සර් මවෙත එවන සෑම ලිපියක ම පාහේ සඳහන් කර තිබුණේ ‘අවුරුද්දක් ඉවසන්න’ යනුවෙනි. මේ වන විට දෙවන වසරේ ද සමසක් පමණ ඉක්ම ගොස් තිබූ

බැවින් මා සර් වෙත යවන ලිපියක මෙසේ විමසා යැව්වේ ඉවසීමේ සිමාව ඉක්ම ගිය මොහොතක ය.

‘‘සර්... දැන් මේ අවුරුද්දෙනුත් බාගයක් ඉවරයි. සර් මට තවමත් කියන්නෙ තව අවුරුද්දක් ඉවසන්න කියල. සර් එහෙම ලියල දැන් මාස හත අටක් ම වෙනව. මේ අවුරුද්ද අවසානෙදිත් සර් එහෙම ලියයි. එතකොට දන්නෙ ම නැතුව අවුරුදු දෙකක් ගෙවිල. සර් දිගින් දිගට ම ඒ විදියට ලිව්වොත්...?’’

මගේ ඒ පැනයට සර් එවා තිබු‍ණේ අපූරු පිළිතුරකි.

3de83c448242899239b7b40b90e546f5‘‘ඔවු... ඔයා හරි... මගේ ‘අවුරුද්ද’ ඇදෙන අවුරුද්දක්. සමහර විට ඒ අවුරුද්ද කියන්නෙ අවුරුදු දෙකක් වෙන්නත් පුළුවන්; තුනක් වෙන්නත් පුළුවන්; සමහර විට ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. මොකද මම කියන අවුරුද්ද නීර්ණය කරන්න ඕන දින තුන්සිය හැට පහකින් නෙවෙයි. ඒක නීර්ණය කරන්න ඕන ඔයාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක හෝ අසාර්ථක වෙන තත්ත්වය අනුව; ඊටත් වඩා විශේෂත්වය ඔයාගෙ දෙමාපියො ඔයා ගැන ගන්න තීරණය අනුව එළඹෙන තත්ත්වය. අනෙක් පැත්තෙන් මගේ රැකියාව පිළිබඳ මම හෙට දිනයේ ගන්න තීරණය. මේ හැම දෙයක් ම සිද්ධ වෙන්න ඕන මට වුවමනා විදියටවත් ඔයාට වුවමනා විදියටවත් නෙවෙයි. ඔයාගෙ දෙමාපියන්ට, නෑ හිත මිතුරන්ට වගේ ම සමාජයට වුවමනා විදියට. අපි අතරෙ තියෙන බැඳීම අසම්මතයි කියල කාටවත් චෝදනා කරන්න බැහැ. ඒ චෝදනාව එල්ල වෙන්නෙ මම උගන්වන පාසලේ ඔයා ශිෂ්‍යාවක් විදියට ඉන්න තුරු විතරයි. ඒ හැරෙන්න අපිට දොස් පවරන්න හරි අපේ ආදරය සාමාන්‍යකරණයෙන් වියුක්ත කරන්න හරි කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා ඔයා මගේ පාසල් ශිෂ්‍යාවක් කියන සංකල්පය වගේ ම මම ඔයාගෙ ගුරුවරය කියන සංකල්පය ස්වයංක්‍රීයව ම අහෝසි වෙන්න ඕන. ඒකට කාලය වුවමනා වෙනව. ඉතිං ඒ කාලය අපිට ගෙවා දාන්න වෙන්නෙ ‘බාලගිරි අද නොවේ හෙට’ කියන තියරිය එක්ක. ඒ නිසා ඔයා හැඟීම්වලට වහල් වෙන්න එපා. ඔයා එහෙම වුනත් මට එතනට යන්න බැහැ. මොකද ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඒ අනාගතය ආදරය කියන අගාධයට තල්ලු කරන්න සුදානම් වෙන්න එපා. අපිට ජයගන්න බාධක හුඟක් තියෙනව. ඒව ජයගන්න නම් සාම්ප්‍රදායික විදියට ප්‍රශ්නවලට උත්තර හොයල හරියන්නෙ නැහැ. ඒකට ටිකක් නිර්මාණශීලීව හිතන්න වෙනව; වැඩ කරන්න වෙනව.’’

එක දිගට ම කියවගෙන ගියාට සර් ලියල තියෙන දේවල්වල බරපතළකම තේරුම් ගන්න මට බැරි වුණා. ඒත් දෙවෙනි වතාව කියවද්දි සර් ලියපු දෙවල්වල ගැඹුර මට වැටහුණා.

‘ඇත්ත... සර් කියන්නෙ සම්පූර්ණ ඇත්ත. ඇයි අපි ආදරය කරන්න බය වෙන්නෙ... ඒ මං සර්ගෙ ශිෂ්‍යාවක් වගේ ම සර් මගේ ගුරුවරය නිසා. ශිෂ්‍යාවකුයි ගුරුවරයෙකුයි අතරෙ පවතින ආදර සම්බන්දයක් අසම්මත වෙන්න විදියක් නැහැ නෙ...

 

beatrice featured

අනික දෙන්නෙක් අතර ඇතිවෙන ආදරේ සම්මතයි අසම්මතයි කියල ඉරි ගහල වෙන් කරන්න පුළුවන් ද...?’



මං ඒ ටික හිතුව විතරක් නෙවෙයි ඒ ගැන සර්ගෙනුත් අහල යැව්ව. දෙයියනේ...! ඊට පස්සෙ තමයි මං දැනගත්තෙ එහෙම අසම්මතයි කියල නීතියෙන් සම්මත වෙච්ච කරුණු කිහිපයකුත් තියෙනව කියල. ඒ තත්ත්වය වුනත් අපිට කිසිසේත්ම බලපාන්නෙ නැති වුණත් ඒ ගැන සර් හරි අපූරුවට පැහැදිලි කරල තිබුණ.

oaksa‘‘ඔයා මොනවද අහිංසනා ලංකාවෙ තියෙන නීතිය ගැන දන්නෙ...? ලංකාවෙ නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක්. ඒක ඇතුළෙත් ආදරයට... එහෙමත් නැත්නම් ආදරයේ එක් සන්ධිස්ථානයක් වෙන විවාහයට පවා බාධා පනවපු අවස්ථා තියෙනව. විශේෂයෙන් ම ‘තහනම් ඥාති සම්බන්ධතා කියල. ඒක බෙදල තියෙන්නෙ: අම්මා සහ පුතා අතර, තාත්ත සහ දුව අතර, සහෝදරයා සහ සහෝදරිය අතර, අම්මගෙයි තාත්තගෙයි සහෝදර සහෝදරයන්ගෙ දුවල පුතාල අතර, මාමයි ලේලියි අතර, ආච්චියි මුනුබුරයි අතර, සීයයි මිනිබිරියි අතර කියන අය අතර විවහයක් සිද්ධ වෙන්න බැහැ කියල.  

මෙතනදි අහිංසනා අම්මයි පුතයි අතර වගේ ම තාත්තයි දුවයි අතර වගේ ම සහෝදරයෙක් සහ සහෝදරියක් අතර විවාහයක් වෙනව කියන එක නිකං බැලු බැල්මට ම ජුගුප්සා ජනක විත්තිය පේනව නෙ. හැබැයි අපේ රටේ තාත්තලා විසින් දූෂණයට ලක්කරනු ලබපු දූල කොච්චර නම් ඉන්නව ද... අනිත් පැත්තෙන් බලන්නකො අපේ ඉතිහාසයේ ම සඳහන් වෙනව සුප්පා දේවියගෙයි සිංහයගෙයි දුවයි පුතයි වුණ සිංහබාහුයි සිංහසිවලියි අඹු සැමියන් විදියට ජිවත් වුණා කියල. ඊට පස්සෙ ඒ දෙන්නගෙම දරුවෙක් වුණ විජයට දාව කුවේණි බිහි කරපු දරුවො දෙන්න... ඒ කියන්නෙ ජීවහත්තයි දිසාලයි අඹු-සැමියන් විදියට ජිවත් වුණා කියල; ලංකාවෙ ආදිවාසි පරපුර බිහිවෙන්නෙ මේ දෙන්නගෙන් කියල. ඔයා ඔය කතා දන්නව. නමුත් මං මේ ලියන්නෙ අපේ රටේ කසාද වගේ ම දික්කසාද නීතිය ගැන ටිකක් දැනගන්න. හැබැයි අපි දෙන්නගෙ ආදරේ ඔය අසම්මතයි කියන මොනම හරි නිර්ණායකයකට සම්බන්ධ නැහැ. ඒ නිසා මං කලිං කියපු විදියට අපි ඉවසීමෙන් වැඩ කරමු. ඔයා දැන් දවල් රෑ තිස්සෙ මේ ගැන හිතන්නෙ නැතුව ඉගෙනුම් කටයුතු ටික කරන්න. අනිත් එක අහිංසනා අපි දෙන්න අතරෙ සිද්ධවෙන මේ ලියුම් ගනුදෙනුව වුනත් කරන්න ඕන පරිස්මෙන්. මොනම හරි හේතුවක් නිසා අපි අතරෙ තියෙන පාලම දුලීක කියල ඔයාගෙ අම්ම දැනගත්තොත් එයා ලොකු අමාරුවක වැටෙනවා. එහෙම වුනොත් ඔයාලගෙ අම්ම එයාට ඔයාලගෙ ගෙදරට එන්නවත් දෙන එකක් නැහැ. ඒ වගේ ම දුලීකගෙ දෙමවුපියො එයා මගේ ටියුෂන් ක්ලාස් එකෙන් අස්කරගනීවි. ඒ වගේ ම ඔයා හැම වෙලාවෙම මගෙන් ෆෝන් අංකය ඉල්ලල එවන්න එපා. ඒක හරිම අනුවණ වැඩක් ඒකය් මං ඒක ඔයාට නොදෙන්නෙ.’’  

ඔන්න ඔය විදියට තමයි සර් කටයුතු කරේ. ඒ හැම දෙයක් ම ඇත්ත කියල මට තේරුම් ගන්න පුළුවන් වුනත් හිත කිව්වෙ ම ඒකෙ අනිත් පැත්ත. ඒ කියන්නෙ පුළුවන් තරම් ඉක්මනට සර් ගාවට යන්න කියල. ඒත් ඒක මට තනියම කරන්න පුළුවන් ද...?

**********

වජ්ජා'වජ්ජ 10: දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. - ජයසිරි අලවත්ත  ලියයිඅපි දෙන්නට අපි දෙන්න ආදරය කරද්දි, ඒ ආදරයට අපි ජීවත් වෙන සමාජෙ විරුද්ධ වෙද්දි අපි පහු කරගෙන කාලය ඉක්මනට ම ගෙවිල ගියා. ඊළඟට උදා වුණේ වේදනාකාරී ම ම කාල පරිච්ඡේදය; අසීරු ම කාල පරිච්ඡේදය.

අපේ උසස් පෙළ විභාගෙ ඉවර වෙන කාල සීමාව දක්වා ම මට අයෝද්‍ය සර් දැක ගන්න ලැබුණෙ ඉතාම කලාතුරකින්. ඒත් අපිට වචනයක්වත් කතා කරන්නවත් අවස්ථාවක් උදා වු‍ණේ නැහැ. මං හිතුවෙ විභාගෙ අවසාන දවසෙවත් සර් අපේ පංතියෙ ළමයි එක්ක කතා කරන්න ඒවි කියල. අන්තිම මොහොතෙ ඒ බලාපොරොත්තුවත් නෙළුම් පතට වැටුණු දිය බිඳක් වගේ අතුරුදන් වුණා. ඊටත් වඩා දරුණුම වේදනාවක් අත්කර දුන්නෙ වෙන කාරණයක්. ඒ කාරණය දැනගත්තෙ විභාගෙන් පස්සෙ සර් එවපු අවසාන ලිපියෙන්. සම්පූර්ණ ලිපිය ම නැතත් ඒකෙ වැදගත් ම සහ තීරණාත්මක ම සන්ධිස්ථානය සටහන් කරල තිබුණෙ මේ විදියට.

‘‘මගේ මේ තීරණය ගැන ඔයා අහිතක් හිතන්න එපා. මේක තමයි අපිට අපේ ම වෙන්න කරන්න පුළුවන් හොඳ ම දේ. ඒ නිසයි මං මේ තීරණය ගත්තෙ. මගේ අම්මයි තාත්තයි නම් මේකට කොහෙත්ම කැමති වෙන එකක් නෑ. නමුත් මට මේ තීරණය ගන්න ම වෙනව.’’

මම ලිපිය කියවන එක ටිකක් නවත්තල කල්පනා කරා.

‘ඒ කියන්නෙ සර් තීරණයක් අරගෙන... එහෙනං මට ඉක්මනට ම මගේ අයෝද්‍ය ළඟට යන්න පුළුවං. ඔවු... අම්මයි තාත්තයි විරුද්ධ උනත් මාව සර් එක්ක යනව; ඒක මට ෂුවර්.’

එහෙම හිතපු මම ආයෙත් ලිපිය කියවන්න පටන්ගත්ත.

‘‘මේ තීරණයට මගේ දෙමවුපියො විතරක් නෙවෙයි අහිංසනා ඔයත් විරුද්ධ වෙන්න පුළුවන්’’

අන්න එතනදි මගේ හදවතේ තිරිංග තද වුණා වගේ මට දැනුණ. එතනින් එහාට ලියුම කියවනව ද නැද්ද කියල ටිකක් වෙලා කල්පනා කරා...

‘කමක් නෑ... සර් නරක තීරණයක් ගන්නැහැ කියල මට විස්වාසයි’ කියල හිතපු මම ආයෙත් ලියුම එක්ක සම්බන්ධ වුණා.

‘‘අහිංසනා... මම මේ රස්සාව ඒ කියන්නෙ ස්කෝල රස්සාව කරන්නෙ මේ අවුරුද්ද ඉවර වෙනකං විතරයි. තවත් සරලව ම කියනව නං ඔයාලගෙ රිසල්ට් එනකන් විතරයි.’’

එතනින් එහාට නම් මට ඒ ලියුම කියවගන්න ම බැරි වුණා. මං... මං... ඉක්මනට ම දුලීකට කෝල් කරා.

‘‘ඉතිං... තව මොනවද කියල තියෙන්නෙ...’’

මං විස්තරේ කිව්ව ම දුලීක ඇහුවෙ හරිම සාමාන්‍ය විදියට. ඒ වෙලාවෙ මට දුලීක එක්කත් කේන්ති ආව.

‘‘තව මොනවද කියල තියෙන්නෙ කියල අහන්නෙ...?’’

මං එහෙම ඇහුවට පස්සෙත් දුලීක ආයෙත් සැහැල්ලු ස්වරයෙන් ම ඇහුව.

‘‘මෝඩියෙ... මට හිතෙන්නෙ උඹ තවම ලියුම කියවල ඉවර නෑ. උඹ ඔය කතා කරන්නෙ උඹ ලියුම කියවලා නතර කරපු තැනට එද්දි උඹට දැනුණ විදියට. එහෙම නෙවෙයි... උඹ දිගට ම ලියුම කියවපං... ඔවු අවසාන වෙනකං කියවපං. ඊට පස්සෙ වුවමනා වුනොත් විතරක් මට කතා කරපං.’’

 

661967 detail6 max

එහෙම කියපු දුලීක මටත් නොකිය ම ෆෝන් එක ඕෆ් කරා. මං ආයෙත් සර්ගෙ ලියුම කියවන්න ගත්ත. ඒත් ලියුම අතට ගත්තු වෙලාවෙ ඉඳල මගේ අත් දෙක වෙව්ලනව, ඇස් දෙක බොඳ වෙලො වගේ දැනුණ. පස්සෙ... පස්සෙ මං ලියුම මේසෙ උඩ තියල ලියුම දෙපැත්තෙන් මගේ අත් දෙක මේසෙට තියලල තද කරගෙන, ඇස් දෙක හොඳට ඇරල බැලුව... ඔවු... ඇස් දෙක හොඳට ඇරල බැලුව විතරක් නෙවෙයි සර්ගෙ ලියුමෙ ඉතිරි ටිකත් කියෙව්ව.

‘‘ඊට පස්සෙ මං ස්කෝල රස්සාවෙන් අයින් වෙලා ටියුෂන් විතරක් කරනව. එතකොට මං නිදහස්.’’

මමත් නොදැනුවත්ව ම මගේ ඇස් දෙක පියවුණා. ඊටපස්සෙ මං දැක්කෙ... ඔවු... මං දැක්කෙ... එක්කො ඒ කතා ඕන නෑ. මං ආයෙත් ලියුම කියවන්න ගත්ත.

‘‘හැබැයි ඔයා හිතන්න එපා ඔයා නිදහස් කියල. අනිවාර්යයෙන් ඔයාලගෙ අම්ම ඔයාගෙ නිදහස තවත් සීමා කරනව. ඔයා කැම්පස් සිලෙක්ට් වුනත් නැතත් මං ස්කෝලෙන් අස් වුණා කියල දැනගත්ත ගමන් ඔයාලගෙ අම්ම මෙච්චර කල් කරාට වඩා දරුණු කුමන්ත්‍රණ කරන්න ගන්නව. කලබල වෙන්න එපා... ඒ අම්මලගෙ හැටි. ඊට පස්සෙ එන විදියකට මුහුණ දෙන්න හිත හදාගන්න.’’

සර් ලියුම අවසන් කරල තිබුණ. එතනින් එහාට කරන්නෙ මොනවද හරි වෙන්නෙ මොනවද හරි කියන ප්‍රශ්නෙට උත්තරයක් මා සතුව තිබුණෙ නැහැ. මම අන්ත අසරණ වෙලා නේද කියල මට හිතුණ. හැබැයි මට එක සතුටක් තිබුණ. ඒ, සර් කවදාවත් මාව තනි කරන එකක් නෑ කියන සිතුවිල්ල මගේ හදවත පුරවල තිබුණ.

**********

තවත් සිවු මසක් විතරක් නෙවෙයි වසරක් ම ගෙවිල ගියා. ඒ කියන්නෙ නව වසරක් උදා වුණා. හැබැයි මගේ ජීවිතයට උදාවුණේ අවාසනාවන්ත කාලයක්.

රිසාල්ට් ආව. මට කැම්පස් යන්න හොඳට ම සුදුසුකම් තිබුණ. ඒත්...

‘‘නෑ නෑ... ඔයා කැම්පස් නොගියට කමක් නෑ. අපි ඔයාට Foreign University එකක් හොයල දෙන්නං... ඔයා යන්න ලේස්තිවෙන්න.’’

රිසාල්ට් ඇවිල්ල ගෙවුණෙ දවස් දෙකයි... තාත්ත මගේ පැත්තට කතා කරත් අම්ම දැඩි තීරණයක හිටිය. ඇත්තට ම අම්ම මට ආදරේ වගේ ම තාත්තටත් ආදරෙයි. ඒ වුනාට එයා ගෙදර පාලනය කරන්න උත්සාහ කරන්නෙත් ස්කොලෙ පාලනය කරනව වගේ. තාත්ත හරිම ඉවසිලිවන්තයි. ඒ නිසා ම අම්ම ගන්න සමහර තීරණවලට එයා විරුද්ධ වෙන්නෙ නෑ. ඒ එයාගෙ විධිය.

‘‘ඉතිං දුවට මෙහේ කැම්පස් එහෙකට යන්න හොඳට ම පුළුවංකම තියෙද්දි ඇයි පිටරටකට යවන්න හදන්නෙ... අනික එහෙම යවනව නං ඒකට දූගෙ කැමැත්ත ඕන නෙ...’’

මාව Foreign University එකකට යවනව කියල යෝජනා කරපු මොහොතෙ ම තාත්ත කිව්වෙ එහෙම. ඒත්...

Protestors Morrison Bridge Portland OR copy R 1

‘‘මෙහේ කැම්පස්... හහ්... හොඳට තියෙයි. අනික ආර්ට්ස් කරන්න... කැම්පස් එකට ගිහින් මාස තුනකට පස්සෙ ඉගෙනගන්න එක කොහොම වෙතත් රට හදන්න කියල පෙළපාලි යන්නයි, උද්ඝේෂණය කරන්නයි, සත්‍යග්‍රහ කරන්නයි, උපවාස කරන්නයි, පා ගමන් යන්නයි පටන්ගත්ත ම ඔයාටයි මටයි තියා සක්කරයටවත් මෙයාල නවත්තන්න බෑ. මං දන්නව නෙ දොණියැන්දගෙ තරම. ඒ හිංද නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන තරම් වැවෙන්න ඕන නෑ. මං හොඳ University එකක් බලන්නං. ඔයත් හෙට ඉඳල ම ඒ ගැන උනන්දු වෙන්න.’’

අම්මා සියල්ල තීරණය කර අවසන් ය. තාත්තා නිහඬ ය. මගේ ඉරණම සිරවී ඇත්තේ මවගේ ග්‍රහණයේ ය.

‘බැ බෑ... ඒකට ඉඩ දෙන්න බෑ. අම්ම මේ හදන්නෙ මමයි සර්වයි ඈත් කරවන්න. සර් දැන් රස්සාවෙනුත් අස්වෙලා ටියුෂන් කරන නිසා අම්ම අනිවාර්යයෙන් දන්නව අපේ සම්බන්දෙ දිගටම තියේවි කියල. ඇත්තට ම ඇයි මෙයාල අපිට විරුද්ධ වෙන්නෙ...? සර් කිව්ව වගේ දැන් අපේ ගුරු ශිෂ්‍ය සම්බන්දෙත් ඉවරයි නෙ...’

මට එහෙම හිතෙද්දි ම මතක් වුණේ සර් එවපු ලියුමක ලියල තිබුණ අදහසක්.

‘‘හැම අම්ම කෙනෙක් ම, තාත්ත කෙනෙක් ම කැමති තමන්ගෙ දරුවො සැප විඳිනව බලන්න. හබැයි එයාල හිතන්නෙ ‘සැප’ කියන්නෙ භෞතික සැපයි සතුටයි විතරයි කියල. භෞතික සතුට වෙනයි. මානසික සතුට වෙනයි. සමහර අය හිතනව ඇති සල්ලි, ඉඩ-කඩම්, යාන-වාහන කියන්නෙ සතුට කියල. ඒත් අහිංසනා ලෝකෙට පේන්න එහෙම ජීවත්වෙන ගෑනුන්ගෙයි පිරිමින්ගෙයි ජීවිත ඇතුළට එබිල බැලුවොත් ඒක එහෙම නෙවෙයි කියල හොඳට ම තේරේවි. දැන් ඔයා කියාවි ‘ඉතිං දැං සර් ටියුෂන් කරන නිසා සල්ලි හම්බ කරන්න පුළුවන් නෙ... එතකොට මගේ අම්මයි තාත්තයි කැමති කරව ගන්න පුළුවන් නෙ...’ කියල. නෑ අහිංසනා... ඊළඟට තව ප්‍රශ්නයක් එනව. ඒ, මායි ඔයයි අතර තියෙන වයස් පරතරය. අපි අතරෙ වයස් පරතරය අවුරුදු දාහතරක්. ඔයාට වඩා අවුරුදු දාහතරක් වැඩිමල් පිරිමියෙකුට ඔයාව බන්දල දෙන්න ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්න ම කැමති වෙන්නෙ නෑ. එයාල මගේ ප්‍රොෆයිල් එක දැනටත් බලල ඇති.’’

 

‘ඔවු... ඒක එහෙම වෙන්න පුළුවන්... මට මතකයි දවසක් දුලීක කිව්ව ‘උඹලගෙ අම්ම හරියට කපටි දේශපාළුවෙක් වගේ. එයා වමතින් කරන දේ දකුණු අත දන්නෙ නෑ. දකුණු අතින් කරන දේ වමත දන්නෙනෑ. ඒ නිසා පරිස්සමින් වැඩ කරපන්’ කියල. දැන් මේ වෙන්න යන්නෙත් එහෙම දෙයක්.’

 

මගේ මස්තිෂ්කය පුරා දැවීමක් හටගෙන තිබිණ. එය මට දැනුණේ තුවාලයක් මතට තිනර් ද්‍රාවණය හැලුවා බඳු වේදනාවකි. හදවතේ වේගය ද උත්සන්න වී තිබිණ. පිහිටක් පැතිය හැක්කේ එක ම එක පුද්ගලයෙකුගෙන් පමණි. මගේ අයෝද්‍ය සර් වෙනුවෙන්, සර්ගෙත් මගෙත් ආදරය වෙනුවෙන් ඒ පිහිට යැදිය යුතු ම ය... වෙනත් කිසිවකුට ඇමතිමට ද නොහැකි ය. මන්ද මා පාසල් ගොස් අවසන් වු පසු මගේ පසුගෙවුම් දුරකතනයේ සියලු තොරතුරු අදාළ ජංගම දරකතන ආයතනයෙන් ගෙන්වා ගැනීමට අම්මා කටයුතු යොදා තිබුණා ය. එහෙත් මා දැන් අමතන්නට යන පුද්ගලයා සමග කෙතරම් කතාබහ කළ ද  මවගේ මෙන් ම පියාගේ ද විරෝධයක් නොතිබිණ. මම කඩිනමින් ඒ අංක මත මගේ වෙව්ලන ඇඟිලි තුඩු ගමන් කෙරෙව්වේ ජීවිතයේ අවදානම් සහිත තිරණයක් ගැනීමේ එකායන අරමුණෙනි.

ඉවර නෑ...

 

අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/08/05  


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් 

 


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා