1200 x 80 DMirror

 
 

('රහස් කියන කඳු' නැරඹීමෙන් ලත් ප්‍රහර්ෂය නිසා ලියවුණ සටහනක්.- අරුණ ප්‍රේමරත්න)


සිංහල චිත්‍රපටයක් නැරඹීමෙන් පස්සෙ ප්‍රහර්ෂයක් දැනුණෙ බොහොම කාලෙකට පස්සෙ. අවසාන වතාවට එවැන්නක් දැනුණෙ බුඩීගෙ 'මිල්ලෙ සොයා' චිත්‍රපටයෙන්. 'මචං' ඒ ප්‍රහර්ෂය ලබා දුන්නට ඒක ලාංකික චිත්‍රපටයක් නෙමෙයි.

රහස් කියන කඳු නැරඹීමෙන් පස්සෙ පූර්ණිමා කිව්වෙ එකේ  තිබ්බ දේවල් තාර්කික නෑ කියලා. සම්මත ආඛ්‍යාන රීතියෙ චිත්‍රපට නරඹලා පුරුදු කෙනෙකුට එහෙම හිතෙන එක සාධාරණයි.

අනිත් පැත්තෙන් ජගත් තමන්ගෙ චිත්‍රපටයෙන් නිරූපණය කරන විදිහෙ කාල සමයක ඇය ජීවත් වෙලා නෑ. සිනමා ශාලාවෙ ඉඳන් සාදය පැවැත්වුණු තැනට යනකල් මමත් බිරිඳත් ඇයට අප නව යොවුන් වියේ දී පසු කරපු ඒ කාල පරිච්ඡේදය ගැන විස්තර කළා. අන්තිමේ දී පූර්ණිමා තේරුම් ගත්තා ඒ යුගය මුල මැද සහ අග සහිත තාර්කික කතාන්දරයකින් නිරූපණය කරන්න බෑ කියලා.


ජගත් තමුන්ගෙ ප්‍රකාශනය උදෙසා පාවිච්චි කරන්නෙ දෘෂ්ටාන්ත එළඹුමක්. ඒක අපට නුහුරු දෙයක් නෙමෙයි. මිනිස්සු අතීතයේ ඉඳන් ලෝකය තේරුම් ගන්න දෘෂ්ටාන්ත පාවිච්චි කළා. ජනකතාවල ඉඳන් බයිබලය, ජාතක පොත ආදී වූ ආගමික ආඛ්‍යානවල මේ දෘෂ්ටාන්ත කතා ශෛලිය පාවිච්චි වෙනවා. බර්ටලෝට් බ්‍රෙෂ්ට් තමයි මේක නූතන යුගයට ගෙනත් තමුන්ගෙ දේශපාලන අදහස් ප්‍රකාශ කරන්න ප්‍රබල ආකාරයකින් යොදා ගත්තෙ.


ජගත්ගෙ ප්‍රකාශනයෙ මම දකින සුවිශේෂතම ලක්ෂණය තමයි භාවාතිෂය නොවන අකාරයෙන් සිදුවීම් දාමය දිග හැරීම. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයාට මේ සිදුවීම් දෙස දුර ඉඳන් නිරීක්ෂණය කරන්න අවස්ථාවක් උදා වෙනවා. දුර ඉඳන් බලනකොට තමයි සැබෑව සැබෑ විදිහට පේන්න ගන්නෙ. බුදු හාමුදුරුවොත් කිව්වෙ කන්දක් උඩට ගිහින් බලන්න කියලා.

මේ අඛ්‍යාන රීතිය ලංකාවෙ සිනමාව තුළ මුලින්ම භාවිතයට ගත්තෙ ධර්මසේන පතිරාජ. පතිරාජගෙ දුර රූප භාවිතාව ජගත්ගෙ චිත්‍රපටය ඇතුළෙ මම දැක්කා. හැබැයි සමහරු වගේ විලාසිතාවක් විදිහට නෙමෙයි. ඒකයි සුවිශේෂතාව. ඔහු මේ දුර රූපය භාවිතා කරන්නෙ ප්‍රේක්ෂකයා අවස්ථාවෙන්, චරිතවලින් දුරස් කරන්න. කන්ද උඩ ඉඳන් බලාගෙන ඉන්න අපට අවස්ථාව සළසල දෙන්න.

බොහෝ ලාංකීය සිනමාකරුවන් වගේ ජගත් නවකතාවක්, කෙටි කතාවක් හෝ ටෙලි නාට්‍යයක් චිත්‍රපටයට නගන්නෙ නෑ. ඔහු අපට ඉදිරිපත් කරන්නෙ චිත්‍රපටයක්. සිනමාත්මක ආඛ්‍යානයක්. මේක ආස්වාදනීය වෙන්න එකත් මට බලපෑවා.

ලංකාව වගේ රටක් ඇතුළෙ සිනමාව තමුන්ගේ ආත්ම ප්‍රකාශනය විදිහට තෝර ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ජගත් මේ චිත්‍රපටය වෙනුවෙන් කරපු කැප කිරීම, වින්ද දුක් වේදනා, මුණ ගැහුණු බාදක ගැන මම දන්නවා. එක තනිකරම දුෂ්කරක්‍රියාවක්. (මං මගේ ආත්ම ප්‍රකාශනය විදිහට නවකතාව තෝර ගත්තෙ මට මේ දුෂ්කරක්‍රියාවේ යෙදෙන්න බැරි හින්දා) කොහොම හරි අන්තිමට ජගත් අපට ඉතා විශිෂ්ට සිනමාත්මක අත්දැකීමක් තිළිණ කරනවා.

'රහස් කියන කඳු' ගැන තනි වැකියකින් කියනවා නම් 'මේක තනිකරම චිත්‍රපටයක්.'

68265002 2894372097244664 3949825656828723200 nඅරුණ ප්‍රේමරත්න
(Aruna Premarathne ගේ ෆේස්බුක් පිටුවෙන්..)




wh 4

රහස් කියන කඳු” විසිතුරු ආත්ම ප්‍රකාශනයක් -චින්තන ධර්මදාස


මට ෆිල්ම්වල ප්‍රෙස් ෂෝ වගේ ඒවට කතා කරනවට මං එච්චර කැමති නෑ. ඒ වෙන මොකක්වත් හින්ද නෙමෙයි. ෆිල්ම් එක බලලා ඇඟට දැනෙන දේ අමුවෙන් ලියන්න බැරිවෙන හින්ද. සාමාන්‍යයෙන් ප්‍රෙස් ෂෝ එකක් තියන්නෙ ෆිල්ම් එක එන්න සෑහෙන කාලෙකට කලින්. ඒක පොඩි ටීසර් වර්ගයේ වැඩක්.

එතකොට ෆිල්ම් එක බලලා සම්පූර්ණ විචාරයම ලියන්න ගියොත් ෆිල්ම් එක බලන්න ඉන්න එකාටයි කරපු එකාටයි දෙන්නටම සිද්ද වෙන්නෙ අසාධාරණයක්. මට ෆිල්ම් එකක් බැලුවම පහුවෙනිදා සියල්ල ලියන්න ඕන වෙනවා. නැත්තං තද කරගෙන දත්මිටි කාගෙන ඉන්න වෙනවා. මං කැමතියි මට ෆිල්ම් එකෙන් කරපු දේ ඒ කම්පනයත් එක්කම ෂෙයාර් කරගන්න. ඒක ආතල්.

හැබැයි ජගාගේ ෆිල්ම් එක බලන්න චාන්ස් එකක් දියන් කිය කිය මං හම්බුවෙන හැමවෙලාවෙම ජගාට කරදර කළා. ‘කෝ තාම ඉවර නෑ ?’ කිය කිය අහන වදෙන් ඌට බේරෙන්න බැරිම තැන මට ඊයෙ ෂෝ එකට වරෙං කිව්වා.

මං ජගාගේ ෆිල්ම් පරිකල්පනයට මාර කැමතියි. ඌ ස්ක්‍රිප්ට් ඩිවලොප් කරන තැන්වල මං ඉඳලා තියෙනවා. ඒ කතා මං අහලා තියෙනවා. ලංකාවෙ වෙන කිසිම එකෙක් ළඟ නැති වයලන්ස් එකක් ජගා ෆිල්ම්වලට ගේනවා. ඒක ප‍ට්ට රහක්. ඌට විතරක්ම තියෙන එකක්. මුඩුක්කුවල ටකරං වහලවල් දිගේ චේසින් සීන් කියද්දි ‘අම්මෝ බජට් වැඩියි’ කියල මං කන් වහගන්නවා.


ජගාගේ වෝටර් ලිලී කියන ෂෝර්ට් ෆිල්ම් එක සෑහෙන කාලෙකට කලින් කරපු මට තාමත් රූප රාමුවෙන් රාමුවට මතක වැඩක්. ජගා රහස් කියන කඳු වෙනකල් ඩිවලොප් කරන්නෙ ඒ කෙටි චිත්‍රපටයෙ ප්ලොට් එක. මේ වැඩේ එක්ක ඌ මාර කාලයක් ගත කළා. බජට් නැති හින්දම වැඩේ කරන්න සෑහෙන ක්‍රියේටිව් වෙන්න වුනා. මං හිතන්නෙ රහස් කියන කඳු තමයි ජගාගේ මාස්ටර්පීස් එක. ඒක ඒ තරම්ම අවංක නිර්මාණයක්. හරිම විසිතුරු ආත්ම ප්‍රකාශනයක්.


ජගාගේ ලෝකෙ සම්පූර්ණයෙන්ම ෆිල්ම් එකේ තියෙනවා. කැරැල්ලට ඇති අනුරාගය, දේශපාලන කියවීම, යාළුකම, පිරිමිකම, විනෝදය හැමදෙයක්ම ජගාට දැනෙන විදිහ ෆිල්ම් එකේ පේනවා. තමන්ගේ ජීවිතය විශ්වයක් විදිහට තිරයක් උඩ දිගේලි කරන එක තමයි සිනමාව කියන්නෙ.

මං කැමතිම මූ අති ප්‍රචන්ඩත්වයත් එක්ක හාස්‍යය ගේන විදිහ. මිනිමරද්දිත් බඩ පැලෙන්න හිනා යන තරම්. ඒක මනුවර්ණයානු සිනමාත්මකබව විදිහට දවසක සිනමා පඩියෝ කියවාවි (නලින්ගේ බාසාවෙන්).

රංගනය කියන්නෙ කොහොමත් ජගාගේ විෂය. ෆිල්ම් එකේ අතිප්‍රබල තැන එතන. නළුවො ටික දෙනවා දුවන්න. සමහර සංකීර්ණ සීන් බිල්ඩ් අප් කරලා තියෙන විදිහ විස්මිතයි.

ලංකාවෙ ඉන්නවා අර මලයාලම් ෆිල්ම් බලලා ‘ඇයි ලංකාවෙ මේ වගේ ෆිල්ම් හැදෙන්නෙ නැත්තෙ?’ කියල අහන සෙට් එකක්. ඒ අය  අනිවාර්යෙන්ම ගිහින් මේක බලන්න ඕන. දෙතුන් පාර බලලා, අනිත් උන්වත් යවලා, ආපහු ඒවගේ වැඩක් කරන්න හදපු එකාව ගොඩදාන්න ඕන. අන්න එතකො‍ට ‘ඒ වගේ’ ෆිල්ම් මෙහෙත් දිගටම හැදෙයි.

‘උඹ නං කැමති ජාතියෙ එකක් නෙමෙයි නේද ?’

එලියට ආවම ජගා මගෙන් ඇහුවා. මාව අන්දබූත වුනා.

‘නෑ බං මේක මං කැමති ජාතියෙ එකක් නෙමෙයි, මං පට්ට ලව් ජාතියෙ එකක්’

chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
අධ්‍යක්ෂ - Faculty of Sex
 
 wh 9


'රහස් ගැන දැන ගන්න අපි ජගා එක්ක පෙළ ගැහෙමු' - Sanjaya Epa Senevirathna



ඈපා මගේ ෆිල්ම් එකේ එඩිටින් අන්තිම හරිය. දවසක බලමුද?

-අඩේ බලමු බලමු බලමු-

ඒ ආරාධනයෙන් ටික දවසකට පසුව මාව එක්කං ගියේ සංඛ මල්වත්තගෙ සංස්කරණ මැදිරියට. Sankha Malwaththa

-උඹ බලපං මං පැය දෙකකින් එනවා.-

සංඛය ආවා. මචං මෙන්න ෆයිල් එක තියෙන ෆෝල්ඩරේ. මියුසික්, කලර්ග්‍රේඩ් තවම ඉවර නැහැ. උඹේ වැඩේට මේක බැලුවම ඇතිවෙයි. එඩිටින් ටේබල් ඉස්සරහ මාව වාඩි කරා.

-මං පොඩ්ඩක් එළියට යනව. කැමතිනං ප්ලේන්ටියක් හදා ගනිං. සිගරට් කීපයක් ඇති එහා පැත්තෙ-

-හරි බං මා ගාවත් තිබුණ කීපයක්-

-හරි මං ගියා එහෙනං-

-එළ. ජයවේවා-


ලයිට් ඕෆ්


මං ඒ ෆිල්ම් එක ප්ලේ කරා. දැං බලාගෙන ඉන්නව මං ෆිල්ම් එක. ටික වෙලාවක් යද්දි මොකක්දෝ අමුතු ෆීල් එකක්. ඇත්තටම ඒක මොකක්දෝ ඈත අතීත අඳුරකට ගෙන ගිය භීතියක් වෙළා ගනිමින් පැවතුණා.

ෆිල්ම් එක නවත්තල සිගරට් එකක් බීල, වතුර එකකුත් බිව්වා.

ආයෙ බලන්න ගත්තා. එන්න එන්නම ආතතිය වැඩිවෙන්න ගත්ත. ආයෙත් නවත්තල සිගරට් එකක් බීල, වතුර එකකුත් බිව්වා. ඒ පැය දෙක ගත වෙද්දි සිගරට් හයක් විතර ඉවරයි.

කළුවර කාමරයක, ඒ මොකක්දෝ ත්‍රාස හැඟීමක පැය දෙකක්...

මොකක්ද මුං දෙන්න මට මේ කරේ, එච්චරයි එවෙලෙ හිතේ තිබුණෙ.

මුලිං ආවෙ සංඛය.
-ඉවරද බලල-

-මොන / කුණුහරුප කීපයක් / යකෝ ඒ කරේ.-


ඊට පස්සෙ ආවෙ ෆිල්ම් එකේ අධ්‍යක්ෂ. පැය දෙකෙන් එන්නං කියල ගිය මිනිහ.
-උඹ බලල ඉවරද?-

-මොන / කුණුහරුප කීපයක් / යකෝ ඒ කරේ. (එයාටත් ඒ ටිකම කිව්ව)-

උන් දෙන්නගෙම ප්‍රතිචාරය නොලියමි.

-මේ මට බොන්න ඕනෙ දැන්නං-

-උඹට පිස්සුද අද පෝය-

-රෙද්ද ඇයි යකෝ අදම මේක පෙන්නන්න දා ගත්තෙ-

-හරි යමංකො ගෙදර-

-යන ගමන් උදුල් ප්‍රෙමරත්න ඇමතුව. කාරණේ කිව්ව. Udul Premarathne

-ආ හරි හරි වරෙං වරෙං...-

ඒ වැඩේ හරි.

ගෙදරට යනකං වල්පල් කතා විතරයි. ඌ ෆිල්ම් එක ගැන ඇහුවෙත් නැහැ. මම මුකුත් කියන්න ගියෙත් නැහැ.

ෂොට් එකක් දාගෙන ටික වෙලාවකින්...

-ඈපා උඹ ෆිල්ම් එකේ මේන් ටයිටල් එක හදපං-

ඒ යෝජනා කරේ සිය පළමු සිනමා පටයේ අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ සහෝදරයා. Jagath Manuwarna Kodithuwakku

ඉන් පස්සෙ අපි ෆිල්ම් එක ගැන කතා කරා. ටයියල් කීපයක් සැරින් සරේ හැදුව. විවිධ අදහස් එක්ක ඒව වෙනස් වුණා. ආයෙ හැදුව. ජගා වගේම ප්‍රදීප් චන්ද්‍රසිරි Pradeep Chandrasiri මේ වෙනුවෙන් මාත් එක්ක සෑහෙන අදහස් බෙදා ගත්ත.

අවසානයේ...

රහස් කියන කඳු

ලියැවුණේ මෙහෙම. ඒක ඇත්තටම මං දැං අඳිමින් ඉන්න ෆොන්ට් එකක්. ඒක ඉවර කරන්න නං ටිකක් කල් යයි.

එතකං ඉක්මනින් - රහස් කියන කඳු - අස්සේ ඇති රහස් ගැන දැන ගන්න අපි ජගා එක්ක පෙළ ගැහෙමු.

ෆිල්ම් එකත් එක්ක වැඩ කරපු හැමෝටම ආචාර කරමි.

ජයවේවා මචංලා.


186549863 10159601656136882 6264375587244134824 nසංජය ඈපා සෙනෙවිරත්න
2021.12.15

(Sanjaya Epa Senevirathna ගේ ෆේස්බුක් පිටුවෙන් ..)






wh wwhww

Leader Whats app

 

 
මොණරෙට සීයයි සීයලාට අමාරුයි ! | මොණරවිලගේ ලියමන
 
 
 
රට ගිය බැසිල් ආයේ එන්නෙ අගමැති වෙන්න! | Gossip

 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා