වල රහසේ හිඟාකන්නේ, “කාටවත් කියන්න එපා, අපේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නෑ,” කියල සල්ලි ඉල්ලන්නේ. එයාල එළිපිට හිඟා කනකොට හෝ එයාලගෙ ලොකු පුතාල පාතාල ස්මග්ලිං කල්ලිවලට සම්බන්ධවෙලා මංකොල්ල කනකොට, බුලට් කවල මරන්න ද මැදමුලනෙයි කෙහෙල්වත්තේ වරිග ලොක්කො ටික මේ බලන් ඉන්නේ?

ඒ හින්ද මැදමුලන වරිග සමස්තයේ ඉන්න සියල්ලෝ එකතුවෙලා, ආර්ථික නියාම-ධර්ම විරෝධීව අලුත් සල්ලි අච්චු නොගසා, හැම දේම කෝවිඩ් රෝග වසංගතය හින්ද වෙච්ච බව වමාරා කන්නේ නැතිව, අඩුම තරමින් ඩොලරයේ අගය පහළට ගෙන ඒම සඳහා ඔහෙලගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ වැඩපිළවෙල නියාම-ධාර්මිකවය සහ සැබෑ ගණිත-මිණිත (Statistics), දත්ත සහ තොරතුරු අනුව අවංකව රටට හෙළිකරන්න! ලියාගන්නවත් දන්නැත්තං ආර්ථික විශේෂඥයෙකුගෙන් අහගන්න! ඒත් දන්නැත්තං ගෙදර යන්න!

රටේ ධනේෂ්වරවාදී ආර්ථික පක්ෂය වූ යූඇන්පියේ ස්ථාවරත්වය බිඳ දමා, මායාකාර මතිභ්‍රමික වරිග හවුල් හැදූ සජිත් මේ කියන විශ්ලේෂණය සම්බන්ධයෙන් වගකීම්සහගත ද? තාත්තගේ මායාත්මක බවේ වර්ගමූලය වෙලා ජනයාට තවත් කෙලවෙනකං, මීඩියා එක ඉදිරියේ සෙලිබ්‍රිටි කෙනෙක් වෙන එක විතරක් ද, විදෙස් මාධ්‍යවේදීන් ඉදිරියේ ආර්ථික නියාම විරෝධී වැල් බයිල කියන එක විතරක්ද, වගකීම්සහගත දේශපාලනය කියමින් දිගට ම කරගෙන යන්න හිතන් ඉන්නේ?


කටට එන නහුතයක් විශේෂණ පද දමා වටවංගු වන්දනාවේ යන්නැතුව, ඔය මල ඉලව් සමගි-වරිග පූට්ටුවේ නිල ආර්ථික හර-පද්දතියක් තියෙනව නම්, ඒකේ ප්‍රායෝගික දකුනු ආසියානු සහ ගෝලීය පදනම සහිතව රටේ සහ කලාපයේ ආර්ථිකවේදීන්ට හෙළිකරන්න.

 ඒ වගේම, යූඇන්පියේ පුටු පෙරලගෙන වරිග පූට්ටුවක් හදාගෙන ගියේ, රට-හදන්න රනිල් නියෝජනය කළ කුමන ආර්ථික නියාම ධර්මයට එක්ක එකඟ නැති නිසාද කියලත්, ආර්ථිකයට අසම්බන්ධ නියාම හෝ දේශපාලන වාග් ප්‍රලාප නැතුව සැබෑව රටේ සහ කලාපයේ විශේෂඥයින්ට හෙළි කරන්න!  

අපි රනිල්ගේ පැත්තේ ඉඳන් බලන් ඉන්නවා! පුළුවන්නම් විසංකාරයගේ මේ බුද්ධිමය ටෙක්ස්ට් එකත් එක්ක හැප්පෙන්න!



පුළුවන් නම් ගොඩනැගෙමින් පවතින නව-නූතන යූඇන්පිය එක්ක හැප්පෙන්න!

ඉදිරියේ දී මහපාරවල් අයිනේ නිරන්තර වැටිල තියෙන්නට නියමිත මලමිනී, බඩගින්නට මළ ඒවද, කෝවිඩ් නිසා මළ ඒවද, නැතිනම් බඩගින්නට විරුද්ධව සටන් කරපු හින්ද මරපු ඒවද කියල හොයාගන්න බැරිබවට පත්කරමින්, ලක් කොදෙව් වැස්සන්ගේ සිත් සතන් වල්මත් කරල, ඒව ඔක්කොටම ස්වබාවික මරණ විදිහට මරණ සහතික දෙන්න ද වරිගවාදී සහ පඩික්කංවාදී මැදමුලනයින් සහ කෙහෙල්වත්තයින් බලන් ඉන්නේ?  
 


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ...

sf

 
ඔයා සැබෑ වීරයෙක් නම්, ඔය නරි ප්‍රේමදාස හවුලෙන් ඉවත් වෙන්න. ඕක මැදමුලනයේ ම තවත් අනුරුවක් විතරයි. ඔයාට ඔය වගේ නරි වරිග හවුල්වල ඉන්න එක අනාගතයක් නෙවෙයි. 

 
අනතුරක් සහ විලි ලැජ්ජාවක්!


ඔයා සැබෑ වීරයෙක් නම්, වීරයින්ගේ ජීවිත කතාවල් තමන්ගේ ජීවන කැඩපත කරගෙන කියවා, ඒවා තුළින් අනාගතය දිහා බලනවා මිසක්, යුද්ධයෙන් මැදමුලනයින්ට කරල දුන්නු සේවාව ගැන කිසි ම කෙලෙහගුණයක් නැතුව, බෙල්ලෙන් ඇදගෙන ගිහිං ඔයාව අවනීතිකව හිරේට යවන්නනට අණකළ, ඒ වරිග දේශපාලනයට ම ජන්මයෙන් සමාන වූ කෙහෙල්වත්තයෙකුගේ වරිග-පූට්ටුව ඇතුළේ ලගින්න ගියේ එයා ජාතික ලැයිස්තු කැරට් අලයක් පෙන්වූ නිසාවත්ද අනේ?...  අහෝ!

අසීරුවෙන් සහ වෙර වෑයමෙන් ගුණාත්මක මිනිසුන් බවට පරිණාමය වෙච්ච උදවිය, නැවත වානර තත්වයෙනුත් පහළට යැවිය හැකි බුද්ධි-විරෝධී යන්ත්‍රණයක් තමයි ඔය සමගි-වරිග-පූට්ටු බගලවේගය. (ඒක අපි ගියපාර කොලමෙන් විද්වත් හර්ෂට කිව්වහම එයා පිලිගත්ත! ඒ ලියමන ගැන හදාරන්න වෙනම ෆෝරමයක්ද පත් කෙරුව.)

ඔයාව හිරේට යන බව මාධ්‍ය හරහා ඇසේත්දීත් නෑසූකන්ව සිටි, ඔයාට ඒ අසාධාරණය කළ බව දැන දැනත්, ඔයාගෙන් බැහැර තැනක වීරයා සිටින බවට වරදවා වටහගත් ජනතාවක් හිටපු සහ අදටත් ඉන්න රටක් මේක.

ඔයාගෙන් වැඩේකරවගෙන ඔයාව පාවා දී, යුද්ධය දිනපු මහිමයේ පොල්මංකාර අයිතිය අසාධාරණ තමං සතුකරගත්තු මැදමුලනයට තුන්පාරක් ජනපති පුටුව ඩැහැගන්නට ඉඩදී බලා සිටි නීච වරිගයින් ඉන්න රටක් මේක.


ඉතිං, “යුද්ධය දිනවපු සැබෑ වීරයා ඝෝටා නම්, මහින්දට ජෙනරල් සරත්ව යුද්දෙට යවන්නේ නැතුව, මුළින් ම ඝෝටව ම යුධ නායකය කරල යවන්න තිබුණනේ?” ගියානං ඝෝටා පරදින බව ඝෝටයි මහින්දයි දෙන්න ම දන්න හින්ද තමයි, ඔයාව යැවුවෙ.



තම ජීවිතය පරදුවට තියල එහෙම උදව්වක් කරපු ඔයාට, නිදහසේ දේශපාලනය කරන්නවත් ඉඩ නොදී හිරේට යන්න කටයුතු සලස්වපු වරිගයක් තමයි මැදමුලනය. එයාලට අදටත් ඒ ගැන හෘද සාක්ෂියක් නැහැ.

යූඇන්පීයෙන් එළියට බැස්ස බණ්ඩාරනායකටත් තමන් සිංහල ඔන්ලි ප්‍රතිපත්තිය ව්‍යවස්ථාපිත කරනකොට, චෙල්වනායගම් ගිවිසුම දෙසත් සාධාරණව බලන්න ඕන කියන හෘද සාක්ෂියක් තිබ්බා. මැදමුලනයට ඒකවත් නෑ.

රටේ මෙතෙක් බිහිවූ සියළු පාලකයින් අතරින්, තමන්ට උදව් කළ අයට විරුද්ධව පවා කිසිදු හෘදසාක්ෂියකින් තොරවව ඕන ම  කුප්ප වැඩක් කරන්න පුළුවන් තරමේ ගෝත්‍රික ජානයක් දරාගත් කල්ලියක් තමයි මැදමුලනය.

මැදමුලනයින් සහ කෙහෙල්වත්තයින් යලි එකටතියා කියවීම උදෙසා අපි නැවත ප්‍රේමදාස යුගය කැඩපතක් කරගම්මු!      
     

ගූගල් පියාණන්ගේ විස්තර පදනම් කරගත්තත්, ප්‍රේමදාස යුගයේ ආන්දෝලනාත්මක ලෙස මියගිය ජෙනරල් ඩෙන්සිල් ලක්ෂමන් කොබ්බෑකඩුව නම් වූ ඒ අද්විතීය හමුදා නායකයාගේ හමුදාමය අවමගුල් උත්සවයට ලක්ෂයකට (100,000) වැඩි මිනිස් ගඟක් කොළඹ බොරැල්ල ප්‍රධාන සුසාන භූමිය කරා ඇදුනේ, මීඩියා ප්‍රචාර දී මළගමට එන්නැයි ෆේස්බුක් පේජ් එකක් හදාගන්නවත් ලක් කොදෙව්වෝ දන්නේ නැති කාලෙකයි.



මේ අවමගුල් දිනයේ දී ම, ප්‍රේමදාස ආණ්ඩුවට විරුද්ධ සටන් පාඨ කියවමින්, අවමගුලට පැමිණි ආණ්ඩුවේ ඇමතිලාට ගල් මුල් විසිකරමින් කොදෙව් ජනයා තම ප්‍රකෝපකාරීත්වය පෙන්වන්න පටන් ගත්තා.

ඒ කාලේ ප්‍රේමදාසගේ සෙරෙප්පු තම්බා සුප් බොන්න වුණත් කැමතියි කියා ප්‍රසිධියේ කියූ නිසා “සෙරෙප්පු සුපා” ලෙස තරුණයින් අතර ජෝක් වුණු, එකල සන්නිවේදන නියෝජ්‍ය ඇමති ඒ. ජේ. රණසිංහත්, ඔහු හා ගිය නියෝජ්‍ය විදේශ ඇමති ජෝන් අමරතුංගත් ඇතුළුව පහලොස් දෙනෙකු විතර මේ අවමගුලේදී තුවාල ලැබුවා.

සිද්ධිය ඇසින් දැකපු අය කියපු විදිහට, මේ මළගමට ආපු සෙනඟ තරහින් පසුවූණේ, කොබ්බෑකඩුව නම් එයාලගේ යුධ වීරයාට, ප්‍රේමදාස ආණ්ඩුව විසින් රාජ්‍ය ගෞරව සහිත අවමගුල් උත්සවයක් නොපැවත්වීමයි.

 ඉතිං ඒ නිසා අවසානයේ කොහෙත් සිද්දවෙන විදිහට, මේ කලහකාරී කොදෙව්වන් විසිරවා හැරීම සඳහා, ප්‍රේමදාස ආණ්ඩුවේ පොලිසියට අහසට වෙඩිතබන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි, කොබ්බෑකඩුවගේ අකල් මරණය ඉදිරියේ අවමගුලට පැමිණි අය අතරින් එතෙක් හැඬුම් නොපැමිණි අයට, අඬන්නට උදව්වක් විදිහට පොලිසිය කඳුළු ගෑස් ද ගහනු ලැබුවා.  

කොබ්බෑකඩුව වීරයාගේ වැන්දඹු බිරිය වූ ලලිනි කොබ්බෑකඩුව, මේ සැකසහිත මරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික කොමිසමක් පත් කරන්නැයි කියා ඉලා සිටියත්, ඒ ඉල්ලීම ඉටු නොකළ ප්‍රේමදාස නම් මැක්බතියානු ජනාධිපති විසින් පත්කෙරුවේ, අමීර් ඉස්මයිල් කියන තනි මිනිසකුගෙන් යුතු අමුතු තනි-පුද්ගල ශ්‍රී ලංකා-ආණ්ඩු කොමිසමක්. පසුව ලැජ්ජ හිතී එයාට උපදේශකත්වය දෙන්නටැයි කියල අතිරේක සොලිසිටර් ජෙනරල්වරයෙක් වූ යාපාව අමීර්ගේ වල්ගේ ඒල්ලුවා.

පසු කලෙක, තමන්ගේ නෑදෑය හින්දද කොහෙද, චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිවරිය මේ මරණය විමර්ශණය කරන්නට ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ කොමිසමේ ඉහල  පුටුවේ හිටියේ තිස්ස ඩයස් බන්ඩාරණායක. ඊට අමතරව තවත් විනිසුරුවරුන්, මහාධිකරණ විනිසුරුවරුන් අනික් පුටුවල හිටියා.

 
කොමිසමට සාක්කිකාරියක් වුණු රෝහිනී හතුරුසිංහට අනුව, මේජර් ජනරල් විජය විමලරත්න සහ මේජර් ජනරාල් ආනන්ද වීරසේකර කොබ්බෑකඩුවගේ රථයේ බෝම්බයක් අටවා කුමන්ත්‍රයක් කළ බව කියපු අතර, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව මේ සාක්කියේ වටිනාකමක් නොමැති බව තහවුරුකර තිබියදීත්, මුල්පුටුවේ හිටපු තිස්ස ඇයගේ සාක්කියට ඉඩදුන් විට විනිසුරුවරුන් දෙදෙනෙක් කොමිසමෙන් ඉල්ලා අස් වුණා.


මේ කොමිසම චලන රූපගත කෙරුණු නිසා එය අහවර වුණේ, විජය විමලරත්නගේ පිළිරුව කොබ්බෑකඩුවට හිතවත් පිරිසක් විසින් විසුණු කර දැමීමෙනු යි. පසුව කොමිසම විසින් ප්‍රේමදාස ජනපති සහ හමුදාවේ සමහර සාමාජිකයින් “කොබ්බෑකඩුවගේ මරණයට සෘජුව සම්බන්ධ” බව කියා උපකල්පිත ප්‍රකාශයක් කරල, ලෝකය ඉදිරියේ ඒ කොමිසන් කෙළියත් අනාගත්තා.  
 
ඊට පස්සෙ ආසියානු ටයිම්ස් පුවත්පතේ පලවුණේ, “රජය පත් කරපු දෙවෙනි කොමිසමත් මහා උපකල්පිත නිගමනයක ම පැමිණ ඇත! ” යනුවෙනුයි.

බලන්න, පළමුව වරිගවාදී ප්‍රේමදාස කොමිසම තමන් අතට අරන් වාද-විෂය යට ගැහුව. දෙවනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක තිස්ස බණ්ඩාරනායක එක්ක එකතුවෙලා හත්පොලේ ගා ගත්තා.

රටට වෙච්ච අවනීතික අකරතැබ්බයක් හරි විදිහට විසඳල, ඒ අවුල ලිහල සමාජයේ පොදු සිතුම් පැතුම් නිදහස් කර හරින ආදර්ශයක් රටට දෙන්නවත් දන්නේ නැති මේ වගේ වරිගවවාදී පාලකයින් යටතේ පවතින, රාජ්‍ය පාලනයන් ගැන තව කුමන නම් කතාද! වරිගයෝ විසින් නිවැරදිව ඉවර කරනවයි කියල පටන් ගන්න හැම කොමිසමකට ම කෙලවෙලා කෙරලවර වෙනව.

දේශපාලකයින් හිතන් ඉන්නේ, රටේ මිනිසුන්ට හිතන්න හිතක් (මනසක්)වත් නැති අබාධිත තිරිසනුන් කියල.

කොහොම නමුත් අදටත් ලලිනි කොබ්බෑකඩුව ඉල්ලූ අන්තර්ජාතික කොමිසමට ඉඩ ලැබිල නැහැ. සරත් ෆොන්සේකාව හිරගේට යැවීමට හදිසියේ සිරගෙට යවන්නට ආපු නීති සහ ශරානි බණ්ඩාරනායක අස්කරවන්න හදිසියේ කඩාපාත් වුණ නීති කොහෙන් කඩාපාත්වුනාද කියලවත් කොදෙව් ජනයා හෝ අන්තර්ජාතික ප්‍රජා දැනුම්වත් කර නැහැ.

ඉතිං මේ ගසාකන්නේ, ඉංග්‍රීසියෙන් ඉගෙනගන්නට නොදී, කොදෙව් ජනයා නොදැනුවත් පිරිසක් බවට පත් කළ 56න් පසු බිහිවූ නූගත්කමයි.


ෆීල්ඩ් මාර්ෂල් සරත් ...

කොබ්බෑකඩුවගේ අසම්පූර්ණ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් එදා තමන් ඉල්ලූ අන්තර්ජාතික කොමිසම නොලැබී පේන තෙක් මානේ නොඑන ලකුණු පේනකොට, වීරයාගේ බිරිඳ ලලනි කොබ්බෑකඩුවට ලක් කොදෙව්ව ඇතුළේ නීතිය ක්‍රියාත්මක වන විදිහ ඉදිරියේ මහා තනිකමක් දැනෙන්න ඇති.

මේක ඇයගේ පවුල ජීවත් වන පීතෘභූමිය වුණාට, ඒ වෙනුවෙන් ජීවිතයෙන් සහ මරණයෙන් රටට කොපමණ කැප කිරීම් කළත්, රටේ පරිපාලන ව්‍යූහය තියෙන්නේ, මායාමතික වරිග පාලකයෙක් යටතේ නම්, පෘථිවිය හැර අවසන් ගමන් යන්න වෙන්නේත්, නීතියේ පිළිසරණක් නැතිව බව ඇයට වැටහෙන්න ඇති.

ග්‍රීසියේ ක්‍රිස්තු පූර්ව ගණන්වල හිටපු ඇන්ටිගනීයි, ලක් කොදෙව්වේ ක්‍රිස්තු වර්ෂ ගණන්වල හිටපු වරිග දේශපාලන නියෝජනය කළ ප්‍රේමදාස සහ චන්ද්‍රිකා දෙන්නයි අතර වෙනස ඔච්චරයි.

ඒ වගේ ම ජනරාල් සරත්, ඔයා යුද්දෙ දිනාල දුන්නු ගමං, ඔයාව පහකරල පදවියෙන් පහකරල, දේශපාලනේ කරපු ගමං හිරගෙට යවල, සත පහක හෘද-සාක්ෂියකින් සහ කිසිදු හිරිකියකින් තොරව යුද්ධයේ වීරත්වය අයුක්තිසහගතව සමස්ත මැදමුලනය වෙත පවරගෙන, ඔයාවයි ඔයාගේ පවුලවයි, යුධ ජයග්‍රහණයේ චිත්‍රයෙන් මකල දාල තනිකරනකොට, ඔයාටත් ඔයාගේ බිරිඳටත් මහා තනිකමක් දැනෙන්න ඇති, “මෙහෙව් අයුක්තිසහගත රටකටද බොලේ මායි මගේ පුවලයි ජීවිතයත් මරණයත් අතර මහා කැපවීමක් කළේ” කියල හිතෙන්න ඇති.
  

ලලිනි කොබ්බෑකඩුවයි ඔයාගෙ බිරිඳයි මුහණ දුන්න තත්වයන් දෙක, දෙකක්ය කියා කාටහරි කියන්න පුළුවනි. ඒත් විසංකාරයාගේ සමාජ විද්‍යාත්මක දැනුමට අනුව නම්, මේ දෙක ම සමාන්තර වරිග දේශපාලන දෙකක් නිසා ප්‍රතිඵල වුණ සමාන ලෙස අයුක්තියට යට වීමයි. වරිග දේශපාලනය විනයගත හමුදා ලෝකයට ඇතුළුවීම පිළිබඳ රාජ්‍ය පරිපාලන ව්‍යූහයේ වගකීම ප්‍රශ්ණ වන තැනක් මේක.


කොබ්බෑකඩුව මුලදි හිල්වුඩ් කොලේජ් එකට සහ පසුව 1948දි ට්‍රිනිටි කොලේජ් එකට යවල, ඒ ඉස්කොලෙ රග්බි, හොකී සහ ක්‍රිකට් ගස්සවල, පාසලේ ශිෂ්‍ය නායක පදවි ගන්නා තැනකට යොමුකරවල, 1960දි දියතලාවෙ හමුදා පුහුණු මධයස්ථානය හරහා සිලෝන් ආමි එකේ කැඩෙට් ඔෆිසර් කෙනෙක් කරවල, ඒකෙන් සැන්ඩර්ස්ට්වල රෝයල් මිලිටරි ඇකඩමියෙන් පුහුණු කරවා නැවත 1962 මේ කොදෙව්වට ආවට පස්සේ 2න්ඩ් ලෙෆ්ටිනන් කෙනෙක් කරවල, ආපහු ඒකල යුධ නිළදාරී කෝස් එකක් කරන්න එංගලන්තෙට යවල, ආයෙත් 1964රේ ලුතිනන් කෙනෙක් කරවල වාහන පුහුණු පාඨමාලාවකට බෝවින්ග්ටන් කෑම් එකේ රෝයල් ආමඩ් කොප්ස් ට්‍රේනිං යුනිට් එකටත් යවල, ආයෙමත් 1971දි රජයෙන් ම එංගලන්ත හමුදා පුහුණුවකටත් යවල, මෙකී නොකී සියළු දේ කරවල ගොඩනගාගත්තු යුධ නායකයාව වෙනුවෙන් රටට වැයවුණු මුළු මුදල ම ඇරස්තමේන්තු කෙරුවයි කියමුකෝ.

ඒ කරල ඒ මුළු මුදල කෝටි ගාණක් වුණත් කමක් නෑ කියල වන්දියක් විදිහටත් දුන්නයි කියමුකෝ. ඒත් ඒ මුදල වැය කරල ආයෙමත් කොබ්බෑකඩුව වගේ අති-නිපුණ යුධ නායකයෙක් රටට හදාගන්න කොබ්බෑකඩුව ජීවත් වෙච්ච තරං ම කාලයක් ඉදිරියට බලන් ඉන්න වෙනව නේද ජනරල් සරත් ෆොන්සේකා.

රටක යුද්ධ කරන්න විතරක් නෙවෙයි, අනික් සේවාවන් කරන්නත් හරිහමං කොන්ද පන තියෙන කාර්ය ශූර්ය සහ බුද්ධිමත් වෘත්තීක මිනිසුන් හදාගන්න එක ලේසිපාසු වැඩක් ද ජනරල් සරත්?

ඉතිං ප්‍රේමදාස පාලන කාලෙ කාලකොබ්බැකඩුවට වුණාට වඩා වෙනස් දෙයක් ද මැදමුලනෙ කාලෙ ඔයාට වුණේ ජනරල් සරත්. ඉතිං ප්‍රේමදාස තරංවත් දේශපාලනයෙන් මුහුකුරා නොගියි, ප්‍රේමදාසටත් වඩා අල ගෝනියක් වෙච්ච ප්‍රේමදාසගේ කෙහෙල්වත්ත පුත්‍ර ජානයෙන් ඔයාට ඊට වඩා හොඳක් වෙයි කියල හිතන්න පුළුවන් ද ජෙනරල් සරත්.  

ජේ. ආර්- පාලන යුගය කාලේ ඇතුළත්මුදලි අතින් අතිදැවැන්ත වඩමාරච්චි සටනේදී පවා සිදුනොවුණ පරිපාලන අනතුරක් ප්‍රේමදාස පාලන යුගයේ දි කොබ්බෑකඩුවට සිදුවීම අහම්බයක් ද ජනරල් සරත්.

රනිල් යටතේ ජනපතිකම ඉල්ලන්න පවා ඉඩ ලැබුණු ඔයාට, වරිග සජිත් හරහා අතපය දිගහැරල වැඩකරන්න ලැබෙයි කියල හිතනවද ජනරල් සරත්.


අවනීතිය තම භාවිතයෙන් ප්‍රශ්න කරන්න ජෙනරල් සරත්.
අවනීතිය ඓතිහාසිකව හදාරන්න!


එතකොට දැන් මැදමුලනය කරන දේ ම මීට පෙර ඉතිහාසයේ ඊට වඩා වෙන්ස් විදිහකින් කරපු අය ඔයාට හමුවේවි. අවනීතිය ප්‍රශ්න කරන්න බැහැ, ඒව කරපු සහ කරන්නට බලාගෙන ඉන්න වරිග පූට්ටු ඇතුළේ ලැගල. ඒවයින් පිටතට ඇවිත් හැබෑ වීරත්වය රැකගන්න!

ඒ හින්ද, වරිගවාදී දේශපාලන මඩගොහොරුවෙන් මිදිල, මෙතෙක් හේතු විරහිතව ආන්දෝලනාත්මකව සේ ම අති රහසිගතව අතුරුදන් වී ගිය උතුරේ සහ දකුණේ සියළු දෙනා ගැනත්, අන්තර්ජාතිකි විමර්ශන කොමිටුවක් පත්කරන තෙක් රටේ එක් අංගවිකල පදාසයක් පිළිකාවක් වගේ, හොල්මනක් වගේ, මලගිය ප්‍රාණකාරයෙක් වගේ ඇවිත් කරන්න යන හැම ප්‍රගතිශීලී වැඩේට ම බාධා කරල, අල කරල ආපස්සට දානව.

ඒ නිසා, සිදුවූ මොන බිහිසුණු දේත් නීතීයානුකූල පරීක්ෂණ කර ප්‍රසිද්ධියට පත්කරන තෙක්, පොදු ජනයා භීතිය ඉවත ලන්නේ නැහැ. ඉතිං එතකං, පොදුජන මනෝ-ව්‍යාධීන් ඉවත්ව යන්නේ ද නැහැ. දෙමාපියන් අවිඥානිකව වෙන ආකාරවලින් ඒවා දරුවන්ටත් දෙනවා. ඒ හින්දා වසර 66ක වරිගවාදී මතිමතාන්තර දේශපාලනය තුළට වැද්දාගෙන, දේශපාලනය මැක්බත්කරණය වීමෙන් දැන හෝ නොදැන ජනයා මනෝ-ව්‍යාධිගත වූ සමාජයකයි අපි මේ ජීවත් වෙන්නේ.

මේ තත්වය තියෙන තෙක්, ඒක නිරවුල්කර නොගන්නා තෙක්, කොදෙව් ජනයා ඇඟ බේරගන්න කියල උඩින් (Consciously) සරල, යටින් (Unconsciously) බිහිසුණු ජීවිත ගතකරන තෙක්, ඒ ඉතිහාස කතා ම ආයෙමත් වෙනත් ආකාරයකින් මේ සමාජය ඇතුළෙ ම පැන නගින බව සාමාන්‍ය සමාජ විද්‍යාත්මක ඇත්තක්.


හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,

ජෙනරල් ෆොන්සේකා ඇතුළු කොදෙව් වැසි අපි කවුරුත් තේරුම්ගන්න ඕන දෙයක් තමයි, අපේ මේ ඉන්න ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ යන්ත්‍රණය, කොලනිවාදීන් මේ රට පාලනය කරපු අවුරුදු 500ට කලින් තිබුණ එකක් නෙවෙයි කියන එක.

අද සිරි ලකේ තියෙන මේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් යන්ත්‍රණ අපිට ලැබුණේ, 1948ට කලින් අපිව පාලනය කරපු එංගලන්ත කොලිනිවාදීන්ගෙන්.

ඒ හින්ද අපි මේවට “අපේ හමුදා, අපේ පොලීසිය” කියල කිව්වත්, ලංකාවෙ රජ කාලෙ තිබුණ හමුදා හෝ සොල්දාදු යන්ත්‍රණයකින් පැවත ආපු එකක් නෙවෙයි මේක.


අද අපේ හමුදා සහ පොලිස් යන්ත්‍රණය කියල අපි මේ කියන්නේ, සුදු කොලනිවාදීන් අපට දායාද කරපු එකකට. ඒ හින්ද අපේ රජවරු පාලනය කරපු අවුරුදු දහස් ගාණක් පුරා පැවතුණ ඒ හැම වරිග ආරක්ෂක අංශයකට ම වඩා දියුණු, කාර්මික විප්ලවානුකූල ආයුධත්, ආයුධ පුහුණුව සහ බුද්ධි අංශ පුහුණුවත් සහිත නූතන (Modern) හමුදා සහ පොලිස් යන්ත්‍රණයක් තමයි මේක.


ඒ හින්ද, එංගලන්ත සුදු කොලනිවාදීන් පාලනය කළ පරිපාලන ව්‍යූහය යටතේ තිබූ ත්‍රිවිධ හමුදා සහ පොලීසියන් වල ආරක්ෂක ශික්ෂණය සහ දක්ෂතා, 1956ට පස්සෙ ත්‍රිවිධ හමුදා සහ පොලීසියන් වල ආරක්ෂක ශික්ෂණය සහ දක්ෂතාවලට වඩා සාපේකෂව ඉදිරියෙන් තිබුණා.

ලක් කොදෙව්ව ඇතුළේ දැන් කාලෙ තරම් දියුණු නැති ගළ් අඟුරු කෝච්චිය දුවන කාලෙ පවා, පරිපාලන ව්‍යුහය කොච්චර නිවැරදි සහ ශික්ෂිත එකක් වුණා ද කියනවා නම්, සුද්දගෙ කාලෙ කොදෙව් වැසියෝ ගෙදර ඔරලෝසුවේ වෙලාව තියාගත්තෙත් කෝච්චිය යන සද්දෙ අහල. ඒ කියන්නේ, සුද්දගෙ කාලේ ගල් අඟුරු කෝච්චිය පවා කිසිදාක වෙලාව වරද්දල ගමන් නොකරන බවට, ඒ කාලෙ කොදෙව් වැසියන්ට විශ්වාසයක් තිබුණා.

ඒ අපේ සීයලා මුත්තලා කිරිකිත්තලා ඒ විදිහට විශ්වාසය තැබවේ, කොලනි-පරිපාලනයේ නිවැරදි කාල කලමණාකරණය යි. පසුකාලීනව ලක් කොදෙව්වන්ට තම කොලනි ආරක්ෂක යන්ත්‍රය තුළ අසීරුවෙන් හරි දියුණු ශික්ෂණයක් හා දක්ෂතා සොයා යන්න සිද්ධ වුණේ, අවුරුදු 30ක වරිග යුද්ධයක් අපි ඉදිරියට ආපු හින්ද. නැත්තං එතකං හමුදාවෙ හිටිය අයට, කරන්න ඒ හැටි තරං දෙයක් තිබුණෙ නැහැ.

ඒ හින්ද ලංකාවෙ, ඉංග්‍රීසි කොලනිවාදීන් සිටි යුගයේ අධ්‍යාපනයෙන්, හමුදා ශික්ෂණයෙන් සහ දේශපාලන ශික්ෂණයෙන් යන අංග තුනහිම නිපුන ස්වදේශිකයෙකුගේ වෘත්තීය භාවිතයක් ඉතිහාසයේ තිබුණේ නම්, ඒ දිහා බලන එක අපි කාටත් වැදගත්. ඒ වගේ චරිතයක් නිහතමානීව තමංගෙ වෘත්තීයමය තීන්දු තීරණ වෙනුවෙන් කැඩපතක් කරගත්තොත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාටත් උදව්වක් ලැබේවි.  


kothalawalaඅගමැති වෙච්ච ජෙනරල් සර් ජෝන් ලයනල් කොතලාවල


සුදු කොලනිවාදීන් ඉවත්ව ගිය සිලොන් එකේ තුන්වෙනි අගමැති වෙච්ච ජෙනරල් සර් ජෝන් ලයනල් කොතලාවල, 1897 අප්‍රේල් 4වෙනිදා මේ ලක් කොදෙව් බිමේ එළිය දුටුවේ, සුදු කොලනි පරිපාලනය මේ කොදෙව්ව හැර යන්න අවුරුදු 51ට කලින්.

ඒ කියන්නේ, තම ජීවත කාලයෙන් වසර 51ක් යනකම් සුදු කොලනිවාදී පරිපාලනය යටත් තිබුණ සිලෝන් එකක ඓන්ද්‍රීයව (Organically) ජීවත් වුණු සිංහල, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා හොඳින් හසුරුවන්නට දන්නා, ඒ නිසා ම කොලනිවාදී ලෝකය ගැන ද හොඳින් දන්නා මිනිසෙක් සර් ජෝන්. මේ “සර්” හෙවත් ශ්‍රීමත් නම්බුනාමය ද කාර්මික විප්ලවානුකූල එංගලන්ත පරිපාලනයෙන් ඔහුට ලැබුණ එකක්.

රටේ පලවෙනි ඩොමීනියන් ස්වදේශිය අගමැති  ඩී.එස් සේනානයකගෙන් පසුව ඩඩ්ලි සේනානායක අගමැතිකම බාරගත්ත ද, 1953නේදි සමස්ත සිලෝන් එකේ ඩොමීනියන් ආණ්ඩුවට විරුද්ධව ආපු ජන-නැගිටීමක් වූ හර්තාල අර්බුධයේ බලපෑමෙන් සිත කැළඹුනු, මටසිලිටි හැඟීම් හා ආවේග පිරි සංවේදී මිනිසෙකු වූ අගමැති ඩඩ්ලිගේ සෞඛ්‍යය ද අයහපත් අතට හැරී, ඩඩ්ලි 1953නේ ඔක්තෝබර් 16වනදා තම අගමැති පදවියෙන් ඉල්ලා අස්වී, පොදුජන දේශපාලනය තාවකාලිකව හැරගිය නිසා, යූඑන්පිය ඒ වෙනුවට අගමැති පුටුවට ගෙනාවේ කොලනිවාදී මිලිටරි සහ දේශපාලන කියන ශික්ෂණය දෙකෙන් ම නිපුන හිත හයිය සර් ජෝන්. සර් ජෝන් ලංකාවේ අගමැති කෙනෙක් බවට පත් වෙච්ච පළමුවැනි ස්වදේශික මිලිටරි පෞර්ෂය යි.



1953දි කොදවේ ජනයා ප්‍රචන්ඩවීම හින්ද, සර් ජෝන්ව අගමැති කරපු යූඇන්පිය ම, 2010 ජනරල් සරත්ට ජනපතිකමට ඉල්ලන්න නිල අවසරය දුන්නේ, මැදමුලනය යුධ ජයග්‍රහණයෙන් ඩෝප් වෙලා ප්‍රචණ්ඩව හිටුප හින්ද යි.



එහෙම යහපත් අරමුණකින් දේශපාලනයට ආපු ජෙනරල් සරත්, යූඇන්පියෙන් කැඩුණු සමගි-වරිග-පූට්ටුවේ ලගින්න ගියේ, කුමන නම් සමාජ-විද්‍යාවකට අනුවද කියල හිතල බලන්න කොදෙව්වනි!

බලන්න, 1956දි මහජන එක්සත් වරිග පෙරමුණ විසින්, යූඇන්පිය ආසන 08කට බැස්සුව. ඒ වගේ ම, ඊට අවුරුදු හැටගාණකට පස්සේ, මෙදාපාර මැදමුලනයේ ශ්‍රී ලංකා පොදුජන වරිග පෙරමුණ සහ කෙහෙල්වත්තේ සමගි වරිග ජන බලවේගය දෙක ම එකතුවෙලා යූඇන්පිය ඊටත් වඩා පොඩි ම ආසන ගාණකට බැස්සුව.

ඉතිං වරිගවාදය ඇවිස්සුණු වටපිටාවක යූඇන්පියට 1957 වෙනකං පාලන බලයේ ඉන්න පුළුවන්කම තිබිලත්, ඊට කලින් 1956දී ම ආන්ඩුව විසුරුවා නවමු මැතිවයරණයක් කැඳවන සර් ජෝන්ගේ යූඇන්පිය අන්ත පරාජයකට පත්වන්නේ සිංහල ඔන්ලි වරිගවාදයෙන් මුසපත් වූ නව වරිගවාදී සහ ජාතිවාදී ප්‍රවනතාව නිසා.

සරත් ෆොන්සේකා වැනි නව-නූතන සර් ජොන් කෙනෙක් වෙන්න පෙරුම්පිරිය යුතු ගණයේ දෙකට නොනැනවෙන සහ අවංක පෞර්ෂයක්, 2019දී, යූඇන්පිය ඇතුළේ ආයෙමත් හොල්මන් කරපු ගම හදා රට හදන්න යන වරිග පරම්පරාවේ මැක්බතියානු අවතාරය වැහිච්ච තාත්තගේ අවසන් පුත්‍ර පුරුක වන, යුධ-විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නේ නැති, ආර්ථික විද්‍යාවේ මූලික ගෝලීය නියාම ධර්මවලට පරස්පරව විදෙස් මාධ්‍යවලට අතේ පැලෙන වැල්බයිල කියන, යූඇන්පියේ ආත්මගරුත්වට කෙලවා වරිග බලවේගයක් හදාගෙන කඩන් ගිය, බුදු දහමට අදාළ නැති, බුදු දහම ප්‍රැක්ටිස් කරන්නේත් නැති සහ බුදු දහම බඩගෝස්තරවාදයට පාවිච්චි කරන සිවුරුධාරීන්ගේ පඩික්කං වන්දනාවේ ද යන, නව වරිගවාදයකින් මුසපත් වූ සජිත්ගේ ගුබ්බෑයම තෝරගන්නා තත්වයකට වැටුණේ කුමන නම් ඓතිහාසික අරුමයකින් ද? ...  

බන්ඩාරනායකගේ වරිග අවතාරයින් දැන් සජිත්-ඝෝඨා වැනි බොල් වීරයින් බලයට පත් කරමින් සැබෑ වීරයින්ට එයාලගේ පිළිකන්නේ ඉන්නට සලස්වන දිෂ්ටි මුදාහරිනවාද අප්පා මේ? ...      
                 
ශ්‍රී ලංකාව සිලෝන් එකක් කාලේ, ඒ කියන්නේ, 1956 තෙක් තිබූ ඩොමීනියන් පරිලන ව්‍යුහය 1956දී අතුගා මළගමට යවන්නට කලින් කාලයේ, ලංකාවේ වතුහිමි සහ අකාරහිමි පුවලකට ඉපදී, කුඩා කළ ම තාත්ත මිය යාම නිසා අසීරු ළමාවියක් ගත කරපු මිනිසෙක් වුණාට, සර්. ජෝන්ට ඉපදුන දා පටන් වසර 51ක් යනකම් ජීවත් වෙන්න වුණේ කාර්මික විප්ලවානුකූල කොලෝනියල් පරිපාලනයක් යටතේ නිසා ඔහු ශිස්ෂණය වෙමින් ඉහළට ගියා.

ඒ පරිපාලනය යටතේ එයා මුල් අධ්‍යාපනය හැදෑරුවේ, සිලොන් එකට එංගලන්තකයො දුන්නු රෝයල් කොලේජ් එකේ. පස්සෙ 1915හේ පළවෙනි මාරක ලෝක යුද්දෙ පවතින කාලෙ ම එංගලන්තයට යන සර් ජෝන්, කාෂි-විද්‍යාව හදාරන්න කේම්බ්‍රිජ් ක්‍රයිස්ට් කොලේජ් එකට ඇතුළ් වෙනව.

නැවත සිලෝන් එකට ඇවිත්, 1922දි ඉංග්‍රීසි කොලනි පරිපාලනය යටතේ තිබුණු සිලෝන් ආරක්ෂක බලකායට ස්වේච්චා නිලධාරියෙක් විදිහට බැඳෙන සර්.ජෝන්, ඒ වසරේ සැප්තැම්බර් වෙනකොට ම සෙකන්ඩ් ලෙෆ්ටිනන් කෙනෙක් වෙනව.

දේශපාලනය පැත්තෙන් 1931දි සුද්දන්ගේ රාජ්‍ය ලංකා සභාවට තේරී පත්වී, සිලෝන් එකේ දෙවෙනි ඇමති මණ්ඩලයේ සන්නිවේදන ඇමති විදිහට වැඩකරනව. ආයෙමත් 1942දි ලංකා පාබල හමුදාවේ කර්නල් පදවියට පත්වෙනව.

1945දී කොලොනිවාදී පරිපාලනය යටතේ ප්‍රවාහන ඇමතිවරයා විදිහට කැබිනට් එකට ද එකතු වෙනව. 1956 වරිග උණුසුම ඉදිරියේ අගමැතිකමින් නික්ම ගියාට පස්සේ 1960 මැතිවරණයට ආයෙ එන්නෙත් නැහැ. තමංගෙ තත්වෙ තියාගෙන කඳවල වලව්වටවෙලා ඉන්නව. කවදාවත් අදාළ නැති දේශපාලන තිප්පොලවල් වල ලගින්න ගියේ නැහැ.

ඔය වැරැද්ද නිවැරදි කරගන්න වෙනව ජනරල් සරත්.

විසංකාරය දන්න ජෙනරල් සරත් ෆොන්සේකා කියන්නේ, හමුදා නිළදාරියෙක් විදිහට හයි ප්‍රොෆයිල් එකක් තියෙන නම්බුකාර මිනිසෙක්. එල්ටීටීඊ  බෝම්බ පහරින් රෝහල්ගතව ඉන්න සිදුවුණත්, සුවවෙලා ඇවිත් නැවත යුද්දෙට ගිය විට රටේ හමුදා නිළධාරියකු විදිහට තමන්ට කුමන ආකාරයේ දෙස් විදෙස් තර්ජන ආවත් නොසැලී යුද්ධය අහවර කළ, යුද්දයෙන් පසුව නිලයෙන් පරිවාරයට දමද්දී ඒ ගැන ලොකුවට රට පුරා හා හූ ගාන්නට නොගොස් රට ම මහින්දට විරුද්ධව කටක් අරින්න බය කාලෙක ජනපතිකමට ඉල්ලන්නට පවා ඉදිරිපත් වූ, ජනාධිපතිවරණය ගැන චන්ද කොමසාරිස් පවා දෙකට දෙවාලේ කතා කියද්දී, මැතිවරණ කාලේ වෙච්ච දූෂණ ක්‍රියා එළිපිට මාධ්‍ය හමුවේ කියාපෑ, දේශද්‍රෝහියෙකු ලෙස අත්අඩංගුවට ගෙන හිරගත කළත්, හිරෙන් එළියට එන සුළු මොහොතකදී පවා මාධ්‍යට තමන් විශ්වාස කරන ඇත්ත නොභියව ප්‍රකාශ කළ, අවුරුදු දෙකක් හිරබත්කාල ආවට පස්සෙත්, මාධ්‍ය අමතා, “ශ්‍රී ලංකාව කරායැයි කියන යුධ අපරාධයක් තියෙනව නම්, ඒ සම්බන්ධයෙන් කරන ඕනෑම ජාත්‍යන්තර නිරීක්ෂණයක් සමඟ සහයෝගයෙන් කටයුතු කළයුතුයි” කියල සෘජුව කියාපෑ, බය නැති මිනිසුන් අතර මිනිසෙක්.

ඔයා එහෙම කියනකොට, කොබ්බෑකඩුවගේ මියයාම සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලූ ලලිනි කොබ්බෑකඩුවගේ හඬ ලක් කොදවේ වැසියන්ගේ හදවතේ යලි පිරිමි හඬකින් දෝංකාර දුන්නා වගේ. ඒ සංදර්භයේ දී, ලලනි කොබ්බෑකඩුවයි, ජනරල් සරතුයි රටේ බිහිවිය යුතු නිවැරදි සාමයක් උදෙසා වන සමාන පද දෙකක් මිස විරුද්ධ පද නොවේ.

ඉතිං එහෙම තියෙද්දි, මේ ලුම්පන් මැක්බත් පරපුරේ වරිග සටන් පෙරමුණකට ගියේ ඇයි ජනෙරල් සරත්?

ඔයාම ජනතාවට කියන්න!


ආයෙත් ලබන සතියෙත් හම්බවෙනකං

මීට ලෙංගතු,
රටට පාර කපන

 

 

 Leader Whats app

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්