වසන්ත මොරගොඩගේ නවතම වේදිකා අධ්‍යක්ෂණය වන "රජෙකු නැති කතාවක්" (A tale of an absent king) හි පළමු වේදිකා ආගමනය මැයි 7 වැනිදා සිදු

කිරීමට නියමිත ය.

ඒ, එදින සවස 6.30ට බොරැල්ල පුංචි තියෙටර් හිදී ය.

මෙරට පැවතියා වූත්, පවතින්නා වූත් දේශපාලනික තත්වය සංඛේතාත්මක ස්වරූපයෙන්, සෞන්දර්යාත්මකව වේදිකාව මත දිග හරින මෙම දේශපාලන ප්‍රහසනයට රවින්ද්‍ර යසස්, අජිත් ලොකුගේ, හෂිනිකා කරල්ලියද්ද, මෙරිල් සුසන්ත, සමන්ති ආටිගල සහ තිසල් මොරගොඩ සිය රංගන දායකත්වය සපයයි.

"රජෙකු නැති කතාවක්" හි වේෂ නිරූපණය සහ පසුතල සැකසුම් ජගත් පද්මසිරි, වේදිකා පරිපාලනය නිශ්ශංක ගුණසුමන සහ සංගීත අධ්‍යක්ෂණය ජානක ෆොන්සේකා විසිනි.

 

 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

Leader Whats app